Showing posts with label විශ්මිත. Show all posts
Showing posts with label විශ්මිත. Show all posts

Tuesday, September 6, 2016

හිරු එළිය නොවැටෙන ස්ත්‍රීපුර කන්ද මාලිගාවේ සිටිය සීතාට කුෂ්ඨ රෝගයක් හැදෙයි

ලංකා ඉතිහාසයේ සියල්ලටම නටබුන්, නෂ්ඨාවශේෂ නැත. බොහෝ දේ ඉතිහාස කතා ඔස්සේ ඇතුළට කිඳා බැස සෙවිය යුතුය. මේ රාවණ කතාව වනාහි එවැනි ඉතිහාස කතාවක් ඔස්සේ දිවෙන්නකි.
රජ සමයට අයත් පැරණි පුස්කොළ පොතින් මතුකොට නව පර්යේෂණ ඔස්සේ මෙය ඉදිරියට ගලයි. විජයගේ ඉතිහාසය පිළිගත් කීප දෙනකුට මෙය රිදුම් කෑ කතාවක් වුණත්, එතැනින් එහා ඉතිහාසය පිළිගන්නා නැණවතුන් මෙය ජාතික කාර්යභාරයක් කොටගත් බව පෙනේ. අවුරුදු 7,500 කට එහා ඉතිහාසයක් ලිවීමේදී ගැටලූ නැත්තේ නොවේ. මහාවංශයේ ලංකා රාජාවලිය විජයගෙන් ඇරඹෙන්නකි. මහාවංශය අවශ්‍ය කෙනකුට අරන් බලා කියවන්නට මාර්ග තිබේ. එහෙත් එතැනින් එහා ඉතිහාසය කෙසේ කියවන්නද?

මේ ගමන පල්ලේගම හරහා ගොස් මැද මහනුවරට මෙපිට බිම් කඩකින් යහන්ගල සොයා යෑමටයි. යහන්ගල රාවණා ඉතිහාසය පිළිබඳ කදිම භූගෝලීය සාක්ෂියක්. හෙළ ඉතිහාසයේ සංධිස්ථානයක්. අතරමඟදී හමු වූ පුද්ගලයන් දිගින් දිගටම විමසා සිටියේ සීතා දේවියගේ ආභරණ නිධානය සොයා යනවා දැයි කියා. කෙසේ වෙතත් දිවයිනේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබූ අනෝරා වර්ෂාව යහන්ගල තරණය කිරීමට තහංචි පනවා තිබුණා.
එකම විකල්පය නැවැත ගල උඩ පැල කරා ගොස් හෙළ ඉතිහාසය රඳාපවත්නා මුඛ පරම්පරාවට පිවිසීම. ඇමැතුමක් දුන් සැණින් රණමුරේගෙදර ගල උඩ දේශකයා ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළා. අපගේ මාතෘකාව වර්ෂාව සමඟ ඇදී ගියේ නාය යෑම යන ස්වාභාවික ව්‍යසනය කරා. අප සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනයා වර්ෂාව සමඟ පැමිණෙන බාලගිරි දෝෂය වැනි නාය යෑම්වලට දක්වන්නේ අප්‍රමාණ බියක්.

ඇයි නාය යෑම්වලින් මාතලේ දිස්ත්‍රික්කය මෙතරම් බැට කන්නේ ?

භූවිසමතා සිතියම් අධ්‍යයනය මඟින් යම් පිළිතුරක් මේ සඳහා ලබාදිය හැකි වුවද අප කතානායක තෙමේ ඒ සඳහා පිළිතුරු සොයන්නේ හෙළ ඉතිහාසයෙන් නිසා කිසිවක් නොපවසා අසා සිටින්නන් බවට පත්වීමට අපි කැමැත්තක් දැක්වූවා.

රාවණා උත්තමයා යක්ඛ ගෝත්‍රයට අයිති කෙනෙක්. යක්ඛ ගෝත්‍රිකයෙක්. ඒ අයගේ මුල් වාසස්ථාන ඉදිකළේ කඳු වළලුවල ඉහළම ස්ථානවල. තාරකා ශාස්ත්‍රය එහෙම නැත්නම් තමන්ට ජයගන්න කිසිදාක බැරිවේ යැයි සිතපු ස්වාභාවික පරිසරය ජයගන්න තමයි ඒ අය විමාන නිපදෙව්වේ. නමුත් විමාන කියන සංකල්පය ප්‍රායෝගිකව ඒ තරම් ප්‍රයෝජනවත් දෙයක් වුණේ නැහැ. ඒක හරියට පාන් ගෙඩියක් ගේන්න හන්දියේ කඩේට යන්න කාර් එකක් පාවිච්චි කරනවා වගේ වැඩක්. ඒ හින්දා ඒ අය ස්වාභාවික පරිසරයට හානි නොකර දියුණු ප්‍රවාහන පද්ධතියක් මේ පොළොවේ පිහිටෙව්වා. ඒ තමයි උමං ප්‍රවාහනය. රාවණා රජු දවසේ ගොඩබිම් ප්‍රවාහන මාධ්‍ය වුණේ උමං. විමාන කලින් දවසක කිව්ව වගේ ප්‍රයෝජනයට ගත්තේ 'බිමන්'වලට. බිමන් කියන්නේ අහස ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදා ගන්නවා කියන එක. එතැනදි 'ගමන්'වලදී වැඩි ප්‍රයෝජන ගත්තේ උමං මාර්ග පද්ධතියෙන්. කෙනෙක් අහයි කෝ දැන් ඒ උමං කියල.

හෙළ ඉතිහාසය කියනවා නුවරඑළියේ තලගල (ලංකාවේ උසම කන්ද) කන්දේ ඉඳල නුවරඑළියේම කිකිළියමාන කන්දටත්, එතැන ඉඳල උෟව පරණගම ඒ කියන්නේ වැලිමඩ හරියේ ස්ත්‍රීපුර කන්ද දක්වාත් උමං මාර්ගයක් තිබිල තියෙනවා. මේ උමං මාර්ගය සීතා දේවිය එක්ක සබැඳි කතාවක්. ඉතිහාසය කියන විදියට ස්ත්‍රීපුර කන්ද කියන්නේ රාවණාගේ අන්ත--පුරය. ඒ කතා අපිට පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වුණත් ස්ත්‍රීපුර කන්දේ ඉඳල කුෂ්ඨ රෝගයක් හැදුණා සීතාට. හිරුඑළිය අවැසි නිසා නුවරඑළියේ හග්ගලට ගෙනාවේ ඒ උමං මාර්ගයෙන් කියල කියනවා. එතන උපකල්පන දෙකක් තියනවා. ස්ත්‍රීපුර කන්ද සීමාවේ රාවණාගේ ගිරි නිවෙස ඉරඑළිය නොවැටෙන තැනක්. සාමාන්‍යයෙන් ඉර එළිය නොවැටුණාම සමේ ආසාත්මිකතා ඇති වෙනවා. දෙක උෟව පරණගම ඉඳල සීතා නුවරඑළියට අරගෙන ආපු උමං මාර්ගය. අද තියෙන භූවිසමතාව එක්ක වුණත් වැලිමඩ ඉඳල නුවරඑළියට එන එක අසීරු කටයුත්තක්.

