Sunday, June 15, 2014

ශක්‍රයාට නෙත් දාහක් ලැබුනේ කොහොමද?.


  බොහොම ඉස්සර කාලයේ ඉන්දියාවේ ලෞකික ධ්යාන බලය ප්රගුණ කරපු ඉසිවරු යෝගී වරු වැඩි ප්රමාණයක් විය.ඉන් බොහෝ දෙනා ගිහි ජීවිතයෙන් ඉවත් වී වනගතව තවුස් දම් රකිමින් දිවි ගෙවමින් ස්වකීය ධ්යාන බලය වැඩි දියුණු කර ගනිමින් ජීවත් වූහ.තවත් අය විවාහ වී අඹු දරුවන් සමගින් ජීවත් විය..ගෞතීය මුනිවරයා මෙලෙස ලෞකික ධ්යාන බලය උපදවා ස්වකීය අඹුව සමඟ හිමාලය ආශිත වනපෙදෙසක ජීවත් වූ බලසම්පන්න මුනිවරයෙකි.ගෞතීය මුනි වරයාගේ ලෞකික සෘද්ධි බලය මහත් විය.දිව් ලෝක බ්රහ්ම ලෝක වලට සෘද්ධි බලයෙන් ගමන් කිරීමේ හැකියාව ඔහුට විය.

          ගෞතීය මුනිවරයාගේ බිරිද දිව්යාංගනාවක් මෙන් රූමත් විය.රන්වන් පාටින් බැබළුනු ඇයගේ පිරිපුන් ශරීරය දෙස බලාසිටීම පවා මනස්කාන්තය.දිනක් ගෞතිය මුනිවරයා ස්වකීය සෘද්ධි බලයෙන් ඇයව තව්තිසා දෙව්ලොවට ගෙනගියේ එහි සිරි අසිරිය පෙන්වීමටය.මුනිවරයාගේ බිරිදගේ රූ සපුව දුටු දෙවිවරුන් හා දිව්යාංගනාවන් පුදුමයට පත්විය.සදෙව් ලොවට අධිපති ශක් දේවන්ද්රයාද ඇගේ රූපය දැක වික්ෂිප්ත විය.දිව් රජාට ඇය දුටු විට පහත් ආශාවක් ඇති විය.මනුස්ස ලොව අසරණයන්ගේ විපතකදී පඩුපුල් අසුන රත්වී දිව් නෙත් හෙලා ඔවුන්ට පිහිට වන උතුම් සක් දෙව් රජුටද ගෞතිය මුනිවරයාගේ රූමත් බිරිඳ දැක අනුරාගයේ සප් දළ වැදුනි.ඇගේ සිරුරේ පහස ලැබීමේ ඉමහත් ආශාවෙන් සක් දෙවිගේ සිත පීඩා විය.

      ගෞතිය මුනිගේ බිරිද නැවත මනුස්ස ලොවට ගියත් සක් දෙවි සිතුවේ ඇය ගැනමය.අවසානයේ උපක්රමශීලීව ඇයගේ පහස ලැබීමට සක්දෙවු උපායක් යෙදවීය.සක් දෙවි සමඟ ඉතා සමීප පුද්ගලයන් සිටියේ දෙදෙනෙකි. මාතලී හා චන්ද් දිව් පුත්රයන් දෙදෙනායි.මාතලී සාධාරණ ගුණගරුක දෙවියකු නිසා ඔහුගේ සහය තමාට මෙතනදී නොලැබිය හැකි බව දත් ශක්රයා චන්ද් දිව් රාජයාගේ සහය ලබා ගැනීමට සිතුවේය.සක්දෙව් වහාම චන්ද්රට පණිවුඩයක් යැවුයේ තමාව ඉක්මනින්ම රහසිගතව හමු වන ලෙසය. අනුව චන්ද් දෙවියාද සක්දෙව් හමුවට පැමිණියේය.

  "ශක් දෙවියනේ මාව මේ හදිසියේ රහසිගතව කැදවූයේ මන්ද?"

