ලන්ඩන්හි යටත් විජිත භාර මහලේකම් කාර්යාලයෙන් ඒ ඒ රටේ තම යටත් විජිත ලේකම්වරුන්ට දැනුම් දී තිබූ කරුණක් වූයේ එම රටවල ඉතිහාසය සොයා බලා සංග්‍රහ කිරීමටය. ඉන් බොහෝ කලකට පසු 1912 දී එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් විසින් ශ්‍රී ලංකාවේ සංක්‍ෂිප්ත ඉතිහාසය ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කළේය. පුරාණ යුගය සම්බන්ධ එහි මූලාශ්‍ර වූයේ මහාවංශය ඇතුළු වංශ කතාවන්ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් දවස පාළි මහාවංශයේ තුන්වැනි කොටස ලිවීමේදී එහි තිබුණා වූ 40 වැනි පරිඡේදය 19 සියවස අග භාගයේදී අතුරුදන් වී ඇති බව දක්‌නා ලැබිණි. අදත් එය එසේමය. කාශ්‍යප රජු යුදයෙන් පරදවා මුගලන් රජ වූ පසු තොරතුරු 40 පරිච්ඡේදයේ විය. සීගිරිය ගැනත් රාවණ රජු ගැනත් එහි විස්‌තර අඩංගු වූ බව ඊට යොමුවදී ඇති වෙනත් ග්‍රන්ථවලින් පැහැදිලිය.
රාවණ මරණය දැක්‌වෙන ෆර්නාඩ් ඈන් ප්‍රියන්තේ
කොර්මන් (1875) විසින් අඳින ලද සිතුවම.
රාවණ ඓතිහාසික චරිතයක් නොවන බව කියන ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අතරට එකතුවීමට කැමැත්තක් දක්‌වන ලලීන්ද්‍ර සන්නස්‌ගම නමැති ලේඛකයා නැගී සිටින දුර්වල පදනම ඔහුට අවබෝධ කරවන අතරම සුද්දා අනුව ගිය ඉතිහාසය හදාරන්නන්ද දැන ගතයුතු කරුණු බොහෝය.
ලංකා ඉතිහාසය ගොඩනැංවීමේ ශුද්ධ වූ අයිතිය අද හිමිවන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට හා රාජකීය ආසියාතික සංගමයටය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු එංගලන්ත විශ්වවිද්‍යාල ආකෘතිය මත පිහිටි බටහිර දැනුම බෙදාදෙන විද්‍යාස්‌ථානයන්ය. මත ගැටුමක් සමාජය තුළ උග්‍ර වූවොත් එය අවසාන වශයෙන් විසඳිය යුත්තේ අධිකරණයෙනි. අධිකරණය යනු ඉංගිලිසි නීතිය අනුව විනිශ්චය කරන ස්‌ථානයයි. කැඳවන්නේ විශේෂඥ සාක්‍ෂින්ය. විශේෂඥ සාක්‍ෂි යනු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ය. රූපවාහිනි විකට ශිල්පීන් තිදෙනාගේ "ඌ මට ගහනවෘ මට ඌ ගහනව" විචිත්‍රාංගය මෙහිදී සිහියට නැගේ. සන්නස්‌ගම මහතාගේ පදනම දුර්වල වුවත් ඔහුගේ සුරක්‍ෂිත බව ප්‍රබලය. කොඩ්රිංටන් - පරණවිතාන (අදෘශ්‍යමාන) ගුරුකුලය තවමත් ලංකාවේ ජයග්‍රාහීව සිටීම ඊට හේතුවය.
