Sunday, August 12, 2012

වසර ලක්ෂ ගණනකට පෙර හෙළයන් තනන ලද (ආදම්ගේ) පාලම

ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. 
පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.

ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අද ද එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි. මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම(Adam’s Bridge), හනුමාගේ පාලම(Hanuman’s Bridge), රාවණාගේ පාලම(Ravana Bridge), රාමාගේ පාලම(Rama Bridge), සේතු සමුද්‍රම්(Sethusamudhram),
පෝක් සමුද්‍ර සන්ධිය(Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.

අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත. මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.

රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.

සාගර පතුළ තුළ සැඟවුනු විශ්මිත නගරය

පැරණි ඇට්ලැන්ටිස් ජනාවාසයේ පිහිටීම
ඇට්ලන්ටිස් ශිෂ්ටචාරය පිලිබඳව මුල්ම ලිඛිත සාක්ෂි අපට හමු වනු ලබන්නේ ප්ලේටෝ හා ඔහුගේ සීයා අතර ඇතිවනුලබන දෙබසක් ඇසුරිනි. ඒ අනුව ප්ලේටෝ ගේ කාලයට වසර 9000 කට පෙර ඉතා දියුනුව පැවති සමුද්‍රගාමී ශිෂ්ටචාරයක් වූ "ඇට්ලැන්ටිස්" එකල ලොව පැවති අනෙකුත් ශිෂ්ටචාර සියල්ලම තම අණසැක යටතට ගැනීම තරම ප්‍රබල වූවක් විය.

මුල්ම ඇට්ලන්ටිස් ආදිවාසීන් ලෙස සැලකෙනු ලබන්නේ, මෙයට වසර 5000කට පමණ, හෝ ඊට පෙර පෘථිවියට පැමිණි කිසියම් ජීවි විශේෂයක් විසින් බව සැලකේ. (ලිරියන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පැමිණි අය වලුන් ලෙස සලකනු ලබයි.) මොවුන් "එලොහිම්" නොහොත් "අනින්කායි" ලෙස හඳුන්වනු ලබන අතර වසර 800කට පමණ අයු කාලයකට හිමිකම් කියූවො වෙති. බයිබලයේ උත්පත්ති පොතෙහි මොවුන් යොධයන් ලෙසට හඳුන්වා දී ඇත.

ප්‍රවාදයනට  අනුව "ටයිමන්" වරුන් ලෙසද සැළකෙන මොවුනට, අඩි 8-12 දක්වා උස්වු ශරීර තිබූ බවට, කැණීම් වලින් හමුවු යෝධ ඇටසැකිළි සාක්ෂි දරයි. 

එමෙන්ම ඇට්ලැන්ටිස් වරු සතු වූ තාක්ෂණය වත්මන්, විද්‍යාවට අද ද පැහැදිළි කළ නොහැකි තරම් සුපිරි අධි ස්වභාවික එකක් වූ බවට සාධක ඇත. උදාහරණයක් ලෙස කාලගුණය , ගිණිකඳු පිපිරීම් ආදිය පවා ඔවුන් පාලනය කර ඇති බව අනාවරණය වී ඇත.

මේ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ සුසර කරන ලද පළිඟු(Crystals)වු අතර, අවසානයේදී ශිෂ්ටාචාරය විනාශ වී යාමට පවා හේතු වූයේ ද, ඔවුන්ගේ මෙම අධික පළිඟු භාවිතයයි.

පළිඟු සතු අධික වර්තන හැකියාව, විස්තාරය, ශක්තිය ගබඩා කර ගැනීමේ හැකියාව ඔවුන් පුළුල් පරාසයක් තුල දියුණු කරමින්,  ශක්තිය ගබඩා කිරීමට, ත්‍රීවුතාව පාලනය කිරීමට හා වෙනත් ස්ථානයකට සම්ප්‍රේෂණ්ය කිරීමට පමණක් නොව ද්‍රව්‍ය සම්ප්‍රේෂණ්ය  කිරීමට ද, යොදාගත් බව සනාථ වී ඇත.

නමුත් අවසානයේ දි, මෙම බලසම්පන්න ශිෂ්ටචාරය සාගර පතුලේ සදහටම මිහිදන් කරලීමට හේතු වනු ලැබූයේ, බල කාමයෙන් මත්වූ ඇට්ලැන්ටිස් වරුන්ගේ මෙම සීමාව ඉක්මවන ලෙස සුසර කරන ලද, පළිඟු වල අධි භාවිතයයි. අධික ලෙස  සුසර කරන ලද පළිඟු  හේතුවෙන්  යමහල් ක්‍රියාකරීත්වය ඉහලයාමෙන් ඇතිවූ ප්‍රභල භූ කම්පනයන් හා සුනාමි තත්වය හේතුවෙන් ඇට්ලන්ටිස් ජනාවාසය සාගරයට බිලි වූ අතර, මෙම විනාශකාරී ස්ංසිද්ධියේ ප්‍රබලතාවය හේතුවෙන් පෘථිවියේ සිරස් අක්ෂය ද, අද පවතින ආකරයට අංශක 23 1/2 කින් ආනත වූ බවට මතයක් ද වේ.

මෙම මතයන් මිථ්‍යවන් ලෙසට බැහරලීමට නොහැකි වනුයේ මෙම ප්‍රදේශයන් ගෙන් අදටත් හමු වන භෞතික සාක්ෂි හෙතුවෙනි. උදාහරණයක් ලෙස, වර්තමානයේ දී පවා අභිරහසක් ලෙසට පවතින බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවනු ලබන ගුප්ත අතුරුදන් වීම් වලට, සාගර පතුලේ සැඟවී ඇති ඇට්ලැන්ටිස් යුගයට අයත් පළිඟු හේතු වන බව සැළකේ. 

සාගර පතුළ තුළ සැඟවුනු නගරය
එමෙන්ම මෙම මතයන් තවදුරටත් තහවුරු වීමට ස්ථිරසාර සාක්ෂි 1973 මැක්ෂින් ඈෂර්ගේ ප්‍රධානත්වයෙන් මුහුදු පතුලේ සිදුකරනු ලැබූ ඇට්ලැන්ටිස් ගවේෂණය මගින් සපයනු ලැබුනු අතර ගවේෂණයට සහභාගී වූ ගවේෂකයන් හට සාගර පතුල තුළ තිබූ නටඹුන් අතර, ගඩොල් ඇතිරූ මහා මාර්ග, විශාල කුළුනු, සර්පිලාකාර හා ඒක කේන්ද්‍රීය මෝස්තර, පිරමීඩ්, ගෝල, ඇළ මාර්ග ආදිය හඳුනා ගැනීමට හැකිවිය.

මෙහි වූ අනෙක් විස්මය ජනක කරුණ වනුයේ එම නටඹුන් ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විස්තර කරන ලද ස්ථාන වලින් ම හමු වීමයි.

Tuesday, January 17, 2012

මහාවංශයේ පිටු අතුරුදන් කළේ "සාක්‍ෂි නැති මරණයක්‌" පෙන්වීමටද?

ලන්ඩන්හි යටත් විජිත භාර මහලේකම් කාර්යාලයෙන් ඒ ඒ රටේ තම යටත් විජිත ලේකම්වරුන්ට දැනුම් දී තිබූ කරුණක්‌ වූයේ එම රටවල ඉතිහාසය සොයා බලා සංග්‍රහ කිරීමටය. ඉන් බොහෝ කලකට පසු 1912 දී එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් විසින් ශ්‍රී ලංකාවේ සංක්‍ෂිප්ත ඉතිහාසය ග්‍රන්ථයක්‌ ලෙස සම්පාදනය කළේය. පුරාණ යුගය සම්බන්ධ එහි මූලාශ්‍ර වූයේ මහාවංශය ඇතුළු වංශ කතාවන්ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් දවස පාළි මහාවංශයේ තුන්වැනි කොටස ලිවීමේදී එහි තිබුණා වූ 40 වැනි පරිඡේදය 19 සියවස අග භාගයේදී අතුරුදන් වී ඇති බව දක්‌නා ලැබිණි. අදත් එය එසේමය. කාශ්‍යප රජු යුදයෙන් පරදවා මුගලන් රජ වූ පසු තොරතුරු 40 පරිච්ඡේදයේ විය. සීගිරිය ගැනත් රාවණ රජු ගැනත් එහි විස්‌තර අඩංගු වූ බව ඊට යොමුවදී ඇති වෙනත් ග්‍රන්ථවලින් පැහැදිලිය.