  " චන්ද්, මා ඔබව කැදවූයේ ඉතා රහසිගත වැඩකටය.එය සදෙව් ලොවට අධිපති මා හට නුසුදුසු වුවත් මා සිත බොහෝ පීඩා කරවන්නකි.මේ ලඟදී ගෞතීය මුනිවරයා සමඟ දෙව් ලොව සිරි නැරඹීමට පැමිනි ඔහුගේ රූමත් බිරිද දුටු මා හට ඇය කෙරෙහි සිත් විය.ඇගේ රූපය දෙව්ලොව දිව්යාංගනාවන්ගේ රූපය පරදවයි.ඇයගේ සිරුරේ පහස ලැබෙන තුරු මාගේ චිත්ත පීඩාව මඟ නොහැරෙනු ඇත. පතිවත රකින්නියක් වීමත් ඇගේ ස්වාමියා වන ගෞතීය මුනි බලවත් සෘද්ධි ලාභියෙකු වීම  හා මා සියල්ලන් ගරු බුහුමන් කරන බලවත් දෙවි කෙනෙකු බැවින් එය කළ යුත්තේ ඉතා රහසිගතව ඇයව උපක්රමශී්රලීව රැවටීමෙන් පමනකි.ඔබ මා හට ඉතා හිතවත් නිසා මෙය ඔබට පමනක් පවසමි. මෙම රහස් කටයුත්තට ඔබගේ උදවු මා බලාපොරොත්තු වෙමි."

  "බලවත් ශක් දේවන්ද්රයානෙනි.ඔබගේ සිතුවිල්ල දෙවියන් වන අප පිළිකුල් කළත් ඔබට ඇති මාගේ හිතවත් කම නිසාම අකැමැත්තෙන් වුවත් මෙම කටයුත්තට ඔබ වහන්සේට උදවු කිරීමට පොරොන්දු වෙමි.එසේම එහි රහස් තත්ත්වය සුරකින බවටද පොරොන්දු වෙමි."

  "හිතවත් චන්ද් දිව් පුත්රයෙනි,ඔබ තුල මාකෙරෙහි ඇති හිතවත්කම මා සිත ප්රබෝධමත් කලේය.එසේනම් පමා නොකොට උපක්රමය ක්රියාත්මක කරමු.මා විසින් ගෞතීය මුනිවරයාගේ දින චර්්යාව අධ්යනය කළෙමි.හේ සෑම දිනකම කුකුළා හඩලන විට අවදිවී ගඟට ගොස් ස්නානය කොට හිරු නැගෙන තෙක් භාවනායෝගීව සිටී.අප ප්රයෝජනයට ගත යුත්තේ එම වේලාවයි.ඔබ කුක්කුට වෙස් ගෙන මධ්යම රාත්රියේ හඩළා ඔහුව අවදි කර ගඟට යවන්න ඉන්පසු නැවත හිරු නැගෙන තුරුම ඔහු නොපැමිනේ.එම දිගු කාලය තුළ මා ගෞතීය මුනි වෙස් ගෙන එහි ගොස් සිත්සේ ඇය සමඟ රති සුව විදින්නම්.මා අන් අයට විපතේදී පිහිට වුවත් ඇය කෙරෙහිවූ රාග සිත මෙම අකටයුත්තට මා පොළඹවයි"

 "හොදමයි ශක් දේවයිනි.මෙහි ඉතා බරපතළ වැරදි තත්ත්වයක් ඇතත් ඔබගේ සිත් සතුටු කිරීමට මා පොරොන්දු වී ඇත.ඔබ කිවූ පරිදි මා කටයුතු කරන්නම්."

 ශ්රක් හා චන්ද් දෙවියන් කතා කරගත් පරිදි පසුදා මධ්යම රාත්රියේ චන්ද් කුකුළා වෙස් ගෙන ගෞතීය මුනි අසපුව අසළ සිට හඩලෑය.වෙනසක් නොතේරුණු මුනිවරයා අවදී වී ස්නානය කිරීමට ගඟ දෙසට ගියේය.කාම මදයෙන් මත්ව සිටි ශක්රයා වහා ගෞතීය මුනි වේශය ගෙන මුනිවරයාගේ බිරිද අසලට ගියේය.මුනිවරයා ලෙස පෙනී සිටින්නේ ශක්රයා බව නොදත් ස්ත්රිය මුනිගේ වෙසින් සිටින ශ්රක්රයා සමඟ කතා කරන්නට විය..