බ්‍රිතාන්‍ය ගුරුකුලයට වැරදුන තැනකින් පටන්ගැනීම සුදුසුයෑයි සිතමි. මහාවංශය ලංකා ඉතිහාසය ලෙස සැලකූ සුද්දා රාවණ රජු හුදු මිථ්‍යාවක් ලෙස බැහැර කළේය. මහාවංශයේ 40 පරිච්ඡේදය අතුරුදන් වූයේ සාක්‍ෂි නැති මරණයක් පෙන්වීම සඳහා විය හැක. නමුත් කාශ්මීර ඉතිහාසය ලිවීමේදී බ්‍රිතාන්‍යයන් කල්හාතගේ රාජතරංගනිය (කාශ්මීර රාජාවලිය දැක්‌වෙන ග්‍රන්ථය) අනුව යමින් ක්‍රි.පු. 1149 දී රාජ්‍යත්වයට පැමිණි "විභීෂණ" ගෙන් ඉතිහාසය ලිවීම ඇරඹීය. මේ වෙනත් විභීෂණයකු නොව රාමායනයේ දැක්‌වෙන රාවණගේ සොහොයුරු විභීෂණමය. ඔහුගෙන් පසු ක්‍රි.පු. 1095 දී ඉන්ද්‍රජිත් (මියගිය බව රාමායණයේ සඳහන් රාවණාගේ පුත්‍රයා) රජවිය. ක්‍රි.පු. 1060 දී දෙවැනි රාවණ රජවිය. අනතුරුව ක්‍රි.පු. 1030 දී දෙවැනි විභීෂණ රජවිය. මෙම ලැයිස්‌තුව රාජතරංගනිය කියවා හෝ කාශ්මීර ඉතිහාස පොත කියවා දත හැකිය.
ත්‍රිපිටකයට අයත් නොවන මහායාන සූත්‍රයක් වන "ලංකාවතාර සූත්‍රය" මලයකූටයේ සිටි රාවණ පරපුරේ පාලකයාට බුදුන් විසින් (නමක් සඳහන් නොවේ) දේශනා කරන ලද බව එම සූත්‍රයේ සඳහන්ය. එපමණක් නොව දෙදහස් පන්සිය වසරකට පසු ලෝක නායකයෙකු (දියනා) ලංකාවෙන් බිහිවන බවද එහි අන්තර්ගතය. පැරකුම්බා සිරිත ලියූ කවියා ප්‍රාර්ථනා කරන්නේ ඒ කෝට්‌ටේ හයවැනි පැරකුම්බා රජුම වේවා යනුවෙනි (පැරකුම්බා සිරිත 9 කවිය - කියන මගිය කොහි සිට එනු දද සමනොල ගොසිනා... ආදී) මේ සමග දැනට වසර කිහිපයක සිට රාවණ රජු ගැන උද්යෝගයක්, භක්‌තියෙන් යුතුව සැලකීමත් හා සමාජ හඬක් ඇතිවී තිබීම අධ්‍යයනය කළ යුතුය.
මිනිසාගේ ඇස, කණ, නාසය ආදී වූ පසිඳුරන්ට අවබෝධ කළ නොහැකි දේ බොහෝය. ලොව 80% ක් පසිඳුරන් මගින් තේරුම් ගත නොහැකි බව කියනු ලැබේ. ලලීන්ද්‍ර සන්නස්‌ගම මහතාද මෙබඳු මනුෂ්‍යයෙකු විය යුතුය.
ඔහුq ඉදිරිපත් කරන කරුණු හා තර්ක කොටස් 3 ට වර්ග කළ හැක. 1. වැරදි හඳුනා ගැනීම්, 2. මනඃකල්පිත අදහස්, 3. කරුණු හා තර්ක.