ස්ත්‍රීපුර කන්දේ ඉඳල මහියංගණය හරහා ලග්ගලට තව උමං මාර්ගයක් තිබිල තියෙනවා. ඒ උමඟේ අශ්ව රථ පවා ධාවනය වුණා කියල කියනවා. අපි සිතියමක් අධ්‍යයනය කරල උමං මාර්ගය වැටී තිබෙන්නට ඇති කියන භූමිය නිරීක්‍ෂණය කළත් මහියංගණයේ ඉඳල රත්තොට හරහා ලග්ගලට ඒ උමං මාර්ගය වැටී තිබුණා කියන එක පිළිබඳ උපකල්පනයකට ඒම සාමාන්‍යයෙන් නිවැරැදියි. පස්සේ කාලෙක උමං මාර්ග ජල මාර්ග නැත්නම් ජල දුර්ග වුණා. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධ උමං මාර්ග ජල මාර්ග වුණාට පස්සේ මේ පොළොවේ මූලික සැකැස්ම විනාශ වුණා. ඒ විනාශයේ තරම පොළොව මතුපිටට නාවේ යක්ඛ රැහේ අය දක්‍ෂ ගල් වඩුවෝ නිසා. ඒ කියන්නේ කළුගල් පුළුන් ගොඩක් කරන්න පුළුවන් තාක්‍ෂණික දැනුම ඒ අය ගාව තිබුණා. පූර්ව මෙගලිතික යුගයේදී ඒ වගේ තාක්‍ෂණයක් කියන්නේ විස්මයක්. උමං ගොඩක් නිර්මාණය වුණේ මහ කළු ගල් හාරාගෙන ගිහින්. ඒකයි අදට වුණත් උමං පද්ධතිය ජල පද්ධතියක් වුණ තරමටම හානිය පොළොව මතු පිටට එන්නෙ නැත්තේ. හැබැයි දැක්ක හොඳ හොඳ වැහි දෙක තුනක් වහිද්දි උමං පද්ධතියේ හතර කොන යා වෙලා තිබ්බ මාතලේ දිස්ත්‍රික්කයට වුණ දේ. මාතලේ දිස්ත්‍රික්කයට උමංවල හතර කොන යාවෙලා තියෙනවා කියල මම විශ්වාස කරන්නේ ඒකට ඇස් පනාපිටම තියෙන සාක්‍ෂිය වන සීගිරිය නිසා. ඇඹිල්ල විහාරයේ ඉඳල සීගිරියට තිබුණ උමං මාර්ගය දැනට අවුරුදු 25 කට විතර කලින් මතු වුණා. ඒ ආරංචියට මමත් ඒක බලන්න ගියා. මහවැලිය කඩිනම් නොකළා නම් අපට මේ උමං පද්ධතිය එකපාරම වතුරට භාර දෙන්න නොතිබුණා. මොකද වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ වගේ මහ ජලාශවල වතුර එකපාර මේ උමං පද්ධතිය විනාශ කළේ මහවැලි ව්‍යාපාරය කඩිනම් වුණ හින්දා.

උමං පද්ධතියත් එක්ක අවියෝජනීයව තිබුණ අනිත් කාරණය තමයි දියුණු නගර නිර්මාණය. යක්‍ෂ ගෝත්‍රිකයන් දියුණු නගර නිර්මාණය කළා. සීගිරිය තමයි ඒකට තියෙන හොඳම උදාහරණය. මේ නගර ඒ කාලයේ හැඳින්වුණේ ගිරි දිවයින් කියලා. ඒ කියන්නේ පර්වතයක් නැත්නම් කන්දක් උඩ නිර්මාණය වුණ නගරය කියන එක. එතන බලන්න. එතන අදහස් දෙකක් තියෙනවා. උමං පද්ධතිය සහ ගුවන් පද්ධතිය එක විදියට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ගිරි නගරයකදී විතරයි.

බුද්ධ වර්ෂවල ඉඳලා ඉතිහාසය අපි පටන් ගත්තොත් යක්ෂ-නාග ගෝත්‍රිකයන්ගේ සිවිල් යුද්ධයේ සාම පහසුකම් සපයන්නා විදියට ක්‍රියා කළ බුදුන් වහන්සේ යක්ඛ ගෝත්‍රිකයෝ ඉල්ලා හිටපු සුබ්බ දක්ඛන දිසානාගය යක්ඛ රැහැට ලබා දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ වෙද්දි ලංකාවේ භූ විසමතාව කොයි විදියට තිබුණද කියලා අදහසක් මට නැහැ. ඒ වුණත් ඒ සාම විසඳුමෙන් යක්ඛ රැහේට ලැබුණ ගිරි දිවයින ගැන සඳහනක් තිබෙනවා.

"රම්මෙ තදා රත්නදීප වරම්හි ලංකා ලෝකාභිධාන-හරණ්ඩක යක්ඛදාසෙ

ඕදුම්බරෙ සුමන කූටක-තණ්ඩුලේ‍යා

සෙලෙසු මාරගිරි මිස්සක රිට්ඨ නාමෙ"

"යෙඤ්ඤෙපි සන්ති ගිරයො වන රාමණේ‍යා

ගඕගානදී ගරිගුහා සිකතා තලාච

තත්ථා වසන්ති රහසා වරුනා තිරුද්දා

පාණාතාපත නිරතා සඨකූට යක්ඛා"

මේ පාලි භාෂාවේ සිංහල තේරුමට අනුව ලග්ගල, ලොග්ගල, හිරිකඩ, යක්දෙස්සාගල, සිබුලාගල, ශ්‍රී පාදය, කුරගල, මාරගිරිය, මිහන්තලේ, රිටිගල කියන ස්ථානවල මේ ගිරි දිවයින් තිබී තිබෙනවා.

දැන් අපි ඉන්න ලග්ගල ගැන තමයි මේ කියවෙන්නේ. ගිරි ලංකා පබ්බත කියන්නේ ලග්ගලට. ඇත්ත වශයෙන්ම යක්ඛ ගෝත්‍රිකයන්ගේ අගනගරය තමයි ලග්ගල. ඓතිහාසිකව පුරාවිද්‍යාත්මක සාධක ඒ අගනගරය ගැන නැහැ. ඒ වුණත් මේ රිවස්ටන් කඳු පන්තියට ඒ කඳු පන්තියේ පිහිටීමම ඒ අගනගරයට සාක්ෂියක් කියලයි මම විශ්වාස කරන්නේ.