රාවණ මරණය දැක්‌වෙන ෆර්නාඩ් ඈන් ප්‍රියන්තේ
කොර්මන් (1875) විසින් අඳින ලද සිතුවම.

රාවණ ඓතිහාසික චරිතයක්‌ නොවන බව කියන ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අතරට එකතුවීමට කැමැත්තක්‌ දක්‌වන ලලීන්ද්‍ර සන්නස්‌ගම නමැති ලේඛකයා නැගී සිටින දුර්වල පදනම ඔහුට අවබෝධ කරවන අතරම සුද්දා අනුව ගිය ඉතිහාසය හදාරන්නන්ද දැන ගතයුතු කරුණු බොහෝය.

ලංකා ඉතිහාසය ගොඩනැංවීමේ ශුද්ධ වූ අයිතිය අද හිමිවන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට හා රාජකීය ආසියාතික සංගමයටය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු එංගලන්ත විශ්වවිද්‍යාල ආකෘතිය මත පිහිටි බටහිර දැනුම බෙදාදෙන විද්‍යාස්‌ථානයන්ය. මත ගැටුමක්‌ සමාජය තුළ උග්‍ර වූවොත් එය අවසාන වශයෙන් විසඳිය යුත්තේ අධිකරණයෙනි. අධිකරණය යනු ඉංගිලිසි නීතිය අනුව විනිශ්චය කරන ස්‌ථානයයි. කැඳවන්නේ විශේෂඥ සාක්‍ෂින්ය. විශේෂඥ සාක්‍ෂි යනු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ය. රූපවාහිනි විකට ශිල්පීන් තිදෙනාගේ "ඌ මට ගහනවෘ මට ඌ ගහනව" විචිත්‍රාංගය මෙහිදී සිහියට නැගේ. සන්නස්‌ගම මහතාගේ පදනම දුර්වල වුවත් ඔහුගේ සුරක්‍ෂිත බව ප්‍රබලය. කොඩ්රිංටන් - පරණවිතාන (අදෘශ්‍යමාන) ගුරුකුලය තවමත් ලංකාවේ ජයග්‍රාහීව සිටීම ඊට හේතුවය.

බ්‍රිතාන්‍ය ගුරුකුලයට වැරදුන තැනකින් පටන්ගැනීම සුදුසුයෑයි සිතමි. මහාවංශය ලංකා ඉතිහාසය ලෙස සැලකූ සුද්දා රාවණ රජු හුදු මිථ්‍යාවක්‌ ලෙස බැහැර කළේය. මහාවංශයේ 40 පරිච්ඡේදය අතුරුදන් වූයේ සාක්‍ෂි නැති මරණයක්‌ පෙන්වීම සඳහා විය හැක. නමුත් කාශ්මීර ඉතිහාසය ලිවීමේදී බ්‍රිතාන්‍යයන් කල්හාතගේ රාජතරංගනිය (කාශ්මීර රාජාවලිය දැක්‌වෙන ග්‍රන්ථය) අනුව යමින් ක්‍රි.පු. 1149 දී රාජ්‍යත්වයට පැමිණි "විභීෂණ" ගෙන් ඉතිහාසය ලිවීම ඇරඹීය. මේ වෙනත් විභීෂණයකු නොව රාමායනයේ දැක්‌වෙන රාවණගේ සොහොයුරු විභීෂණමය. ඔහුගෙන් පසු ක්‍රි.පු. 1095 දී ඉන්ද්‍රජිත් (මියගිය බව රාමායණයේ සඳහන් රාවණාගේ පුත්‍රයා) රජවිය. ක්‍රි.පු. 1060 දී දෙවැනි රාවණ රජවිය. අනතුරුව ක්‍රි.පු. 1030 දී දෙවැනි විභීෂණ රජවිය. මෙම ලැයිස්‌තුව රාජතරංගනිය කියවා හෝ කාශ්මීර ඉතිහාස පොත කියවා දත හැකිය.

ත්‍රිපිටකයට අයත් නොවන මහායාන සූත්‍රයක්‌ වන "ලංකාවතාර සූත්‍රය" මලයකූටයේ සිටි රාවණ පරපුරේ පාලකයාට බුදුන් විසින් (නමක්‌ සඳහන් නොවේ) දේශනා කරන ලද බව එම සූත්‍රයේ සඳහන්ය. එපමණක්‌ නොව දෙදහස්‌ පන්සිය වසරකට පසු ලෝක නායකයෙකු (දියනා) ලංකාවෙන් බිහිවන බවද එහි අන්තර්ගතය. පැරකුම්බා සිරිත ලියූ කවියා ප්‍රාර්ථනා කරන්නේ ඒ කෝට්‌ටේ හයවැනි පැරකුම්බා රජුම වේවා යනුවෙනි (පැරකුම්බා සිරිත 9 කවිය - කියන මගිය කොහි සිට එනු දද සමනොල ගොසිනා... ආදී) මේ සමග දැනට වසර කිහිපයක සිට රාවණ රජු ගැන උද්යෝගයක්‌, භක්‌තියෙන් යුතුව සැලකීමත් හා සමාජ හඬක්‌ ඇතිවී තිබීම අධ්‍යයනය කළ යුතුය.

මිනිසාගේ ඇස, කණ, නාසය ආදී වූ පසිඳුරන්ට අවබෝධ කළ නොහැකි දේ බොහෝය. ලොව 80% ක්‌ පසිඳුරන් මගින් තේරුම් ගත නොහැකි බව කියනු ලැබේ. ලලීන්ද්‍ර සන්නස්‌ගම මහතාද මෙබඳු මනුෂ්‍යයෙකු විය යුතුය.

ඔහුq ඉදිරිපත් කරන කරුණු හා තර්ක කොටස්‌ 3 ට වර්ග කළ හැක. 1. වැරදි හඳුනා ගැනීම්, 2. මනඃකල්පිත අදහස්‌, 3. කරුණු හා තර්ක.

වැරදි හඳුනා ගැනීම්

1. බෞද්ධ ශිෂ්ටාචාරය(- ශිෂ්ටාචාරය යනු මිනිසා විසින් තමා අවට ඇති සම්පත් හා ස්‌වාභාවික වස්‌තූන් තමාට කැමැති ලෙස ප්‍රයෝජනයට ගනිමින් අවශ්‍යතා සපුරා ගැනීමේ සම්පූර්ණ ක්‍රියාදාමය හඳුන්වන වචනයයි. බුදුන් වහන්සේ විසින් භූමි පරිභෝජනය, බිම් සැකසීම, බීජ තෝරාගැනීම, වැපිරීම, ජල සම්පාදනය, අස්‌වැන්න නෙළීම ආදී වූ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන ධර්ම දේශනාකර නැත. කර්මාන්ත හෝ ප්‍රවාහනය ගැනද නැත. සංස්‌කෘතිය යනු මිනිසුන්ට පමණක්‌ සීමාවන සිතීම්, වචන හා ක්‍රියාවලීන් ඇසුරින් ඇතිවන සමානත්වය දැක්‌වීම සඳහා යෙදෙන වචනයයි. භාෂාව, ආගම, නැටුම්, ගීත වාදන, චිත්‍ර, මූර්ති, සාහිත්‍ය, සිරිත්, හැසිරීම් විධි යනාදී දේ ඒ යටතට එයි. මේ අනුව බෞද්ධ ශිෂ්ඨාචාරයක්‌ නොව බෞද්ධ සංස්‌කෘතියක්‌ ඇත.