වැරදි හඳුනා ගැනීම්
1. බෞද්ධ ශිෂ්ටාචාරය(- ශිෂ්ටාචාරය යනු මිනිසා විසින් තමා අවට ඇති සම්පත් හා ස්‌වාභාවික වස්‌තූන් තමාට කැමැති ලෙස ප්‍රයෝජනයට ගනිමින් අවශ්‍යතා සපුරා ගැනීමේ සම්පූර්ණ ක්‍රියාදාමය හඳුන්වන වචනයයි. බුදුන් වහන්සේ විසින් භූමි පරිභෝජනය, බිම් සැකසීම, බීජ තෝරාගැනීම, වැපිරීම, ජල සම්පාදනය, අස්‌වැන්න නෙළීම ආදී වූ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන ධර්ම දේශනාකර නැත. කර්මාන්ත හෝ ප්‍රවාහනය ගැනද නැත. සංස්‌කෘතිය යනු මිනිසුන්ට පමණක් සීමාවන සිතීම්, වචන හා ක්‍රියාවලීන් ඇසුරින් ඇතිවන සමානත්වය දැක්‌වීම සඳහා යෙදෙන වචනයයි. භාෂාව, ආගම, නැටුම්, ගීත වාදන, චිත්‍ර, මූර්ති, සාහිත්‍ය, සිරිත්, හැසිරීම් විධි යනාදී දේ ඒ යටතට එයි. මේ අනුව බෞද්ධ ශිෂ්ඨාචාරයක් නොව බෞද්ධ සංස්‌කෘතියක් ඇත.
2. ආර්ය ජනයා(- මැක්‌ස්‌මුලර්ගේ ආර්ය වර්ගීකරණයට අනුව ආර්ය හා අනාර්ය ජනතාවන් ඇතද, ඇත්තේ ආර්ය භාෂා පමණි. මේ වේදයේ ඇති ආර්ය නමැති වචනය වරදවා වටහා ගැනීමකි. අර්යය ඉන්දියාවේ වයඹ දිග කපොළු වලින් පන්ජාබයට ඇතුළුවීම යනු 1990 න් පමණ පසු නිෂේධ වූ මතයකි. උතුරු දිග ශීතල ප්‍රදේශවල සිට දකුණෙහි උණුසුම් ඉරානයට අවුත් එහි නතර වූ ජනයා ඉන්දු-ඉරානියන් ලෙසද, බටහිරට ගිය අය ඉන්දු-යුරෝපීය ලෙසද, නැගෙනහිර ගමන් කළ අය ඉන්දු ආර්ය ලෙසද කරන හැඳින්වීම නිවැරදි වන අතර මෙම එඬේරුන් ඉරානයට ආවේ කොකේසස් කඳුකරයෙන් බව කීමද නිවැරදිය. ඔවුන් කොකේසස් කඳුකරයේ ඕපපාතිකව පහළවූවා නොව හෙළදිව සිට හිරත්යක් රජු ගොස් එහි ජනවාස පිහිටුවීම කළ බව දැන් සොයාගෙන ඇත.
3. රාමායණය සනාථ කිරීම හා රාවණා සනාථ කිරීම(- රාමායණය ප්‍රබන්ධ කරන ලද මහා කාව්‍යයකි. එබැවින් ඓතිහාසික ලෙස එය සනාථ කළ නොහැක. නමුත් රාවණ ඓතිහාසික නිසා ඔහු මනුෂ්‍යයෙක් බව සනාථ කළ හැක. රාමා, සීතා, හනුමන් මිථ්‍යා ප්‍රබන්ධ වීම හේතුවෙන් රාවණා මිථ්‍යාවක් වීම සිදු නොවේ. ඓතිහාසික පුද්ගලයන් (දුටුගැමුණු, කාශ්‍යප, සිද්ධාර්ථ) මුල්කර නවකතා ලිවීම දැනුදු කෙරේ.