ලොග්ගල කියන්නේ පස්සර ඉඳලා මහවැලි ගඟ ගලා බහින ලොග්ගල් ඔයේ ජල පෝෂක ප්‍රදේශයට. ලොකගල්ල කියලත් මේ ප්‍රදේශයේ තියෙන කඳු පන්තිවලට කියනවා. කෙහොමත් කඳු පන්තියක එක් කන්දක් ගිරි දිවයිනක් විදියට දිගටම පැවැතුණා.

හිරිකඩ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල කඳු පන්තිය. අඩි දහසට වඩා උස කඳු පන්ති 2ක් මේ ප්‍රදේශයේ තියෙනවා. යක්දෙස්සාගලට ඒ කාලේ කිව්වේ 'යක්ඛදුන් ගිර' කියල.

මෙතැනදී ලග්ගලට වඩා වැදගත් වන තැන තමයි ධුමරක්ඛ පබ්බතය. ඒ කියන්නේ දිඹුලාගලට. දුම්බර පබ්බත කියලත් දිඹුලාගලට කියනවා. දිඹුලාගල ගලේ උස අඩි 1753ක්. මම කලින් කිව්ව විදියට රාමායණයේ සඳහන් වෙන 'සුමාලි' රකුන් රජුගේ පුත්‍ර ධුමරාක්ෂගේ ගිරි දිවයින තමයි දිඹුලාගල කියන්නේ.

සුමාලි රජු තමයි රාවණ රජුගේ සීයා. ධූමරාක්ෂ රාවණ රජුගේ මාමා. රාවණ රජු ඉන්දියාවේ දේව වංසිකයෝ එක්ක සටනට එළැඹියාට පස්සේ සුමාලි මහ රජුයි, බුමරාක්ෂයි දෙන්නම ඒ සටන්වලට සහභාගි වෙලා තියෙනවා. ධූමරක්ෂ තමන්ගේ බෑනා වූ රාවණ මහ රජුට පක්ෂපාතී කෙනෙක්. අවසන් යුද්ධයේදී එක් සේනාංකයක් භාර සෙනෙවියෙක් විදියට 'ධූමරාක්ෂ' සටන මෙහෙයවල තියෙනව. අවසන් සටනේදී මුලින්ම මියයන්නේ මේ ධූමරාක්ෂ.

සමන්ත කූට නැත්නම් ශ්‍රී පාදයත් තව එක් ගිරි දිවයිනක්. කඳු පන්තියේ උසම කන්ද තමයි ශ්‍රී පාදය. එහි උස අඩි 7,360ක්. බුදුන් වහන්සේ තම ශ්‍රී පතුල මෙම ස්ථානයේ තබා ගියා කියලා මහාවංසය කිව්වත් මහා වංසයට වඩා සියවස් එකහමාරක් පමණ පැරැණි දීපවංසයේ ඒ විදියේ වාර්තාකරණයක් දක්නට ලැබෙන්නේ නැහැ. වැඩි වශයෙන් ජනප්‍රවාදයේ එන්නේ සමන්තකූටය ගිරි දිවයිනක් විදියට පැවතුණා කියන එක විතරයි. කුරගල පර්වතයත් හෙළ ඉතිහාසය තුළ ගිරි දිවයිනක්. සබරගමු දිස්ත්‍රික්කයේ හරි මැද්දෑවේ තමයි කුරගල පර්වතය තියෙන්නේ. මේ කුරගල පර්වතය පාමුල තමයි කල්තොට වෙල්යාය තියෙන්නේ. මොනරාගල කඳු වැටියේ ප්‍රධාන කන්ද විදියට සඳහන් කළ හැකි මග්ගල නිගේ‍රා්ධමාරගල්ල වීදියත් හෙළ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒකත් ඒ කාලයේ ගිරි දිවයිනක්.

චේතිය පබ්බත විහාර කියලා පාලියෙන් කියවෙන මිහින්තලය අඩි 1014ක් උසයි. සෙස්ගිරි, සෑගිරි කියලත් මිහින්තලයට භාවිත කරනවා. මහින්දාගමනයට පෙර මිහින්තලයත් ගිරි දිවයිනක්.

අරිට්ඨ පබ්බත ඒ කියන්නේ රිටිගල අඩි 1817ක් උස කඳු මුදුනක්. අරිෂ්ට පර්වත කියලා මහා භාරතයේ හැඳින්වෙන්නේ රිටිගලට. සීතා පැහැර ගැනීමට ලක්වූවාට පසු (දේශපාලනික ප්‍රශ්නයක් මුල්කරගෙන) සීතා පිළිබඳ රාමාට වාර්තාවක් ලබා දෙන්න ආපු හනුමා කියන සෙනෙවියා ආපසු ඉන්දියාවට යන ගමනේදී රිටිගලට ගිහින් ඒ හරහා ත්‍රිකුණාමලය නැතිනම් ගෝකර්ණයට ගියා කියලා සඳහන්. ඒ විදියට ගත්තොත් ස්වාභාවික වරායක් ලෙස ත්‍රිකුණාමලය ඒ කාලයේදීත් පාවිච්චි වුණා.

ගිරි දිවයින් යා වුණ උමං මාර්ග පද්ධතිය මුලින්ම අවහිර වුණේ රාම-රාවණ යුද්ධයේදී. භූ දේශපාලනික සටනකදී යුද්ධය මර්මස්ථාන විනාශ කරන එක උපක්‍රමයක්. ඒත් ඇත්ත කතාව රාවණ රජු ඒ උමං මාර්ග ප්‍රසිද්ධ නොකර භාවිත කළ නිසා වැඩි වශයෙන් රැකුණ කියන එක. පහු කාලයේදී තමයි උමං මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන් වැහිල ගියේ.

(පුවත්පතක පළවූ ලිපියක් ඇසුරෙනි)

Friday, April 10, 2015

කෞරාණ මන්ඨක නම් රසදිය මූලික කොටගත් වෛද්‍ය සංකල්පය

දීර්ඝායුෂ විදීමේ කලාව වේද ආයුර්වේදය මගින් ලෝ වාසීන්ට හදුන්වා දුන්නේය. මහා රාවණයන්ගේ සීයා වූ , පරාක්‍රම සමුද්‍රය අසල වූ පුස්කොල පොතක් දෑතින් දරා සිටින ප්‍රතිමාවෙන් නිරූපණය කෙරෙන පුලස්ති ඉසිවරයාණන් මෙම ආයුර්වේදය හදුන්වාදීමේ පුරෝගාමියකු වේ. නමුත් ඛනිජ ද්‍රව්‍ය මේ ආයුර්වේද ක්‍රමවේදයන් සදහා යොදා ගැනුනේ නැත.ඊට හේතුව නම් ඒවා එදා සිටම මිනිස් සිරුරට විෂ වූ බැවිනි. පසුකාලීනව ඛනිජ ද්‍රව්‍ය වලින් විෂ ඉවත් කර ඒවා ආයුර්වේද ක්‍රමවේද සදහා භාවිතා කලේ වෛද්‍ය නැත මුනිවරයා ලෙස නම් ලද මහා රාවණයන්ය.