2. ආර්ය ජනයා(- මැක්‌ස්‌මුලර්ගේ ආර්ය වර්ගීකරණයට අනුව ආර්ය හා අනාර්ය ජනතාවන් ඇතද, ඇත්තේ ආර්ය භාෂා පමණි. මේ වේදයේ ඇති ආර්ය නමැති වචනය වරදවා වටහා ගැනීමකි. අර්යය ඉන්දියාවේ වයඹ දිග කපොළු වලින් පන්ජාබයට ඇතුළුවීම යනු 1990 න් පමණ පසු නිෂේධ වූ මතයකි. උතුරු දිග ශීතල ප්‍රදේශවල සිට දකුණෙහි උණුසුම් ඉරානයට අවුත් එහි නතර වූ ජනයා ඉන්දු-ඉරානියන් ලෙසද, බටහිරට ගිය අය ඉන්දු-යුරෝපීය ලෙසද, නැගෙනහිර ගමන් කළ අය ඉන්දු ආර්ය ලෙසද කරන හැඳින්වීම නිවැරදි වන අතර මෙම එඬේරුන් ඉරානයට ආවේ කොකේසස්‌ කඳුකරයෙන් බව කීමද නිවැරදිය. ඔවුන් කොකේසස්‌ කඳුකරයේ ඕපපාතිකව පහළවූවා නොව හෙළදිව සිට හිරත්යක්‌ රජු ගොස්‌ එහි ජනවාස පිහිටුවීම කළ බව දැන් සොයාගෙන ඇත.

3. රාමායණය සනාථ කිරීම හා රාවණා සනාථ කිරීම(- රාමායණය ප්‍රබන්ධ කරන ලද මහා කාව්‍යයකි. එබැවින් ඓතිහාසික ලෙස එය සනාථ කළ නොහැක. නමුත් රාවණ ඓතිහාසික නිසා ඔහු මනුෂ්‍යයෙක්‌ බව සනාථ කළ හැක. රාමා, සීතා, හනුමන් මිථ්‍යා ප්‍රබන්ධ වීම හේතුවෙන් රාවණා මිථ්‍යාවක්‌ වීම සිදු නොවේ. ඓතිහාසික පුද්ගලයන් (දුටුගැමුණු, කාශ්‍යප, සිද්ධාර්ථ) මුල්කර නවකතා ලිවීම දැනුදු කෙරේ.

කල්පිත අදහස්‌

1. අමුවාචාරීන් මිෂනාරින් ගණයට දැමීම(- මිෂනාරි යනු ඉංගිලිසි වචනයකි. පණිවිඩයක්‌ (මිෂන්) රැගෙන යන්නා යනු එහි අර්ථයයි. අටුවාචාරින් වහන්සේලා විසින් කළේ ගුඹුරු වූ දහම සාමාන්‍ය ජනතාව සඳහා ජීවන අත්දැකීම් මිශ්‍රිත කතාන්තර බවට හරවා ලියා එය ජනතාවට සන්නිවේදනය කිරීමයි. මහින්ද තෙරුන් ධර්මදූත මෙහෙවරක යෙදුන (මිෂනාරි) දූතයෙකි. එපමණක්‌ නොව බුදුන් වහන්සේද මුළු උතුරු ඉන්දියාව පුරා දහම් බෙරය වයා ජනතාවට දහම් පණිවිඩය දුනි. මිෂනාරි යන වචනය මිෂන් (දූත මෙහෙවර) සඳහා යෙදෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැක. ඉංගිලිසි වචන පාවිච්චි කිරීමේදී එම භාෂාව දැනගැනීම අත්‍යවශ්‍යය.

2. ඇමෙරිකානු වහල් භාවය(- කොඩ්රිංටන් - පරණවිතාන ගුරුකුලය ඉංගිලිසි මානසික වහල් බව තුළ ගැලී සිටින නිසා ඊට පටහැනි මත පළකිරීම ඇමෙරිකානු මානසික වහල්බව යයි සිතීම මුලාවකි. "අත්තානං උපමං කත්වා....." යනු හැමවිටම සුදුසු උපදේශයක්‌ නොවේ.

3. සාක්‍ෂි නැතිවිට එසේ නොවේයයි කීම(- රාවණ රජු සනාථ කිරීමට පුරාවිද්‍යා සාක්‍ෂි නැතිබව සන්නස්‌ගම මහතා පුන පුනා පවසයි, අතීතයේ සිට මහනුවර යුගය දක්‌වාම සාමාන්‍ය සිංහල රටවැසියන්ගේ ඇඳුම, නිවාසය සැදීම, ආහාර සැකසීම කෙසේදැයි දැනගැනීමට සාක්‍ෂි නැත. මේ අනුව සිංහලයා ඉතිහාසය පුරා නිර්වස්‌ත්‍රව හා එළිමහනේ ගස්‌යට ජීවත් වූ බව කීමටද ඔහු පෙළඹෙනු ඇත.

4. රාවණ බුදු දහමට අනුග්‍රහ දැක්‌වීම(- රාවණ රජු බුදු දහමට අනුග්‍රහ දැක්‌වූ අයෙකු නොවන අතර මා එබඳු ප්‍රකාශයක්‌ කර නැත. එවැන්නක්‌ රාමායණයේද නැති නිසා එබඳු අදහසක්‌ ප්‍රකාශ කළ නොහැක. මේ ලංකාවතාර සූත්‍රය ඇසුරින් ආ ලියුම්කරුගේ මනෝ නිර්මාණයකි.

කරුණු හා තර්ක

1. ඉලියිඩ් හා ඔඩිසි වීරකතා රාමායණයට හා මහ භාරතයට සමානවීම(-

මෙම සාධකය සන්නස්‌ගම මහතා දකින්නේ එකම මුල් භූමියක සිට දෙපයට විහිදී යාම නිසා ඇතිවූවක්‌ ලෙසටය. ඇතැම් විට එසේ වන්නටද පුළුවන. නමුත් ඊට වඩා ප්‍රබල හේතු දැක්‌විය හැක. දකුණු අමෙරිකානු ඇමසන්හි වනචාරියාද, අප්‍රිකාවේ කොංගෝහි වනචාරියාද, නැගෙනහිර ඉන්දීය දූපත්වල වනචාරියාද ශ්‍රී ලංකාවේ වැද්දාද සමාන පැවතුම් ඇති අය වෙති. ඒ ඔවුන් එකම මුල් භූමියක වාසය කළ නිසා නොව ඔවුන්ගේ ප්‍රාථමික ජීවිතය නිසාය. එමෙන්ම බටහිර හා නැගෙනහිර ඉහත සඳහන් යුද්ධය මුල්කරගත් වීර කතා යනු දඩයම් ජීවිතයට වඩා දියුණු එඬේර දිවියේ අගයන්ය. තණබිම් කොල්ලකමින්, සතුන් පැහැරගනිමින්, යටත්වූවන් වහල්කමට ගනිමින් සංචාරය කරන එඬේරාට වීරත්වය එන්නේ යුද්ධය හරහාය. භාරතයේ එදත් අදත් ඇත්තේ එඬේර ශිෂ්ටාචාරයකි. එඬේර සංස්‌කෘතියකි. නමුත් ඔහු මස්‌ බුදින එඬේරා නොව කිරි බොන (පස්‌ගෝරස) එඬේරාය. එබැවින් යුරෝපයේ මස්‌ බුදින එඬේරාගේ අගයත් කිරිබොන එඬේරාටද පොදුය.

2. මැක්‌ස්‌මුලර්ගේ "ආර්ය න්‍යාය" නිවැරදි ඉතිහාසයයි. ආර්යයෝ ග්‍රීසියට හා ඉන්දියාවට සංක්‍රමණයවීමට පෙර එකම ජනතාවක්‌ ලෙස උතුරු සුළු ආසියානු ප්‍රදේශයක ජීවත්වූහ.