කල්පිත අදහස්
1. අමුවාචාරීන් මිෂනාරින් ගණයට දැමීම(- මිෂනාරි යනු ඉංගිලිසි වචනයකි. පණිවිඩයක් (මිෂන්) රැගෙන යන්නා යනු එහි අර්ථයයි. අටුවාචාරින් වහන්සේලා විසින් කළේ ගුඹුරු වූ දහම සාමාන්‍ය ජනතාව සඳහා ජීවන අත්දැකීම් මිශ්‍රිත කතාන්තර බවට හරවා ලියා එය ජනතාවට සන්නිවේදනය කිරීමයි. මහින්ද තෙරුන් ධර්මදූත මෙහෙවරක යෙදුන (මිෂනාරි) දූතයෙකි. එපමණක් නොව බුදුන් වහන්සේද මුළු උතුරු ඉන්දියාව පුරා දහම් බෙරය වයා ජනතාවට දහම් පණිවිඩය දුනි. මිෂනාරි යන වචනය මිෂන් (දූත මෙහෙවර) සඳහා යෙදෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැක. ඉංගිලිසි වචන පාවිච්චි කිරීමේදී එම භාෂාව දැනගැනීම අත්‍යවශ්‍යය.
2. ඇමෙරිකානු වහල් භාවය(- කොඩ්රිංටන් - පරණවිතාන ගුරුකුලය ඉංගිලිසි මානසික වහල් බව තුළ ගැලී සිටින නිසා ඊට පටහැනි මත පළකිරීම ඇමෙරිකානු මානසික වහල්බව යයි සිතීම මුලාවකි. "අත්තානං උපමං කත්වා....." යනු හැමවිටම සුදුසු උපදේශයක් නොවේ.
3. සාක්‍ෂි නැතිවිට එසේ නොවේයයි කීම(- රාවණ රජු සනාථ කිරීමට පුරාවිද්‍යා සාක්‍ෂි නැතිබව සන්නස්‌ගම මහතා පුන පුනා පවසයි, අතීතයේ සිට මහනුවර යුගය දක්‌වාම සාමාන්‍ය සිංහල රටවැසියන්ගේ ඇඳුම, නිවාසය සැදීම, ආහාර සැකසීම කෙසේදැයි දැනගැනීමට සාක්‍ෂි නැත. මේ අනුව සිංහලයා ඉතිහාසය පුරා නිර්වස්‌ත්‍රව හා එළිමහනේ ගස්‌යට ජීවත් වූ බව කීමටද ඔහු පෙළඹෙනු ඇත.
4. රාවණ බුදු දහමට අනුග්‍රහ දැක්‌වීම(- රාවණ රජු බුදු දහමට අනුග්‍රහ දැක්‌වූ අයෙකු නොවන අතර මා එබඳු ප්‍රකාශයක් කර නැත. එවැන්නක් රාමායණයේද නැති නිසා එබඳු අදහසක් ප්‍රකාශ කළ නොහැක. මේ ලංකාවතාර සූත්‍රය ඇසුරින් ආ ලියුම්කරුගේ මනෝ නිර්මාණයකි.
කරුණු හා තර්ක
1. ඉලියිඩ් හා ඔඩිසි වීරකතා රාමායණයට හා මහ භාරතයට සමානවීම(-
මෙම සාධකය සන්නස්‌ගම මහතා දකින්නේ එකම මුල් භූමියක සිට දෙපයට විහිදී යාම නිසා ඇතිවූවක් ලෙසටය. ඇතැම් විට එසේ වන්නටද පුළුවන. නමුත් ඊට වඩා ප්‍රබල හේතු දැක්‌විය හැක. දකුණු අමෙරිකානු ඇමසන්හි වනචාරියාද, අප්‍රිකාවේ කොංගෝහි වනචාරියාද, නැගෙනහිර ඉන්දීය දූපත්වල වනචාරියාද ශ්‍රී ලංකාවේ වැද්දාද සමාන පැවතුම් ඇති අය වෙති. ඒ ඔවුන් එකම මුල් භූමියක වාසය කළ නිසා නොව ඔවුන්ගේ ප්‍රාථමික ජීවිතය නිසාය. එමෙන්ම බටහිර හා නැගෙනහිර ඉහත සඳහන් යුද්ධය මුල්කරගත් වීර කතා යනු දඩයම් ජීවිතයට වඩා දියුණු එඬේර දිවියේ අගයන්ය. තණබිම් කොල්ලකමින්, සතුන් පැහැරගනිමින්, යටත්වූවන් වහල්කමට ගනිමින් සංචාරය කරන එඬේරාට වීරත්වය එන්නේ යුද්ධය හරහාය. භාරතයේ එදත් අදත් ඇත්තේ එඬේර ශිෂ්ටාචාරයකි. එඬේර සංස්‌කෘතියකි. නමුත් ඔහු මස් බුදින එඬේරා නොව කිරි බොන (පස්‌ගෝරස) එඬේරාය. එබැවින් යුරෝපයේ මස් බුදින එඬේරාගේ අගයත් කිරිබොන එඬේරාටද පොදුය.