කෞරාණ මන්ඨක ලෙස ද නම් දැරූ ඔහු රස ශාස්ත්‍රය නම් රසදිය මූලික කොටගත් වෛද්‍ය සංකල්පය ලොවට ගෙනා මහා වෙදදුරුය. රොද නමින් එකල හැදින් වූ රසදිය වේද ග්‍රන්ථ වල සදහන් වන්නේ ශිව දෙවියන්ගේ ශුක්‍රානු ලෙසයි. බැර ලෝහයක් ලෙස එකල්හී සැලකු රසදිය ස්වතන්ත්‍ර ද්‍රව්‍යක් ලෙස ද සැලකීය. පොළවේ ඇති ඛනිජ අතුරෙන් අසීරුවෙන් වෙන් කොටගත් රසදිය මූලික කටයුතු දෙකක් සදා භාවිත විය.

1.ලෙඩ දුක් සුව කිරීමට,
2.රසායනික සංයෝග සෑදීමට,

රසදිය මිශ්‍ර කල නොහැකි වන්නේ යකඩ සමග පමණි. රත්රන් රිදී සහ තබා වැනි ඕනෑම ලෝහයක් සමගම ඉතා ඉක්මනින් රසදිය මිශ්‍ර වීම සිදුවේ.

රසදිය වෙන් කරගැනීමට යොදාගත් සරලම සහ ප්‍රධානම ක්‍රමයක් නම් තීර්යක් පාතන යන්ත්‍රයයි. එය සාදාගන්නා අයුරු පහත දැක්වේ.

ප්‍රමාණ දෙකක භාජන දෙකක් ගෙන එකක් උස වැඩි තැනින් ද අනෙක උස අඩු තැනින්ද තබා උස භාජනයේ සිට පහත භාජනය තෙක් බටයකින් සම්බන්ධ කල යුතුය. එසේ සම්බන්ධ කරන්නේ භාජන දෙකෙහිම කර කොටසට මදක් පහලිනි. පසුව එම භාජන දෙකෙහිම කිසිදු තැනකින් වාෂ්ප පිටට නොයන ලෙස සීල් තබා ගත යුතු වේ. ඊට මැටි වැනි ද්‍රව්‍යක් යොදා ගත හැක. ඉහලින් තැබූ භාජනය සීල් තැබීමට පෙරාතුව එහි පතුලට සාදිලිංගම් කැබලි අතුරා ගත යුතු වේ. පහලින් තැබූ බදුනට ද ජලය කුඩා ප්‍රමාණයක් දමා ගත යුතු වේ. ඉන්පසුව ඉහතින් තැබූ භාජනය හොදින් ගිනි දමා රත් කල යුතු වේ. ඒ අතරම භාජන දෙක සම්බන්ධ වන නලය ජලය තුළින් යවා තැබීම හෝ ඊට ජලය වැටෙන්නට සැලැස්වීම සිදුවිය යුතුය. පහලින් තැබූ භාජනයෙන් කෙටි කාලයකට පසුව සියලු දොස් සමනය වූ රසදිය ලබා ගත හැක.

රසදිය යබු ස්වතන්ත්‍ර ද්‍රව්‍යක් නිසාවෙන්ම ඒවා අපේ පරිසරයේ ගහකොලෙහි පවා අඩංගුවේ. ඉහත දොස් සමනය වූ රසදිය යන්නෙන් අදහස් කෙරෙනුයේ රසදියෙහි පවත්නා දොස දොලසක් ඇත. වන්නි දෝෂයෙන් සන්තාපය ඇතිවීම ද මල දෝෂයෙන් සිහි මූර්ජා වීම ද ස්වභාවික දෝෂයන්ගෙන් මරණය පවා සිදුවීම ද ලෙස එක එක දෝෂයන්ගෙන් අයත් වන්නාවූ ප්‍රතිපලයන් ඇත.

මෙසේ මහත් පරිශ්‍රමයෙන් යුතුව වෙන් කරගනු ලබන දොස් සමනය වූ රසදිය බිදුවක් ඇතුලාන්තය නීල වර්ණයෙන් තිබිය යුතු බවත් සූර්යාලෝකය මෙන් දීප්තිමත් විය යුතු බවත් පරිපූර්ණ ලෙසම තිබිය යුතු බවත් දැක්වේ. එමෙන්ම අනෙකුත් ක්‍රම ඔස්සේ සුව කල නොහැකි නිධන් ගත රෝග පවා මේ රසදිය වෙනත් ද්‍රව්‍ය සමග මුසු කොට නිපදවන රසායනික දියර මගින් සුව කල හැකි බව රාවණයන් ගේ වෙදකමේ තිබූ සුවිශේෂී ලක්ෂණ වේ.

රාවණයන්ට අනුව සාම සියලු ලෝහයක්ම මිනිසාට විෂ සහිත වන අතර ඒවා පවිත්‍ර තත්වයට ගෙන එම තුළින් ඒවා මිනිසාට මනා ලෙස වෙදකම්කිරීම සදහා යොදා ගත හැකි බව පැවසේ. රන් රිදී හා තබා වැනි ලෝහ වර්ග පවිත්‍ර කරගැනීමේදී ඒවා ගිනිගසා රත් පහ වීමෙන් අනතුරුව ගව මුත්‍ර, තල තෙල් , මෝරු හා විනාකිරි ආදියෙහි සත් වාරයක් බහා ගැනීම තුළින් ඒ සියලුම ලෝහ වර්ගයන් පවිත්‍ර කරගත හැකි වෙයි. මෙසේ බැලු කල හෙළ රාවණයන් ලොවට දායාද කල රස ශාස්ත්‍රය ඇතුළුව සමස්ත හෙළ ආයුර්වේද ක්‍රමයන්ට ලන්වීමටවත් වර්තමාන වෙදකමට තව අවුරුදු සියයකට වුවත් කල නොහැක්කක් බව කරුණු සිහි නුවනින් විමසා බලන්නාවූ සියලුම දෙනාට පෙනී යන කරුණකි.

මූලාශ්‍ර - කාංචන මනමේන්ද්‍ර මහතාගේ ලිපි සහ මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ පර්යේෂණ ඔස්සේ ලියවුනු රාවණවත ග්‍රන්ථය ඇසුරෙනි.