මෙහි "සුළු ආසියානු ප්‍රදේශයක" ආර්යයන් මුලින් එකට ජීවත් වී පසුව දෙපසට බෙදීයාම යනුවෙන් අඩමානයට කීම අත්‍යවශ්‍යය. උතුරු සුළු ආසියානු ප්‍රදේශ නැතිවා මෙන්ම දෙපසට බෙදීයැමට පෙර එකට ජීවත් වූ ප්‍රදේශය ලෙසින් ආර්ය න්‍යාය විසින් හඳුනාගත්තේ ඉරානයයි. අප පාසැල් යන අවදියේ පවා තුර්කිය හැඳින්වූයේ "සුළු ආසියාව" යන ගර්හිත නමින්ය. උතුරු සුළු ආසියාව යනු ආසියාවේ උතුරේ සුළු ප්‍රදේශයක්‌ ලෙස සන්නස්‌ගම සලකා ඇති බව පෙනේ.

3. උතුරු සුළු ආසියානු ප්‍රදේශයක වූ එම මාතෘ ආර්ය භූමියේදී ගෙතූ වීරකතා දෙකකින් රාමායණය හා මහාභාරතය සකස්‌ කරගෙන ඇත.

19 සියවස අග හා 20 සියවස මුල බ්‍රිතාන්‍ය සිවිල් සේවක ඉතිහාසඥයන්ගේ දැනුම අප විසින් තවමත් කරතබාගෙන සිටීම සංවේගයට හේතුවකි. 1970 න් පසු ගවේෂණයෙහි යෙදුන ඇමෙරිකන් ප්‍රමුඛ ජර්මන් හා වෙනත් තරුණ යුරෝපීය මානව විද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විසින් අනාවරණය කරගත් කරුණු ශ්‍රී ලංකාවේ අපට අදත් දැනගැනීමට ලැබී නැත. "ඇමෙරිකන් මානසික වහල්බව" යනුවෙන් පරිභව කිරීම නිසා මෙම පර්යේෂණ ප්‍රතිඵලවල අඩුවක්‌ සිදු නොවේ. අධ්‍යාපනය හ ජනමාධ්‍යය මෙම තොරතුරු වසන්කර තිබේ.

4. හෙළ-ඇසුර නමැති ලංකාව කේන්ද්‍ර කරගත් මහා අධිරාජ්‍යයක තොරතුරු වසන් කළ පිරිසක්‌ ලෙස මෙරට වංශකතාකරුවන් හා මහාවිහාර සාහිත්‍යකරුවන් හඳුන්වා දී ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරුන් වෛරයට ලක්‌ කරවීම ගුණසේකර මහතාගේ ව්‍යාපෘතියයි.

ඉතා අලංකාර දේශපාලන වේදිකා වාංමාලාවක්‌ පාවිච්චි කළද මහා විහාරයද මහසෙන් රජු මෙන්ම බොහෝ වූ පින්ද බොහෝ වූ පව්ද කර තිබීම සත්‍යයකි. හෙළ නමැති වචනය මකා එහි සංස්‌කෘත පරිවර්තනය වන "සිංහල" නාමය ජාතියට භාවිත කිරීම සිදුවිය. ඉතිහාසය සඟවා විජයාගමනයෙන් මෙරට ජනාවාස වූ බව කීම මහාවිහාර සම්ප්‍රදාය විය. තායිලන්ත මූලාශ්‍රවල කියෑවෙන පරිදි හෙළ බසින් කියවුන පුස්‌කොල පොත් ඇතුන් සත් දෙනෙකු උසට ගොඩගසා ගිනි තබන ලදී. හෙළයන් කොතරම් රසකාමීන්ද කොතරම් උසස්‌ සාහිත්‍යකරුවන්ද යන්න අපට දැනගත හැක්‌කේ සීගිරි ගී තවමත් ශේෂ වී ඇති නිසාය. ශ්‍රී ලංකාව ජනාවාස වී වසර 380 කට පසු රුවන්මැලි සෑය ඉදිවූයේ යෑයි අනුරාධපුර දිසාපති (අමර හේවාමද්දුම) විසින් විස්‌තර කළ විට ලෝක බැංකු සභාපති රොබට්‌ මැක්‌නමාරා එය මේ මිනිස්‌ ලොව සිදුවිය නොහැක්‌කක්‌ බව කියා ප්‍රතික්‍ෂේප කළේ අප සමග තරහින් නොව මුළු ලෝකය ගැනම දැනුමක්‌ ඔහුට ඇති නිසාය. ලොව මහා ජල ශිෂ්ටාචාරය ලෙස බටහිරුවන් විසින් හඳුන්වන අපගේ ශ්‍රී ලංකාවේ බෞද්ධ මිස සිංහල සාහිත්‍යයක්‌, චිත්‍ර කලාවක්‌, ගෘහ නිර්මාණ ශිල්පයක්‌, මූර්ති කලාවක්‌, කැටයම් කලාවක්‌ නැත්තේ ඇයිද යන්න ගැන සමීක්‍ෂණයක්‌ කළ යුතුව ඇත. සංස්‌කෘතිය ඉක්‌මවා ගිය බෞද්ධ ආධිපත්‍යයක්‌ නුවුයේ දැයි ගවේෂණය කළ අයෙක්‌ නැත.

5. මහින්දාගමනයෙන් පසු ලියෑවුන ශිලා ලිපිවල ඇති රාමා, රාවණා වැනි නම් සාමාන්‍ය මිනිසුන්ගේ නම්වෙති. එය රාවණා ඓතිහාසික කිරීමට යොදාගත නොහැක.

මහින්දාගමනයෙන් පසුව ලිපිවලත්, එමෙන්ම රාවණ යන නාමයත් සාමාන්‍ය මිනිසුන්ට යෙදුනාද විය හැක. නමුත් "මහරජ රාවණ" යනු සාමාන්‍ය රටවැසියෙකු නොවේ. බ්‍රාහ්මී අක්‍ෂර ලිපිවල මහරජ යන නම රජුන් හට පමණක්‌ යෙදී ඇත. මහරජ රාවණ, මහරජ පනිත, දෙවන පිය මහරජ, ගාමිණී අබය, දෙවනපිය මහරජ ගාමිණී තිස, දෙවනපිය මහරජ උති, මහරජ තිස යන මේ සාමාන්‍ය මිනිසුන් නොවේ. වංශ කතාවල එන දේවානම් පියතිස්‌ස රජුගේ නමින් එකදු සෙල් ලිපියක්‌වත් හමුවී නැත. නමුත් "දෙවනපිය" නාමය මහාවංශය විසින් දී ඇත්තේ ඔහුට පමණි.

6. රාමායණය ඊට වඩා පැරණ මහා භාරතයේ අතුරු කතාවකි. මහා භාරතයේ නිරූපණය වන්නේ ක්‍රි. පූර්ව 800 ට ආසන්න කාලයකි.