2. මැක්‌ස්‌මුලර්ගේ "ආර්ය න්‍යාය" නිවැරදි ඉතිහාසයයි. ආර්යයෝ ග්‍රීසියට හා ඉන්දියාවට සංක්‍රමණයවීමට පෙර එකම ජනතාවක් ලෙස උතුරු සුළු ආසියානු ප්‍රදේශයක ජීවත්වූහ.
මෙහි "සුළු ආසියානු ප්‍රදේශයක" ආර්යයන් මුලින් එකට ජීවත් වී පසුව දෙපසට බෙදීයාම යනුවෙන් අඩමානයට කීම අත්‍යවශ්‍යය. උතුරු සුළු ආසියානු ප්‍රදේශ නැතිවා මෙන්ම දෙපසට බෙදීයැමට පෙර එකට ජීවත් වූ ප්‍රදේශය ලෙසින් ආර්ය න්‍යාය විසින් හඳුනාගත්තේ ඉරානයයි. අප පාසැල් යන අවදියේ පවා තුර්කිය හැඳින්වූයේ "සුළු ආසියාව" යන ගර්හිත නමින්ය. උතුරු සුළු ආසියාව යනු ආසියාවේ උතුරේ සුළු ප්‍රදේශයක් ලෙස සන්නස්‌ගම සලකා ඇති බව පෙනේ.
3. උතුරු සුළු ආසියානු ප්‍රදේශයක වූ එම මාතෘ ආර්ය භූමියේදී ගෙතූ වීරකතා දෙකකින් රාමායණය හා මහාභාරතය සකස් කරගෙන ඇත.
19 සියවස අග හා 20 සියවස මුල බ්‍රිතාන්‍ය සිවිල් සේවක ඉතිහාසඥයන්ගේ දැනුම අප විසින් තවමත් කරතබාගෙන සිටීම සංවේගයට හේතුවකි. 1970 න් පසු ගවේෂණයෙහි යෙදුන ඇමෙරිකන් ප්‍රමුඛ ජර්මන් හා වෙනත් තරුණ යුරෝපීය මානව විද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විසින් අනාවරණය කරගත් කරුණු ශ්‍රී ලංකාවේ අපට අදත් දැනගැනීමට ලැබී නැත. "ඇමෙරිකන් මානසික වහල්බව" යනුවෙන් පරිභව කිරීම නිසා මෙම පර්යේෂණ ප්‍රතිඵලවල අඩුවක් සිදු නොවේ. අධ්‍යාපනය හ ජනමාධ්‍යය මෙම තොරතුරු වසන්කර තිබේ.
4. හෙළ-ඇසුර නමැති ලංකාව කේන්ද්‍ර කරගත් මහා අධිරාජ්‍යයක තොරතුරු වසන් කළ පිරිසක් ලෙස මෙරට වංශකතාකරුවන් හා මහාවිහාර සාහිත්‍යකරුවන් හඳුන්වා දී ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරුන් වෛරයට ලක් කරවීම ගුණසේකර මහතාගේ ව්‍යාපෘතියයි.