Tuesday, April 7, 2015

අනුන්ගේ සිත් කියවූ එඞ්ගාර් කේසි

ධම්මපදයේ චිත්ත වග්ගයේ 153 වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ.
අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්භිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං

ධම්මපදයේ චිත්ත වග්ගයේ 154 වැනි ගාථාවේ මෙසේ සඳහන් වේ.
ගහකාරක දිට්ඨෝ සි - පුන ගෙහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංකාරගතං චිත්තං - තණ්හානං ඛය මජඣගා

"වඩුව මම ඔබ දිටිමි. හොඳින් හඳුනා ගතිමි. නැවත තට මා නමින් ගෙයක් සෑදිය නොහේ. ගේ හදන උපකරණ සියල්ල නැසූයෙමි. තණ්හාව නැති කළෙමි. විසංඛාරික වීමි". යනුවෙන් දැක්වෙන්නේ මිනිසා ඇතුළු සත්ත්වයා මැරි මැරී ඉපිද ඉපිදී සසර සැරි සරන බව බුදු දහමේ විස්තර කැර ඇති ස්ථානයකි. 

බුදුන්වහන්සේගේ දේශනාවේ මැරුණු සත්ත්ව වර්ගයා සසර සැරි සරන බව දැක්වුව ද ලොව ඇති වෙනත් ආගම්හි මෙවැනි දෙයක් පිළිගන්නේ නැත. විශේෂයෙන්ම යුරෝපීයයෝ යළි ඉපදීමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත.

එවන් ලෝකයක යළි යළිත් ඉපදීම පිළිබඳ මහත් වූ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් විස්තර කරන්නෙකි එඞ්ගාර් කේසි.

එඞ්ගාර් කේසි පවසන්නේ තමන්ට ස්වයං නිද්‍රාවකට පත්වීමෙන් අන් අයගේ රෝගාබාධයන්ට ප‍්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතින බවයි. මෙහි දී ඔහු රෝගයට වස්තු බීජ සොයා යන්නේ යම් පුද්ගලයකුගේ පෙර භවයන්ට එබිකම් කිරීමෙනි. මේ ක‍්‍රමයට විවිධ වූ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී ඔහු තැබූ සටහන් රාශියක් තවමත් ඉතිරිව තිබේ. මේවායින් බොහොමයක් මහත් ආන්දෝලනාත්මකය.

එඞ්ගාර් කේසිගේ ජීවිතයේ අවසාන කාලයේ දී ඔහු ගැන සඳහන් කරනු ලැබුවේ වර්ජිනියා වෙරළේ ප‍්‍රාතිහාර්යකාරයා යනුවෙනි. ඔහු අන් අයගේ අතීත ආත්ම ගැන කියන ලද කරුණු හේතුවෙන්ම ඔහුට මෙවැනි අන්වර්ථ නාමයක් ලැබුණ ද සැබැවින්ම ඔහු ප‍්‍රාතිහාර්යකරුවෙක් නොවේ. රෝගීන් මත අත තබා ආශිර්වාද කිරීමෙන් හෝ මන්තර ගුරුකම් ශක්තියකින් හෝ එඞ්ගාර් කේසි රෝගීන් සුවපත් කළේ නැත. ඔහු ඇතැම් විට තමන් සිටින ස්ථානයට සැතපුම් දහස් ගණනක් ඈත සිට දිවැසින් කියනු ලබන විශ්මයජනක තොරතුරු අනුව රෝගීන්ට සුවය ලැබිණි.

ඔහු මෙය කරන ලද්දේ සම්මෝහ නිද්‍රාවක් හෙවත් තමන් විසින්ම හෝ වෙනත් අයකු විසින් යෝජනා කරන ලදුව කෘත‍්‍රිම නින්දකට සමවැදීමෙනි. එඞ්ගාර් කේසි මෙලොව එළිය දුටුවේ 1877 දී කෙන්ටකිහි හොප්කින්ස්විල් නම් ගම්මානයේය. දුප්පත් ගොවි පවුලක උපන් ඔහුට වැඩිදුර අධ්‍යාපනයක් ලබන්නට හැකියාවක් ලැබුණේ නැත. යන්තම් නම වැනි ශ්‍රේණිය දක්වා උගත් එඞ්ගාර් කේසි ගොවිතැනට හුරු කරන්නට ඔහුගේ මාපියන් කොතෙක් උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වූයේ කේසි නගරයට යාමෙනි. අනතුරුව පොත් සාප්පුවක ලියන්නකු ලෙස සේවය කළ කේසි රක්ෂණ සමාගමක වෙළෙඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නට වූවේය.

තරුණ වියේදීම කේසි බලාපොරොත්තු නොවූ අකරතැබ්බකට මුහුණ දුන්නේ හඩ පිට නොවීමේ රෝගයකින් පෙළීමෙනි. විටෙක ගොරෝසු හඩක් පිටකරන කේසිට තවත් විටෙක කිසිදු හඩක් පිටකිරීමට නොහැකි වෙයි. මේ රෝගයට කොතෙක් ප‍්‍රතිකාර ගත්ත ද එයින් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. රෝගයට ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් වෛද්‍යවරු ගණනාවක් සොයා ගිය ද අවසානයේ සිදුවූයේ බලාපොරොත්තු කඩවීම පමණි. මේ නිසාම ඔහුට තම කාර්යයන් කරගෙන යාම පවා අපහසු විය. ඒ නිසාම තම සේවයෙන් සමුගත් කේසි අවසානයේ ඡායාරූප ශිල්පියකුගේ සහායකයකු ලෙස එක්වූයේ ඒ සඳහා කට හඩ අවශ්‍ය නොවන බැවිනි.

මේ අලූත් වෘත්තිය කරගෙන යන අතරතුර දී ඔහු සිටි නගරයට අමුත්තකු පැමිණියේය. ඒ විනෝද කී‍්‍රඩකයකු මෙන්ම මෝහන නිද්‍රාව ප‍්‍රගුණ කළ හාට් නම් පුද්ගලයෙකි. මේ අමුත්තා නගරයේ දී කේසි හමුවූ අවස්ථාවක දී මෝහන නිද්‍රාව උපයෝගී කරගනිමින් ඔහුගේ රෝගය සුව කළ හැකිදැයි උත්සාහ කිරීමට තමන් කැමති බව කීවේය.තමන්ට කරන්නට කිසිදු දෙයක් නොවුනෙන් තම රෝගය සුවකැර ගැනීම සඳහා ගත හැකි අවසන් තුරුම්පුව වූ මේ අවස්ථාවට මුහුණ දීමට කේසි ඉටාගත්තේය. අවසානයේ කේසි නිද්‍රාවට භාජන කැරිණි. කේසි නිද්‍රාවට යොමු කරන අවස්ථාවේ ලේන් නම් පුද්ගලයෙක් ද බලා සිටියේය. ඔහු ද ඒ වනවිටත් මෝහ නිද්‍රාව ප‍්‍රගුණ කරමින් සිටි තැනැත්තෙකි. හාට් මෝහ නිද්‍රාව උපයෝගී කරගනිමින් එඞ්ගාර් කේසිගේ රෝගයේ අක්මුල් සොයා යාමට උත්සාහ ගත්ත ද එයින් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. නමුත් ලේන් කේසිගෙන් ඉල්ලා සිටියේ තමන් සමග එක්ව නිද්‍රාවට පත්ව මේ සඳහා තවත් උත්සාහයක් යොදන ලෙසයි.