මෙම සොයාගැනීම සන්නස්‌ගමට ඉතා වැදගත්ය. නමුත් ඒ සඳහා සාක්‍ෂි කිසිවක්‌ නැත. ඉතිහාසය දන්නා හැමදෙනාම දන්නේ සංස්‌කෘතය ලියන බසකට සුදුසු තත්ත්වයට ආවේ ක්‍රි. පූර්ව 6 වන සියවසේ පාහියන්ගේ ව්‍යාකරණ ග්‍රන්ථයෙන් පසුව බවය. එනිසා අනිවාර්යයෙන්ම මෙම මහා කාව්‍ය දෙකම ඉන්පසු සම්පාදනය විය යුතුය. එපමණක්‌ නොව මහා විහාරය විසින් මෙරට ජාතියට දුන් නාමය වන සිංහල යන්න හා රටටදුන් සිංහල ද්වීපය යන්නද මහා භාරතයේ සඳහන්ය. මෙනිසා අනිවාර්යයෙන්ම ක්‍රි. පූර්ව 275 න් හෝ පසු කලෙක මහා භාරතය ලිවිය යුතුය. මහාචාර්ය ඔලිවර් අබේනායකගේ මතය වන්නේ ශ්‍රී ලංකාවේ ලියවුනු ජාතක අටුවාවට අයත් දශරථ ජාතකය හා සුසොන්දි ජාතකය කවි සංකල්පනා ඔස්‌සේ විස්‌තීරණය කරමින් රාමායණය ලියවුන බවය (17.07.2010 මහවැලි කේන්ද්‍රයේ රාවණ විරෝධි සම්මන්ත්‍රණය). එබැවින් සන්නස්‌ගම මහතා මහාචාර්ය අබේනායක හා සාකච්ඡා කිරීම වටී.

7. මේ නිසා මහාභාරතය ලියූ යුගයට සියවස්‌ දෙකකට පසුව ජීවත් වූ බුදුන් වහන්සේට හෝ භික්‍ෂුන්ට රාවණා රජු ලෙන් පූජාකළ බව කියන සූරිය ගුණසේකර මහතා

මනඃකල්පිත කරුණු වලට පිළිතුරු දීමට පරචිත්ත විජාණඥනය තිබිය යුතුය.

8. මෙරට යක්‍ෂ අසුර රාජධානියක්‌ තිබුනේ නම් විභීෂණගේ යුගයෙන් පසු එය අඛණ්‌ඩව පැවතිය යුතුය.

විභීෂණ යුගයක්‌ පිළිගැනීම යනු රාවණා යුගයක්‌ද පිළිගැනීමක්‌ වන්නේය. රාවණා මිත්‍යාවක්‌ වීමටත් විභීෂණ ඓතිහාසික වීමටත් නුපුළුවන. නමුත් මිනිසුන් විසින් විභීෂණ දේවත්වයට නැංවූයේ ඔහු ජීවත් වී මරණයට පත් වීම නිසාය. සිංහල දේව සංකල්පය යනු ජනප්‍රිය පුද්ගලයන් මරණින් පසු දේවත්වයට නැංවීමටයි. අවසන් වරට අප විසින් 1864 දී දේවත්වයට නංවන ලද රංවල දෙවියන් යනු රංවල තොටුපළේ තොටියා වූ අප්පු සිංෙÆaය.

9. පැරණි මහා ශිෂ්ටාචාරයන් ඇති වුනේ මහා ගංගාධාරවලින් සමන්විත විශාල ගොඩබිම්වල මිස දූපත්වල නොවේ. ශ්‍රී ලංකාව තුළ ඒවාට සමාන ශිෂ්ටාචාරයන් බිහිවීමට අවශ්‍ය භෞතික සම්පත් හා භූගෝලීය පිහිටීම ඇත්ද? එහි පිහිටීම බුද්ධිමය සංකල්ප දියුණු වීමේ ඉඩකඩ ස්‌වභාවයෙන්ම අඩු කරයි. ලංකාව වැනි දූපත්වල ශිෂ්ටාචාර - සංස්‌කෘති ඇති වුණේ අසල්වැසි මහා ගංගාධාර නිසාය.

දූපත් මානසිකත්වය යනු රෝගී තත්ත්වයකි. ඇමෙරිකන් එන්.ජී.ඕ. ක්‍රිස්‌තියානි මිෂනාරින් විසින් මෙය අනුනට බෝකරන රෝගයකි. ඔවුහු ලෝකය කලාප 7 කට බෙදති. හත්වැන්න කුඩා දූපත් එකතුවය. (Sප්කක සික්‌බාs) අපි අයිති කලාපය අසියා-ශාන්තිකර කලාපයයි. මාධ්‍යකරුවන් මීට මහෝපකාරී වන්නේ "අපගේ පුංචි ලංකාව, කුඩා දූපතක්‌ වූ අප, ලෝක සිතියමේ කඳුළු බිංදුවක්‌ බදු ශ්‍රී ලංකාව" වැනි හීනමානය දනවන වචන කියමිනි. සන්නස්‌ගමගේ මහා ශිෂ්ටාචාර 4 නම් මිසර, බැබිලෝනියා, හොවැංහෝ සහ හරප්පාය. බැබිලෝනියා ශිෂ්ඨාචාරය ගොඩනැංවීමට උපදෙස්‌ දුන්නේ "ගුවන් යානාවලින් ආ සිංහ මිනිසුන්" බව කියෑවෙන මැටි පුවරු 1996 අප්‍රේල් වල සොයාගති. වසර 5500 හෝ ඊට වඩා පැරණි ලෙස ලෝකය පිළිගන්නා බැබිලෝනියාවද කඩුව අතින් ගත් සිංහයා ලාංඡනයෙන් යුක්‌තය. සිංහ ශරීරය, පියාපත් දෙක හා මිනිස්‌ මූණ සහිත බැබිලෝනියානු ලාංඡනයේ පියාපත් ගුවන්යානාව නිසාය. සිංහ ශරීරය සිංහ මිනිසුන් නිසාය. බුදුදහම පිළිගත් එකම රට ලංකාව වීමෙන් බුද්ධි වර්ධනය දූපත්වල සිදු නොවන බව කීම නිෂේධනය වේ. 1840-50 යුගයේ ආරම්භක වැවිලිකරුවන් දුටු ලෙස ලොව සාරවත්ම රට ලංකාවයි. බෝගවර්ග අතුරින් 14 ක්‌ ඉස්‌තරම්ම වන්නේ ලංකාවේ ඒවාය.

10. සිංහල යන වචනය සිව්හෙළ යන අර්ථයෙන් සැදී නැත. කිසිම ශිලා ලිපියක මෙසේ හෙළයන් හතර වගක්‌ සඳහන් නොවේ. සිව්හෙළ යන හැඳින්වීම සිංහල යන හැඳින්වීමට පසුව ඇතිවිය.

සිංහල යනු "හෙළ" නමැති හෙළ වචනයේ සංස්‌කෘත පරිවර්තනයයි. සිංහල යනු සංස්‌කෘත හැඳින්වීමකි. මහාවිහාර භික්‍ෂුන් වහන්සේලා "හෙළ" නමැති වචනය මකා ඒ වෙනුවට සිංහල නමැති වචනය අදේශ කළහ. එසේ වුවද මහනුවර යුගය දක්‌වාත් සිංහල වෙදකම හෙළ කවියෙන් විය. ආයුර්වේද වෙදකම පමණක්‌ සංස්‌කෘත ශ්ලෝකවලින් තිබුණි.

උපුටා ගැනීම - http://www.divaina.com/2010/08/04/badada03.html

Saturday, January 14, 2012

බුදු සමය හා අසුරයෝ...