ඉතා අලංකාර දේශපාලන වේදිකා වාංමාලාවක් පාවිච්චි කළද මහා විහාරයද මහසෙන් රජු මෙන්ම බොහෝ වූ පින්ද බොහෝ වූ පව්ද කර තිබීම සත්‍යයකි. හෙළ නමැති වචනය මකා එහි සංස්‌කෘත පරිවර්තනය වන "සිංහල" නාමය ජාතියට භාවිත කිරීම සිදුවිය. ඉතිහාසය සඟවා විජයාගමනයෙන් මෙරට ජනාවාස වූ බව කීම මහාවිහාර සම්ප්‍රදාය විය. තායිලන්ත මූලාශ්‍රවල කියෑවෙන පරිදි හෙළ බසින් කියවුන පුස්‌කොල පොත් ඇතුන් සත් දෙනෙකු උසට ගොඩගසා ගිනි තබන ලදී. හෙළයන් කොතරම් රසකාමීන්ද කොතරම් උසස් සාහිත්‍යකරුවන්ද යන්න අපට දැනගත හැක්‌කේ සීගිරි ගී තවමත් ශේෂ වී ඇති නිසාය. ශ්‍රී ලංකාව ජනාවාස වී වසර 380 කට පසු රුවන්මැලි සෑය ඉදිවූයේ යෑයි අනුරාධපුර දිසාපති (අමර හේවාමද්දුම) විසින් විස්‌තර කළ විට ලෝක බැංකු සභාපති රොබට් මැක්‌නමාරා එය මේ මිනිස් ලොව සිදුවිය නොහැක්‌කක් බව කියා ප්‍රතික්‍ෂේප කළේ අප සමග තරහින් නොව මුළු ලෝකය ගැනම දැනුමක් ඔහුට ඇති නිසාය. ලොව මහා ජල ශිෂ්ටාචාරය ලෙස බටහිරුවන් විසින් හඳුන්වන අපගේ ශ්‍රී ලංකාවේ බෞද්ධ මිස සිංහල සාහිත්‍යයක්, චිත්‍ර කලාවක්, ගෘහ නිර්මාණ ශිල්පයක්, මූර්ති කලාවක්, කැටයම් කලාවක් නැත්තේ ඇයිද යන්න ගැන සමීක්‍ෂණයක් කළ යුතුව ඇත. සංස්‌කෘතිය ඉක්‌මවා ගිය බෞද්ධ ආධිපත්‍යයක් නුවුයේ දැයි ගවේෂණය කළ අයෙක් නැත.
5. මහින්දාගමනයෙන් පසු ලියෑවුන ශිලා ලිපිවල ඇති රාමා, රාවණා වැනි නම් සාමාන්‍ය මිනිසුන්ගේ නම්වෙති. එය රාවණා ඓතිහාසික කිරීමට යොදාගත නොහැක.
මහින්දාගමනයෙන් පසුව ලිපිවලත්, එමෙන්ම රාවණ යන නාමයත් සාමාන්‍ය මිනිසුන්ට යෙදුනාද විය හැක. නමුත් "මහරජ රාවණ" යනු සාමාන්‍ය රටවැසියෙකු නොවේ. බ්‍රාහ්මී අක්‍ෂර ලිපිවල මහරජ යන නම රජුන් හට පමණක් යෙදී ඇත. මහරජ රාවණ, මහරජ පනිත, දෙවන පිය මහරජ, ගාමිණී අබය, දෙවනපිය මහරජ ගාමිණී තිස, දෙවනපිය මහරජ උති, මහරජ තිස යන මේ සාමාන්‍ය මිනිසුන් නොවේ. වංශ කතාවල එන දේවානම් පියතිස්‌ස රජුගේ නමින් එකදු සෙල් ලිපියක්‌වත් හමුවී නැත. නමුත් "දෙවනපිය" නාමය මහාවංශය විසින් දී ඇත්තේ ඔහුට පමණි.