ලේන්ගේ සිතේ වෙනත් අදහසක් තිබෙන්නට ඇත. ලේන්ගේ පෙරැත්තය නිසාම කේසි මේ දෙවැනි උත්සාහය සඳහා ද එකග වූවේය.ලෙන් ක‍්‍රමයෙන් කේසි මෝහ නිද්‍රාවට පත් කළේය. අනතුරුව ඔහු කළේ නිද්‍රාවේ සිටි කේසිට ඔහුගේ රෝග ස්වභාවය විස්තර කරන්නට යැයි යෝජනා කිරීමයි. මෙතෙක් කතා කිරීමට නොහැකිව සිටි කේසි කතා කරන්නට වූවේය. ටිකෙන් ටික තම හ`ඩ අවදි කළ කේසි තමන්ගේ රෝග ස්වභාවය විස්තර කරන්නට වූයේ එතැන සිටි ඔහුගේ හිතවතුන් පවා මවිත කරමිනි. සාමාන්‍ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව සිටි කේසි කියා සිටියේ පුදුම කථාවකි.

‘‘සාමාන්‍ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව ඇත්තේ ස්නායු දුර්වලතාවක් හේතුවෙන් ස්වර රජ්ජුන්ගේ පිටුපස ඇති පේශි අඩක් අකි‍්‍රයවීම හේතුවෙනි. මේ නිසා කායිකව රෝගී තත්වයක් ඇතිවී තිබේ. නිද්‍රාවේ පසුවෙද්දී රෝගය වැළැඳී ඇති ස්ථානයන්ට ලේ ගමන් කරනු ඇතැයි යෝජනා කිරීමෙන් මේ රෝග තත්ත්වය ඉවත් කළ හැකිවනු ඇත.’’ මේ කථාව කීවේ කේසි විසිනි. එයට වහාම කි‍්‍රයාත්මක වූ ලේන්, කේසිගේ ස්වර රජ්ජුවලට ලේ ගමන් කිරීමේ දුර්වලතාව මග හැරී යනු ඇතැයි ද, එයින් මේ අපහසුතාව ඉවත්වනු ඇතැයි ද කේසිට යෝජනා කළේය.

විනාඩි කිහිපයක් ගතවිය. නිද්‍රාවේ පසුවූ මිනිසා යළි මෙසේ කීවේය. ‘‘දැන් සියල්ල හරි. රුධිර ගමනය නිසි පරිදි සිදුවනවා. ලේ ගමන ප‍්‍රකෘති තත්ත්වයට පත්වන්නටත් ඉන්පසු නැගිටින්නටත් යෝජනා කරන්න.’’ කේසිගේ මේ විධානය අනුව ද ලේන් කි‍්‍රයාත්මක වූවේය. නින්දෙන් පිබිදුණු කේසි සාමාන්‍ය තත්ත්වයෙන් කතා කරන්නට වූවේය. නමුත් වරින් වර ඔහුට මේ රෝගය යළි යළිත් වැළඳුනේය. ඒ සෑම අවස්ථාවකදීම ලේන් ලේ ගමනාගමනය නිසි පරිදි සිදුවන්නට යැයි කියා උපදෙස් දෙයි. එවිට කේසි යළි සාමාන්‍ය පරිදි කථා කරන්නට පටන් ගනී.

ලේන් සිටියේ ද කලක පටන් පවතින උදර රෝගයකින් පීඩා විඳිමිනි. මේ රෝගයට පිළියම් සෙවීම සඳහා ලේන් කේසිගේ සහය පැතුවේය. නමුත් මෙහිදී ලේන් කළේ සාමාන්‍යයෙන් කරන දෙයක් නොවේ. රෝගය ඇති තමන් වෙනුවෙන් කේසි නිද්‍රාවට භාජනය කිරීමයි. ඒ අනුව නිද්‍රාවේදී කේසි ලේන්ගේ ශරීර තත්ත්වය විස්තර කරමින් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් ද යෝජනා කළේය. මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ලේන් අත්හදා බැලූවේ කිසිදු පැකිලීමකින් තොරවය. අවසානයේ දී කේසි ජයගෙන තිබිණි. ප‍්‍රතිකාර ආරම්භ කොට සති කිහිපයකින් ලේන්ගේ උදරාබාධය සුව අතට හැරුණි.

කේසි මේ වනවිට කි‍්‍රස්තුස් වහන්සේගේ අනුගාමිකයකු බවට පත්ව සිටියේය. ඔහුගේ අපේක්ෂාව වූයේ ආගමික දේශකයකු වීමයි. එහෙත් ඔහුට අන්‍යයන් සුවපත් කිරීමේ හැකියාව ලැබී ඇතැයි ලේන් පෙන්වා දෙන්නට වූවේය. ලේන්ගේ පෙරැත්තය ප‍්‍රබල වෙමින් තිබිණි. අවසානයේ මේ ගැන සොයා බලන්නට ඔහු නොයෙක් ග‍්‍රන්ථ කියවුව ද අගක් මුලක් සොයාගත නොහැකි විය. අවසානයේ කේසි ලේන්ගේ ඉල්ලීමට එකගවූයේ මෙය පරීක්ෂණයක් වශයෙන් පමණක් සිදුකිරීමට කැමති බවත් කිසිසේත්ම තම සේවය වෙනුවෙන් මුදලක් නොගන්නා බවත් පවසමිනි.

මෙය පර්යේෂණයක් වූ බැවින් නිද්‍රාවේදී කේසි කියන දේ සටහන් කරගන්නට විය. ඔවුන් මෙලෙස සටහන් තබා ඇති පිටපත්වලට  කේසිගේ පුනරුත්පත්ති සටහනින් නම තබා තිබේ. කේසිගේ මේ කියැවීම් දිනෙන් දින ජනපි‍්‍රය වන්නට විය. මේ අතර ඔහු විස්මිත ඇදහිය නොහැකි කියවීම් පිළිබඳ සටහන් තබා තිබේ. දිනක් කේසිට ලැබුණු පණිවිඩයකින් කියවුණේ දැරියක පිළිබඳ තොරතුරකි. පස් හැවිරිදි වියේ පසුවන මෙම දැරිය වසර තුනක කාලයක සිට මොළයේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන බවත් එම කාලයේ සිට මනස නිසි පරිදි නොවැඩෙන බවත් මෙය ආරම්භ වූයේ සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පසුව බවත් කේසිට ලැබුණු තොරතුරු විය.