අසුරයන් පිළිබඳව අපට පැරණි ඉන්දීය දේව කථාවලත් බෞද්ධ සූත්‍ර ධර්ම සමහරක හා ජාතක කථා කීපයකත් තොරතුරු දක්නට ලැබේ. මේ අතර අසුර නමැති ඓතිහාසික මිනිස් කණ්ඩායමක් පිළිබඳව යුප්‍රටීස් ගඟ බඩ පිහිටි පැරණි රටවලින් අපට අසන්නට ලැබේ. වර්තමාන ඉරාක රාජ්‍යය ලෙස සැලකෙන පැරණි ඇසිරියාව යන රට ක්‍රි.පූර්ව අවුරුදු 3000 ක පමණ කාලයක දියුණුව තිබූ රටක් ලෙස සලකනු ලැබේ. සැල් මෙහෙසර් නමැති ඇසිරියානු අධිරාජයා ක්‍රි.පූර්ව 835 පමණේ දී මීඩියන් හා පර්සියන් ජාතිකයන් පරාජය කොට ඔවුන්ගෙන් කප්පම් ගත් බව සඳහන් වේ. එසමයෙහි ඇසිරියන්වරු අසුරයන් හැටියටත් මීඩියන් හා පර්සියන් ජාතීන් සුරයන් හැටියටත් සලකන ලද බව පෙනේ. ශත වර්ෂ දෙකක් පමණ අසුරයන් යටතේ සිටි මීඩියන්වරු හෙවත් සුරයෝ අසුර රාජ්‍යයෙ අක්‍රමණය කළහ. එහෙත් එවක එහි සිටි අසුර් බනිපාල් නමැති ඇසිරියන් රජතුමා සුරන් පලවා හැරියේය. දෙවෙනි වතාවේ සංවිධානව පැමිණි මිඩියන්වරු හා පර්සියන්වරු අති බිහිසුණු සටනක් කොට අසුරයන් පරදවා ලූහ. මෙකල පර්සියානු අධිරාජ්‍යයේ සිටි මහා සයිරස් රජතුමා (ක්‍රි.පූ. 585 - 526 ) ඔහුගේ පර්සියානු අධිරාජ්‍යයට මීඩියාව, අයෝනියාව, ලිබියාව, මෙසපොටේමියාව, සිරියාව හා පලස්තීනය ඇතුළත් කර ගත්තේය. පර්සියන් වරු, රූමත් පිරිසක් වූ අතර ඇසිරියන්වරු නිර්භීත වීරෝදාර පිරිසක් වූ බවද කියනු ලැබේ. පුරාතනයන් විසින් දේවත්වයට නංවන ලද සුර අසුර සංග්‍රාමයේ තොරතුරු පසුකාලීන භාරත සාහිත්‍යයේ දක්නට ලැබෙන බව පැහැදිලිය.

වරක් වේද සාහිත්‍යයේ එන ‘බලී’ නමැති අසුරයා, භුවනත්‍රයම ජය ගැනීමට රිසි වී දෙව් ලොවට ගොස් ඉන්ද්‍රයා පරදවා අධීශ්වරත්වය ලබා ගත්තේය. එවිට ඉන්ද්‍රයා විෂ්ණුගේ පිහිට සොයා ගියේය. ඉක්බිති විෂ්ණු වාමන රූපයක් මවාගෙන බලී අසුරයා වෙත ගොස් තමන්ට පදිංචි වීමට සුදුසු තැනක් ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියේය. “ඔබට මේ සඳහා කොතරම් ඉඩක් අවශ්‍යදැ”යි බලී ඇසු විට “ මට පියවර තුනක් තබන්නට හැකි ඉඩ කොටසක් දුන මැනව“ යි වාමනයා කියා සිටියේය . “ එසේ නම් එය ගනුවයි “ අසුරයා අණ කළේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතූ® විෂ්ණු, නාරායන නම් වෙසක් මවාගෙන, එක් පියවරක් දෙව්ලොව ද අනෙක් පියවර පොළොවෙහිද, තුන්වෙනි පියවර බලීගේ් හිස මතද තබමින් ඔහු පාතාලයට තල්ලු කර දැම්මේය.
මෙන්න මහා භාරතයේ එන තවත් කථාවක්. සුරයන්ගේ සතුරන් වු අසුරයන්ගෙන් සුරයන්ට නිතර උපද්‍රව පැමිණෙන්නට විය. එවිට සුරයන්ගේ නායකයා වූ විෂ්ණු අසුරයන් පරාජය කිරීම සදහා කිරිමුහුද කලඹන ලද්දේය. කිරිමුහදු කලඹන ලද්දේ මහමේරු පර්වතය පත්ලේ තිබූ අමෘතය ලබාගෙන එය බී අජරාමර වීම සදහාය.

මෙහිදී විෂ්ණු කිරි මුහුද කළඹන ලද්දේ වාසුකී නාගරාජයාගේ උදව්වෙනි. වාසුකී නාග රාජයාගේ දරණ පටින් මහමේරු පර්වතය වටලා බැඳගෙන ඔහුගේ හිස පැත්ත අසුරයන්ටත්, වල්ගය සුරයන්ටත් ලැබෙනසේ අල්වා ගන්නට සලස්වා කිරිමුහුඳ කැළඹීමට සැලැස්වීය. මේ සටනේදි නාගයාගේ විෂ ධූමයෙන් අසුරයන් මරණයට පත්ව පරාජය වු බව කියනු ලැබේ.මෙහිදී කිරි මුහුදෙන් මතුවූ අමෘතය බී සුරයෝ අජරාමර වූහ. කිරිමුහුදෙන් මතු වූ වස්තු 14 න් එකක වු ලක්‍ෂ්මිය විෂ්ණුගේ බිරිඳ බවටද පත් වුවාය.
එක්තරා ජාතක කථාවක සුරයන්ගේ ආරම්භය දැක්වෙන්නේ මෙසේය. පෙර දඹදිව මචල නම් ග්‍රාමයේ , මාර්ග ,පැන් පොකුණු ගොඩනැගිලි ආදිය සාදමින්,, අඹුදරුවන් සමඟ පින් දහම් කළ මඝ නමැති මානවකයා ඉන් චුතව ගොස් දෙව්ලොව ශක්‍ර දේවේන්ද්‍රයාව උපත ලද බව කුලාවක ජාතකයෙහි සඳහන් වයි. මචල ග්‍රාමයේදි ඔහුට උදව් කළ දෙතිසක් මිනිස්සු හා ඔහුගේ බිසෝවරුද තව්තිසා දෙව්ලොවම උපත් ලද්දෝය.
පෙර තව්තිසා දෙව්ලොව වාසය කළෝ අසුරයෝය. ‘අලුත් පිරිසක් දෙව්ලොවට පැමිණ ඇතැයි සැලකූ අසුරයෝ ඔවුන් පිළිගැනීමට දිව්‍ය සුරාවක් පිළියෙල කළහ. තමන්ගේ පිරිස දිව්‍ය සුරාව පානය කිරීමෙන් වැළැක්වු සක්දෙව් තෙම දිව්‍ය සුරාව අසුරයන්ටම පොවා, ඔවුන් මත් වූකල, දෙකකුලෙන් ගෙන ඔවුන් මහමෙර පත්ලට යැවූ බව කියනු ලැබේ.

සුරඅසුර යුද්ධය පිළිබඳ පුවතක් ධජග්ග සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

“ මහණෙනි, ඉස්සර කාලෙදී සුරයන් හා අසුරයන් අතර යුද්ධයක් ඇතිවුණා. ඒ යුද්ධයේ දී ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසා දෙව්ලොව වැසියන්ට කතා කරලා මෙහෙම කියනවා. ‘නිදුක්වරුනි යුද්ධයට ගිය දෙවියන්ට බියක්, තැති ගැනීමක් හෝ ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත් නුඹලා මගේ කොඩිය දෙස බලන්න.
එවිට ඒ බිය, තැති ගැනීම හෝ ලොමු දැහැගනීම පහව යනවා. ඉතින් මගේ කොඩිය දෙස බලන්නේ නැත්තං ප්‍රජාපති දෙව් රජුගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය තැතිගැනීම හෝ ලොමු දැහැගැනීම පහව යනව. එහෙමත් නැත්තං වරුණ දෙව්රජගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය, තැතිගැනීම හා ලොමු දැහැගැනීම පහව යනවා. එහෙමත් නැත්නම් ඊසාන දෙව්රජුුගෙ කොඩිය දෙස බලන්න. එවිට ද ඒ බිය, තැතිගැනීම හා ලොමුදැහැ ගැනීම පහව යනව.