6. රාමායණය ඊට වඩා පැරණ මහා භාරතයේ අතුරු කතාවකි. මහා භාරතයේ නිරූපණය වන්නේ ක්‍රි. පූර්ව 800 ට ආසන්න කාලයකි.
මෙම සොයාගැනීම සන්නස්‌ගමට ඉතා වැදගත්ය. නමුත් ඒ සඳහා සාක්‍ෂි කිසිවක් නැත. ඉතිහාසය දන්නා හැමදෙනාම දන්නේ සංස්‌කෘතය ලියන බසකට සුදුසු තත්ත්වයට ආවේ ක්‍රි. පූර්ව 6 වන සියවසේ පාහියන්ගේ ව්‍යාකරණ ග්‍රන්ථයෙන් පසුව බවය. එනිසා අනිවාර්යයෙන්ම මෙම මහා කාව්‍ය දෙකම ඉන්පසු සම්පාදනය විය යුතුය. එපමණක් නොව මහා විහාරය විසින් මෙරට ජාතියට දුන් නාමය වන සිංහල යන්න හා රටටදුන් සිංහල ද්වීපය යන්නද මහා භාරතයේ සඳහන්ය. මෙනිසා අනිවාර්යයෙන්ම ක්‍රි. පූර්ව 275 න් හෝ පසු කලෙක මහා භාරතය ලිවිය යුතුය. මහාචාර්ය ඔලිවර් අබේනායකගේ මතය වන්නේ ශ්‍රී ලංකාවේ ලියවුනු ජාතක අටුවාවට අයත් දශරථ ජාතකය හා සුසොන්දි ජාතකය කවි සංකල්පනා ඔස්‌සේ විස්‌තීරණය කරමින් රාමායණය ලියවුන බවය (17.07.2010 මහවැලි කේන්ද්‍රයේ රාවණ විරෝධි සම්මන්ත්‍රණය). එබැවින් සන්නස්‌ගම මහතා මහාචාර්ය අබේනායක හා සාකච්ඡා කිරීම වටී.
7. මේ නිසා මහාභාරතය ලියූ යුගයට සියවස් දෙකකට පසුව ජීවත් වූ බුදුන් වහන්සේට හෝ භික්‍ෂුන්ට රාවණා රජු ලෙන් පූජාකළ බව කියන සූරිය ගුණසේකර මහතා
මනඃකල්පිත කරුණු වලට පිළිතුරු දීමට පරචිත්ත විජාණඥනය තිබිය යුතුය.
8. මෙරට යක්‍ෂ අසුර රාජධානියක් තිබුනේ නම් විභීෂණගේ යුගයෙන් පසු එය අඛණ්‌ඩව පැවතිය යුතුය.
විභීෂණ යුගයක් පිළිගැනීම යනු රාවණා යුගයක්‌ද පිළිගැනීමක් වන්නේය. රාවණා මිත්‍යාවක් වීමටත් විභීෂණ ඓතිහාසික වීමටත් නුපුළුවන. නමුත් මිනිසුන් විසින් විභීෂණ දේවත්වයට නැංවූයේ ඔහු ජීවත් වී මරණයට පත් වීම නිසාය. සිංහල දේව සංකල්පය යනු ජනප්‍රිය පුද්ගලයන් මරණින් පසු දේවත්වයට නැංවීමටයි. අවසන් වරට අප විසින් 1864 දී දේවත්වයට නංවන ලද රංවල දෙවියන් යනු රංවල තොටුපළේ තොටියා වූ අප්පු සිංෙÆaය.