මේ දැරිය පිළිබඳ සොයා බැලීමට කේසි තීරණය කළේය. ඒ අනුව ඔහු එහි ගියේ ලේන් සහ සිය යතුරු ලියන්නා ද සමගිනි. වසර තුනකට පෙර සෑදුණු සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පසු දැරිය මේ තත්ත්වයට පත්ව තිබේ. මාපියන් පවසන්නේ මේ දැරිය රැගෙන හැකිතාක් විශේෂඥ වෛද්‍යවරුන් හමුවට ගිය බවත් ඒ කිසිදු වෛද්‍යවරයකු මේ රෝගය නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වූ බවත් කේසි දැන ගත්තේය.දුප්පත් ගොවියකුගේ පුතකු වන කේසි වෛද්‍යවරුන්ට පවා සුව කළ නොහැකි යැයි කියා තිබූ මේ දැරිය සුවපත් කරන්නේ කෙසේදැයි කාගේත් අවධානයට ලක්ව තිබිණි. වෛද්‍යවරු කියා සිටියේ මේ රෝගය මාරාන්තික බවයි. නිතර නිතර වෙව්ලීමෙන් පීඩා විඳි දැරිය මරණාසන්නව සිටින බව පැවසූ වෛද්‍ය විශේෂඥයන් කියා සිටියේ දැරිය නිවසට ගෙනගොස් කැමැත්තක් කරගන්නා ලෙසයි.

දැරිය නිවසට රැගෙන ගිය පසු එඞ්ගාර් කේසිගේ හැකියාව පිළිබඳ දැනගත් මාපියෝ ඔහුට ආරාධනා කළහ. දැරියගේ නිවසටම කේසි ගියේය. ඒ ලේන් ද සමගිනි. ලේන් යෝජනාව කළේය. අනතුරුව කේසි කියන දේ වචනයෙන් වචනය සටහන් කළේය. කේසි කියා සිටියේ සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳීමට ටික දිනකට පෙර දැරිය වාහනයකින් වැටී ඇති බවයි. මේ වැටීමෙන් තැලූණු ස්ථානයේ සෙම්ප‍්‍රතිශ්‍යාවට හේතු වන විෂබීජයක් තැන්පත්ව ඇති බැවින් වෙව්ලීම සිදුවන බවත් කේසි කියා සිටියේය. මේ සඳහා සුදුසු ප‍්‍රතිකාර ද කේසි පැවසීය.
දැරිය වාහනයකින් වැටුණු බව ඇගේ මව කීවාය. බාහිරින් කිසිදු තුවාලයක් පෙනෙන්නට නොමැති බැවින් ඒ ගැන වැඩි අවධානයක් යොමු නොවූ බව ද මේ රෝගයත් වැටීමත් අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි කිසිවකුත් විශ්වාස නොකළේය. රෝගයත් එයට ප‍්‍රතිකාරත් විස්තර කිරීමෙන් පසු කේසි නිද්‍රාවෙන් අවදි වූවේය. ලේන් උපදෙස් දුන් ආකාරයට දැරියගේ මාපියෝ අදාළ ප‍්‍රතිකාර ආරම්භ කළහ. සති කිහිපයක් ඇතුළත දැරියගේ වෙව්ලීම නැතිවී ගියේය. ටික කලකින් දැරියට පැරණි දේ පිළිබඳ මතකය යළි ලැබෙන බව පෙනෙන්නට තිබිණි. ඉන්පසු ඇය තම මාපියන්ට කලකට පසු කථා කළාය. අවසානයේ දී ප‍්‍රධාන පෙලේ විශේෂඥ වෛද්‍යවරුන්ට පවා නොහැකි වූ දේ ගොවියකුගේ පුතකු වූ එඞ්ගාර් කේසි සිදුකිරීම පුදුම සහගත දෙයක් වී තිබිණි

උපුටා ගැනීමකි....


Thursday, March 26, 2015

පෘථුවි කක්ෂය වටා ගමන් කරන, වසර 13,000 කට වඩා පැරැණි අත්භූත චන්ද්‍රිකාව

1960 වර්ෂයේ මාර්තු මස පෘථුවි කක්ෂය වටා ගමන් කරන අත්භූත චන්ද්‍රිකාවක් සොයාගනු ලබනව. මෙම අභිරහස් චන්ද්‍රිකාව රුසියාව හෝ ඇමැරිකාව විසින් නිපදනවන ලද්දක් නොවන බවත් එම කාලය තුල චන්ද්‍රිකා නිපදවිම අතින් අප එතරම් දියුණු ස්ථානයක නොසිටි බවත් පැහැදිලි කරුණක්.

ඇතැම් මත වාද වලට අනුව මෙය පැරැනි ශිෂ්ඨාචරයන් මගින් නිපදනවන ලද්දක් වවන බවටද කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් ඊඊජිප්තු සසිතුවම් මගින්ද ඒ බව සංකේතවත් කරන අවස්ථා දැකගත හැකිය.



1899 දි ටෙස්ලා විසින් සොයාගැනිමට සමත් වී තිබෙනවා ඉලෙක්ට්‍රෝනික පණිවිඩයක්, ඔහු විශ්වාස කර ඇත්තේ එය පෘථුවියට එපිටින් විශ්වයේ සිට පැමිණෙන ලද්දක් බවටයි. පසුව එම සංඥාව 1920 වර්ෂයේදි HAM රඩියෝ තරංග මගිනුත් හසුවි තිබෙනවා. 1960 වර්ෂයේ උතුරු ඇමැරිකානු සේවා පද්ධතියක් මගින් ප්‍රතුධ්වනිය සහිත රේඩර් සංඥාවක් හසුකරගනු ලබනවා. නමුත් ඒ පිළිබද පරික්ෂණ දියත් කිරිමෙන් හෙළි වී තිබෙන්නේ හදුනා නොගත් චන්ද්‍රිකාවක් මගින් නිකුත් වී ඇති සංඥාවක් වන බවටයි. ඒ ඔස්සේ හදුනා නොගත් චන්ද්‍රිකාවක් වැනි යමක් පෘථුවි කක්ෂයෙ තිබෙන බව ඔවුන්ගේ නිගමනය විය. R.Johnson ගේ මුලිකත්වයෙන්එහි පරික්ෂණ සිදු කර ඇත.