මහණෙනි, ඒ සක්දෙවිඳුගේ කොඩිය බලන අයටත්, ප්‍රජාපතී දෙවිඳුගේ කොඩිය බලන අයටත්, වරුණ දෙව්රජුගෙ කොඩිය බලන අයටත් ඊශාන දෙවිඳුගෙ කොඩිය බලන අයටත් ඇතිවන බිය, තැතිගැනීම හා ලොමු දැහැ ගැනීම පහව යන්නේ ද? පහව යන්නේ නැත. මහණෙනි ඊට හේතුව කුමක්ද? මහණෙනි, සක්දෙවිඳුගේ කොඩිය බලන අයත්, ප්‍රජාපති දෙවිඳුගේ කොඩිය බලන අයත්, වරුණ දෙව්රජුගේ කොඩිය බලන අයත් ඊසාන දෙවියන්ගේ කොඩිය බලන අයත් රාගය පහනොවූ, ද්වේෂය පහනොවූ , හා මෝහය පහනොවු අයයි. එබැවින් ඔවුන්ගේ බිය, තැතිගැනීම හා ලොමු දැහැගැනීම පහවයන්නේ නෑ.

මහණෙනි, මමත් මෙහෙම කියමි. කැලේකට හෝ රුක්මුලකට හෝ පාළුගෙයකට හෝ ගිය ඔබලාටත් බියක් , තැතිගැනීමක් හා ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්ය. සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුුරිසදම්ම සාරථීය ,දෙව් මිනිසුන්ට ගුරුය. කියා මා සිහි කරන්න. එවිට ඔබලාගේ බිය, තැතිගැන්ම, හා ලොමු දැහැගැනීම පහව යනවා. එසේ පහව යන්නේ තථාගතයන් වහන්සේත් ධර්මයත්, සංඝයාත් වීතරාග, වීතදෝස හා වීතමොහ නිසාය. මහණෙනි, මෙසේ බුදුන් , දහම් , සඟුන් සිහි කරන්නාට බියක් තැති ගැනීමක් හා ලොමු දැහැගැනීමක් සිදුවන්නේ නැහැ.

මෙහිදි බුදුරජාණන් වහන්සේ කරන්නේ ධජග්ග සූත්‍රයේ සඳහන් දෙය උදාහරණයක් වශයෙන් ගෙන භික්‍ෂූන් වහන්සේට පාඩමක් ඉගැන්වීමයි. සුර අසුර යුද්ධය පිළිබඳ තවත් පුවතක් සුභාසිත ජය සූත්‍රයේ (සක්ක සංයුත්තයේ) මෙසේ සඳහන් වෙයි.

පෙර සුර අසුර යුද්ධයක් පැවැත්තේය. එහිදි වේපචිත්ති අසුරිඳු ‘සක් දෙවිඳුනි, සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි කීය. සක්දෙවිඳුද ‘සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි පැතීය. දෙදෙනාගේ තරග විනිශ්චය සඳහා සුර අසුර දෙගොල්ලම එකතුව විනිශ්චය මණ්ඩලයක් සාදා ගත්හ.

ඉක්බිති වේපචිත්තා අසුරිඳු ‘ සක්දෙවිඳුනි ‘ ගාථාවක් කියන්නැයි කීය. ඔබලා පැරණි අය නිසා ඔබ ගාථාවක් කියන්නැ’යි සක්දෙවිඳු කීය. එවිට වේපචිත්ති මේ තේරුම් ඇති ගාථාව කීය. “ වළක්වන්නකු නැත්නම් මෝඩයෝ බෙහෙවින් වැනසෙති. එබැවින් දැඩි දඬුවම් දී මෝඩයා වළක්වා ගත යුතුය “ වේපචිත්තිගේ මේ කියමන අසුරයෝ පිළිගත්හ. දෙවියෝ නිහඬ වූහ.

අනතුරුව වේපචිත්ති සක්දෙවිඳුට ගාථාවක් කියන්නැයි කීය. එවිට සක් දෙවිඳු “ කිපුණ සතුරා දැක යමෙක් සිහිකල්පනාවෙන් සන්සුන්වෙයි නම්, එම සන්සිඳීම ම සතුරා වැළකීම යයි කියමියි කීය. ශක්‍රයාගේ කියමන දෙවියෝ පිළිගත්හ. අසුරයෝ නිහඬ වූහ. ....මේ අන්ඳමින් වාදය තවත් දිගට පැවැත්තේය.
අවසානයේදී විනිශ්චය මණ්ඩලය මෙබඳු තීරණයක් කළහ. “වේපචිත්තිගේ ගාථා කලහ කිරීම සඳහාය. ඒවා හිංසාවෙන් පිරී ඇත. ශක්‍රයාගේ ගාථා කලහ නොකිරීම සදහාය, ඒවා දඬුවමින් තොරය, එබැවින් සක්දෙවිඳුට සුභාෂිතයෙන් ජය අත්විය “ යනුවෙනි.

අපේ මාතෘකාව වූයේ අසුර අපාය පව් පල දෙන තැනැක් දැයි සොයා බැලීමය.අසුරයන් යනු දේවත්වයට නැගුණු කල්පිත චරිත කොට්ඨාශයක් බව ඉහත සඳහන් තොරතුරු වලින්ද ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. එබැවින් පව් පලදීම සිදුවන්නේ මිනිස් අපාය තිරිසන් අපාය හා පේ‍්‍රත අපායේදී බව අපට නිගමනය කළ හැකිය.

බර්මියුඩා ත්‍රිකෝණයේ නොවිසඳුනු අභිරහස්.

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අග්නිදිග අත්ලාන්තික් වෙරළ තීරයේ එක්තරා ප‍්‍රදේශයක සිදුවන සිදුවීම් නිසා ලොව පුරා කවුරුත් මවිතයට පත්වී සිටිති. මේ කලාපයට ඇතුලූ වන නැව් මෙන් ම මේ කලාපයට ඉහළින් අහසේ ගමන් ගන්නා ගුවන් යානා ද අතුරුදන් වී තිබේ. සමහර ගුවන් යානා සහ නැව් අතුරුදන් වී ඇත්තේ කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකරයි. මේ නැව් සහ ගුවන් යානාවලට මොකද වුණේ? ඒවායේ ගමන් කළ අයට මොකද වුණේ? ඔවුන් කොහෙද ගියේ? මේ ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දෙන්න විද්‍යාවට තවමත් හැකිවී නැහැ. ඈත අතීතයේ පටන් නාවිකයන් මේ ති‍්‍රකෝණාකාර ප‍්‍රදේශය හැඳින්වූයේ ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’ යන නමිනුයි. ඒත් අපි කවුරුත් එය හඳුන්වන්නේ ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යනුවෙනි.

මොකක්ද මේ බර්මියුඩා ති‍්‍රකෝණය ?
ශතවර්ෂ ගණනාවක් තිස්සේ නාවිකයන් විසින් ඔවුනට මුහුණ පාන්නට සිදුවුණු පැහැදිලි කළ නොහැකි අත්දැකීම් විස්තර කර තිබේ. ඒත් බර්මියුඩා ති‍්‍රකෝණය ගැන ඔවුන් කියන කතා මුහුද සම්බන්ධයෙන් ගෙතූ උපමා කතාවලට බොහෝ සෙයින් සමාන කමක් දක්වනවා. ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’ට Devil's Triangle නැතිනම් ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ට Bermuda Triangle අයත් ප‍්‍රදේශය වන්නේ බර්මියුඩාව, ෆ්ලොරිඩාවේ මයාමි සහ පුවර්ටෝ රීකෝවේ සැන් යුවාන් යන ප‍්‍රදේශයි. මෙම ප‍්‍රදේශයට අප බර්මියුඩා ති‍්‍රකෝණය කීවත් එය ඇමෙරිකානු භූ කලාප නම් කරන මණ්ඩලයේ The U. S. Board of Geographic Names නිල නාමාවලියට එය ඇතුළත් කර ගෙන නැත. මෙම කලාපය ජපාන හා පිලිපීන ධීවරයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’කියාය. ඊට හේතුව මෙවැනි ම කලාපයක් ජපානයට නැගෙනහිර මුහුදේ තිබීමයි. ජපාන සහ පිලිපීන ධීවරයින් එම කලාපය හඳුන්වන්නේ ‘යක්ෂයාගේ මුහුද’ Devil's Sea කියාය. ඒ අනුව ඔවුහූ බර්මියුඩා ති‍්‍රිකෝණයට ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’කියා කියති. එහෙත් බර්මියුඩා ති‍්‍රකෝණය තරමට මෙම කලාපය ප‍්‍රසිද්ධියට පත්වී නොමැත. බර්මියුඩා ති‍්‍රකෝණයට අයිති කලාපයේ ඇති අසාමාන්‍ය චුම්බක ධාරා මෙන්ම අබිරහස් අතුරුදන්වීම් ද ‘යක්ෂයාගේ මුහුද’ යනුවෙන් හැඳින්වෙන කලාපයේ දැකිය හැකිවේ.