9. පැරණි මහා ශිෂ්ටාචාරයන් ඇති වුනේ මහා ගංගාධාරවලින් සමන්විත විශාල ගොඩබිම්වල මිස දූපත්වල නොවේ. ශ්‍රී ලංකාව තුළ ඒවාට සමාන ශිෂ්ටාචාරයන් බිහිවීමට අවශ්‍ය භෞතික සම්පත් හා භූගෝලීය පිහිටීම ඇත්ද? එහි පිහිටීම බුද්ධිමය සංකල්ප දියුණු වීමේ ඉඩකඩ ස්‌වභාවයෙන්ම අඩු කරයි. ලංකාව වැනි දූපත්වල ශිෂ්ටාචාර - සංස්‌කෘති ඇති වුණේ අසල්වැසි මහා ගංගාධාර නිසාය.
දූපත් මානසිකත්වය යනු රෝගී තත්ත්වයකි. ඇමෙරිකන් එන්.ජී.ඕ. ක්‍රිස්‌තියානි මිෂනාරින් විසින් මෙය අනුනට බෝකරන රෝගයකි. ඔවුහු ලෝකය කලාප 7 කට බෙදති. හත්වැන්න කුඩා දූපත් එකතුවය. (Sප්කක සික්‌බාs) අපි අයිති කලාපය අසියා-ශාන්තිකර කලාපයයි. මාධ්‍යකරුවන් මීට මහෝපකාරී වන්නේ "අපගේ පුංචි ලංකාව, කුඩා දූපතක් වූ අප, ලෝක සිතියමේ කඳුළු බිංදුවක් බදු ශ්‍රී ලංකාව" වැනි හීනමානය දනවන වචන කියමිනි. සන්නස්‌ගමගේ මහා ශිෂ්ටාචාර 4 නම් මිසර, බැබිලෝනියා, හොවැංහෝ සහ හරප්පාය. බැබිලෝනියා ශිෂ්ඨාචාරය ගොඩනැංවීමට උපදෙස් දුන්නේ "ගුවන් යානාවලින් ආ සිංහ මිනිසුන්" බව කියෑවෙන මැටි පුවරු 1996 අප්‍රේල් වල සොයාගති. වසර 5500 හෝ ඊට වඩා පැරණි ලෙස ලෝකය පිළිගන්නා බැබිලෝනියාවද කඩුව අතින් ගත් සිංහයා ලාංඡනයෙන් යුක්‌තය. සිංහ ශරීරය, පියාපත් දෙක හා මිනිස් මූණ සහිත බැබිලෝනියානු ලාංඡනයේ පියාපත් ගුවන්යානාව නිසාය. සිංහ ශරීරය සිංහ මිනිසුන් නිසාය. බුදුදහම පිළිගත් එකම රට ලංකාව වීමෙන් බුද්ධි වර්ධනය දූපත්වල සිදු නොවන බව කීම නිෂේධනය වේ. 1840-50 යුගයේ ආරම්භක වැවිලිකරුවන් දුටු ලෙස ලොව සාරවත්ම රට ලංකාවයි. බෝගවර්ග අතුරින් 14 ක් ඉස්‌තරම්ම වන්නේ ලංකාවේ ඒවාය.
10. සිංහල යන වචනය සිව්හෙළ යන අර්ථයෙන් සැදී නැත. කිසිම ශිලා ලිපියක මෙසේ හෙළයන් හතර වගක් සඳහන් නොවේ. සිව්හෙළ යන හැඳින්වීම සිංහල යන හැඳින්වීමට පසුව ඇතිවිය.
සිංහල යනු "හෙළ" නමැති හෙළ වචනයේ සංස්‌කෘත පරිවර්තනයයි. සිංහල යනු සංස්‌කෘත හැඳින්වීමකි. මහාවිහාර භික්‍ෂුන් වහන්සේලා "හෙළ" නමැති වචනය මකා ඒ වෙනුවට සිංහල නමැති වචනය අදේශ කළහ. එසේ වුවද මහනුවර යුගය දක්‌වාත් සිංහල වෙදකම හෙළ කවියෙන් විය. ආයුර්වේද වෙදකම පමණක් සංස්‌කෘත ශ්ලෝකවලින් තිබුණි.
උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/04/badada03.html