මෙම අත්භුත වස්තුවට ගමන්කිරිමේ ක්‍රමානුකූල බවක් දැකගත නොහැකිය. එය සිතු පරිදි විවිද දිශාවන් ඔස්සේ එකාකරි නොවන අන්දමින් ගමන් කරයි. එසේම මිනිසා විසින් නිපදවන ලද අභ්‍යවකාශ යානයක ඇති කිසිදු ලක්ෂණයක් මෙහි දක්නට නොමැත. එය ඇතැම් රාත්‍රින්හි පමණක් දිස් වන අතර ඇතැම් රාත්‍රීන් වල එසේ දර්ශණය නොවේ. මෙය ධැවිය කක්ෂය ආසන්නව පිහිටා තිබේ. ඇමැරිකා එක්සත් ජනපදය විසින් මෙය "Black Knight" ලෙස නම් කර තිබේ.

මේ පිළිබද තොරතුරු සෙවීමට ඔවුන් විසින් විශේශ කමිටුවක්ද මත් කළ අතර එකල Time සගරාව වෙතද එම තොරතුරු පළ කර තුබුනි.

මෙම චන්ද්‍රිකාව සම්බන්ධව ජයාරුප පළකරණු ලැබුවේ 1960 වර්ෂයේ සැප්තැම්බර් 3වනදා ය. 1963 වර්ෂයේ ගගනාගමිනි විසින්ද මෙය නිරික්ෂණයට ලක් වී ඇත.


මෙය වසර 13,000 කට වඩා පැරැණි බවවිද්‍යාඥයන් අනාවරණය කර ඇත. තවමත් ලෝකයට අභිරහසක් වූ මෙම අභ්‍යවකාශ වස්තුව ක්‍රියාත්මක තත්වයේ පවතී. අදටත් එය පෘථුවි කක්ෂය වටා ගමන් කරයි

Monday, August 5, 2013

දෙව් බඹුන්ගේ දැහැන් බිඳු නාරිලතා මල


මේක ඉතිහාසය ඔයාල දන්නවනේ බඹුන්ගේ දැහැන් බිදෙන්න තරම් මේකෙ නාරි දේහ ලක්ෂණ තියෙන නිසා මේකට නාරිලතා වගේම ලියතඹරා කියලත් කියනවා.

මේ ගහ තියෙන්නේ තායිලන්ත සීමාවේ කියල තමයි සදහන් වෙන්නේ ඒ වගේම ඒකට තායි වලින් "Nareepol" කියලා කියනවා. හිමාලයේ රළු බෑවුම් වල මේ ගහ වැ‍ඩෙනවා කියල තමයි කියන්නේ ඒ වගේම දශක දෙකකට වරක් මේකෙ මල් පිපෙනවලු ඒ කියන්නේ ඵලදාව අවුරුදු 20කට වරක් කියලා තමයි හිමාල ආශ්‍රිත ජනතාව විශ්වාස කරන්නේ



සමහරු මේ පිංතූරෙ ෆොටෝෂොප් එඩිට් එකක් කියලා කියනවා ඒත් අති දුර්ලභ මේහි මල් හට ගැනීම නිසා ඡායාරැප කොහෙවත් නෑ කියලා තමයි සදහන් වෙන්නේ ඒ අතර මේක ඕකිඩි වර්ගයේ Genara of Habenaria කුලයට අයත් ශාකයක් කියලත් සදහන් වෙනවා


ඒ වගේම මේ හැදෙන මල් ලෙස දිස්වන ඵලය ආහාරයට ගැනීමට හැකි බවත් ඒවා ආදි කාලයේ බඹුන්ට තාපසයින්ට ආහාර වශයෙන් පිළිගැන්වු බවත් සදහන් වෙනවා.



මේක ආදි කාලීන ඉතිහාසාත්මක ශාකයක් ඒ වගේම මේක Makalipon නමින් පාලියෙන් හදුන්වනවා මෑත භාගයේදී නාරිලතා මල් විකුණු කතාවක් තායිලන්තයෙන් අසන්නට ලැබුනා. ඒ වගේම අන්තර්ජාලයේ මේ තිබෙන කොලපාට දිස්වන ඡායාරෑප සහ වීඩියෝ බොරැ ඒව කියලත් සදහන් වෙනවා. මොකද තවම හිමාලයේ මේ ගස් වැවෙනවා කිවුවාට හරියට තැනක් නම් හදුනාගෙන නැහැලු ඒ කොහොම වෙතත් වේලපු නාරිලතා මල් තායිලන්තයේ පෞරාණික පන්සල් වල තාමත් ආරක්ෂා සහිතව තියෙනවා කියලා ආරංචි වෙනවා.

Dry Fruit 
Paintings

Wooden Carvings of the flower



Nareepol (or Nareephon - literally "fruit women") fruit maidens are mythical creatures described in Thailand's Triphum Phra Ruang (Three Worlds Cosmology) scripture and other local religious texts. According to the Triphum scripture:


"Beyond this [area of jambolan trees in Himavanta] is a forest of trees that have women as their fruit; the fruits of these trees are very beautiful - they are like maidens who have just reached sixteen years of age. When men see them, they fall in love with them, and when they drop, the birds flock around to eat them like bears eating honey."

However, nareepol play an important part in other local tales. One of many exotic creatures in the legendary Himavanta (Himapan, Himmapan, or Himaphan in Thai), they emerge feet-first as fruit of a tree where they remain attached at the head for only seven days. Various temple murals and carved panels, such as those at Nakhon Phanom's Wat Okat Si Bua Ban, depict ardent young men climbing the trees, sword in hand, ready to cut down the nubile but impassive maidens. These lusty hermits are said to carry off the young women into the forest for their own pleasure.

In the Thai version of the popular Vessantara Jataka, while in exile in the Himavanta forest Prince Vessantara's wife Maddi finds sixteen makkali trees from which hang small, beautiful maidens instead of fruit. The trees were planted by the god Indra as a distraction for men so that Maddi would be safe in the forest while gathering food and water for her family. If a man, such as the reusee (Brahman hermits) who live in the forest, picked and had intercourse with a nareepol, he would lose his magical powers. Highly revered monk, Luang Por Jaran, says the fruit maidens are real and that when they fall to earth and shrivel up they can be collected by humans. However, only highly-attained ascetics are able to enter the Himavanta Forest where the fruit grows. He was given two nareepol while in Sri Lanka, which can now be seen at Wat Prangmuni in Singburi.

There are fake photos and video clips on the Internet of green, female-shaped fruit on what is claimed to be a "Nareepol tree" in Thailand's Petchaboon Province. While this is obviously a hoax (the specific location of the tree is never mentioned) there is a type of tuber or seed-pod found in Laos that is dried, carved into human shapes and sold to tourists, often in male-female pairs. Some of these are used as talismans in Thailand. Both versions of the talisman may be known as Makkaliphon ("fruit of the Makkali tree"), sometimes spelled Makareepol or Makareephon