 "ඇයි ස්වාමීනි, ඔබ මේ දැන් ස්නානය සදහා බැහැරට ගියා නොවේද? පයින්ම නැවත පැමිනියේ මන්ද?"

  "අද ටිකක් එළියේ ශීත ගතිය වැඩියි.මාගේ සිරුරට අධික ශීතලක් දැනුනා.එනිසාම ස්නානය ප්රමාද කර ශරීරය උනුසුම් කර ගැනීමට සිතා නැවත කුටියට පැමිණියෙමි."

  තමා දෙස කෑදර ලෙස බලමින් ශක්රයා පැවසූ වදනේ ඇති අයහපත් චේතනාව ගැන ඇයට නොවැටහිනි.තම ස්වාමි පුරුෂයාගේ සිරුර උනුසුම් කිරීමේ ඇරයුම ඉටු කිරීමට ඇය සූදානම් විය.

  ශක්රයා ගෞතීය මුනි වෙස් ගෙන ඔහුගේ කුටියට ඇතුල් නව විට ගඟ අසළ ස්නානය කිරීමට සූදානම්වූ ගෞතිය මුනිවරයා වෙනදා මෙන් අහස දෙස බැලූ විට තාරකා පිහිටීම අනුව තමාට වෙලාව වැරදී ඇති බව වහා අවබෝධ විය.තවමත් මධ්යම රාත්රිය බව වටහා ගත් ඔහු නැවත කුටිය දෙසට ගමන් කළේය.

  ගෞතිය මුනි වරයා නැවත කුටියට ඇතුල් වූයේ ශක්රයා ස්ත්රිය අසලට ලංවන විටම වාගේය.ඇයගේ සිරුරට අත තැබීමටවත් ශක්රයාට නොහැකි විය.තමාට වැඩේ වැරදුනු බව දැනගත් ශක්රයා බළල් වෙසක් ගෙන වහා ඇද යටට පැන්නේය.

  සිදුවූ දෙයින් ස්ත්රිය වික්ෂිප්ත වුවත් ගෞතීය මුනිවරයාට කාරණය වැටහිනි.අනුන්ගේ කම් සැපයට ලොල්වූ ශක්රයාට හොද පාඩමක් ඉගැන්වීමට සිතු මුනිවරයා සිරුර පුරාම ස්ත්රී යෝනි දහසක් මතුවන බලවත් ශාපයක් ශක්රයාට කළේය.එතනින් පලා යාමට සමත් වුවත් සිරුර පුරා මැවුනු ස්ත්රී යෝනි දහසේ සාපයෙන් මිදීමට සක් දෙව්ට නොහැකි විය.සිරුර පුරා ස්ත්රී යෝනි මැවීම නිසා දේව සභාවට යාමට පවා නොහැකිව ශක්රයා එළියට වත් නොබැස සැගවී සිටියේය.

         වාර කිහිපයකදීම දේව සභාවට ශක්රයාගේ නොපැනීම ගැන සොයා බැලූ ඊශ්වර දෙවිදුන්ට චන්ද් දෙවියා මඟින් සියළු විස්තර දැනගත හැකි විය.දේව සභාව රැස්වීමට ශක්රයාගේ සහභාගිත්වය අත්යාවශ් නිසා ඊශ්වර දෙවියන් ගෞතීය මුනිවරයා හමුවී ශක්රයාට දුන් දඩුවමෙහි ලිහිල් කිරීමක් කරන ලෙස ඉල්ලීය.ඊශ්වර දෙවිදුන්ගේ ඉල්ලීම සලකා බලා ස්ත්රී යෝනී දහස වෙනුවට නෙත් දහසක් ලෙස ශක්රයාගේ දඩුවම ලිහිල් විය.

උපුටා ගැනීමකි.....

No comments:

Post a Comment