ක‍්‍රිස්ටෝපර් කොලම්බස් දුටු දේ
බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස පිළිබඳ මුල්ම ලිඛිත වාර්තාව සටහන් වී ඇත්තේ 1492 දීය. එය සුප‍්‍රකට ස්පාඤ්ඤ ජාතික දේශගවේෂක ක‍්‍රිස්ටෝපර් කොලම්බස් විසින් ලියූ වාර්තාවකි. එම වාර්තාව සටහන් කර ඇත්තේ ඔහු ‘නව ලොවක්’ සොයා ගමනේ දී මුලින්ම ඇමෙරිකාවට පය තැබූ අවධියේදීය. ක‍්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාවට ගොඩ බැස්සේ ‘සැන්ටා මරීයා’ නැවෙනි. ‘සැන්ටා මරීයා’ නැව බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් කලාපය හරහා යද්දී ඔවුන්ගේ මාලිමා යන්ත‍්‍ර අසාමාන්‍ය අයුරින් හැම පැත්තටම කැරකෙන්න පටන් ගත් බවත් ක්ෂිතිජයේ කෙළවර දීප්තිමත් ආලෝකයක් දුටු බවත් ගිනි බෝලයක් අහසේ සිට ඇවිත් මූදට වැටුණු බවත් ක‍්‍රිස්ටෝපර් කොලම්බස් දුටු බව එම වාර්තාවේ සටහන් ව ඇත.

ති‍්‍රකෝණයේ අබිරහස
එදා පටන් අද දක්වාම දහස් ගණනින් අතුරුදන්වීම් මෙම කලාපය ආශ‍්‍රිතව අසන්න ලැබේ. මේ සෑම අතුරුදන්වීමක දී ම වහාම කි‍්‍රයාත්මක වන්නේ වෙරළාරක්ෂක නිලධාරීන්ය. බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් වන ප‍්‍රදේශයේ සිටින වෙරළාරක්ෂක නිලධාරීන් එහි දී අතුරුදන් වූවන් සොයමින් සෑම අවස්ථාවක දී ම මුහුදේ සෝදිසි මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් ඔවුන් කොතරම් වෙහෙස මහන්සි වෙනවා ඇත්දැයි ඔබට හිතා ගන්න පුළුවන් වේවි. බර්මියුඩා ති‍්‍රකෝණයේ කිසියම් අද්භූත සංසිද්ධීන් සිදුවන බවත් එහි කිසියම් අබිරහසක් ඇති බවත් ලොව පුරා ප‍්‍රචලිත වීමට හේතු වූයේ ෆ්ලයිට් 19 (Flight 19) ගුවන් යානා අතුරුදන්වීමය. ඊට පෙරාතුව 1918 මැයි මාසයේ 306 දෙනෙක් රැගත් යූ.එස්.එස්. සයික්ලොප්ස් (USS CYCLOPS) නෞකාව අතුරුදන්වීමත් සිදුවිය.


‘ෆ්ලයිට් 19’
1945 දෙසැම්බර් 5 වැනිදා ‘නේවි ඇවෙන්ජර්ස්’ නම් නාවික හමුදාවේ බෝම්බ හාරක ‘ෆ්ලයිට් 19’ නම් ගුවන් යානා පහක් ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුරෙන් ගුවන් ගත වූයේ සාමාන්‍ය පරිදි පැය 3 ක කාලයක් පුරා සිදුකෙරෙන යුද අභ්‍යාසයකට සහභාගීවීම සඳහායි. මේ ගුවන් යානා සමඟ ගුවන් හමුදා භටයෝ 14 දෙනෙක් ගමන් කළහ. ඔවුහූ ෆ්ලොරීඩා වෙරළ තීරය අවට බෝම්බ දැමීමේ පෙරහුරුවකට සහභාගී වූහ. පැය කිහිපයක් ගතවූ පසු ගුවන් යානා සමඟ ගමන් කළ මෙහෙයුම භාර අණ දෙන නිලධාරියා ලූතිතන් චාර්ල්ස් ටේලර් ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුර අමතමින් කියා සිටියේ ඔවුන්ගේ මාලිමා යන්ත‍්‍ර නිසි ලෙස ක‍්‍රියා නොකරන බවත් ඔවුන්ට මඟ සොයා ගැනීමට නොහැකිවී අතරමං වී ඇති බවත්ය. ඊට පසු ‘ෆ්ලයිට් 19’ ගුවන් යානාවලින් කිසිදු හෝඩුවාවක් අසන්න නොලැබිණි. ඊට පැය කිහිපයකට පසු ‘ෆ්ලයිට් 19’ ගුවන් යානා සෙවීමට තවත් ගුවන් යානා 100 ක් පිටව ගියහ. ඒ අතුරින් 13 දෙනෙකුගෙන් සමන්විත ‘මාටින් මැරීනර්’ (Martin Mariner) ගුවන් යානාව ද යළි දකින්නට ලැබුණේ නැන. මේ යානා එකකවත් සුන්බුන් හෝ මළ සිරුරු දකින්න හමුවුණේ ද නැත.

චාර්ල්ස් බර්ලිට්ස් සහ ඊ.වී.ඩබ්ලිව්. ජෝන්ස්
මේ අබිරහස ගැන උනන්දුවක් ඇති වූ එක් තරුණ හමුදා නිලධාරියෙක් වූයේ චාර්ල්ස් බර්ලිට්ස්ය. ඔහු දසක ගණනක් තිස්සේ මුහුදේ සිදුවූ මෙවැනි අද්භූත අසාමාන්‍ය සිදුවීම් ගැන උනන්දුවෙන් පර්යේෂණ පැවැත්වූ අයෙකි. ඔහු ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවාවේ පුවත් වාර්තාකරු ඊ. වී. ඩබ්ලිව්. ජෝන්ස් සමඟ මිත‍්‍රත්වයක් ඇති කර ගත්තේය. 1950 වසරේ සැප්තැම්බරයේ රසවත් හා උණුසුම් පුවත් නොමැතිව හෙම්බත් වී සිටිද්දී මුහුදේ සිදුවන අබිරහස් දේ ගැන ලිපියක් පළ කරන්නට ජෝන්ස් ඔහුගේ කර්තෘවරයා කැමැති කරවා ගත්තේය. අත්වැරදීමක් නිසා සිදුවූ අවාසනාවන්ත ඛේදනීය අනතුරු ලෙස සැලකූ අසාමාන්‍ය සිදුවීම් ලෙස නම් කර පුවත්පත් ලිපියකින් මේ තොරතුරු ප‍්‍රථම වතාවට පළ විය.


බර්මියුඩා ත‍්‍රිකෝණයට ප‍්‍රසිද්ධියක් ලැබේ
අබිරහස් අතුරුදන්වීම් සිදුවන මෙම කලාපය බර්මියුඩා ති‍්‍රකෝණය යනුවෙන් නම් කර ඒ ගැන විශේෂංගයක් පළ කළේ 1964 දී වින්සන් ගැඩිස් විසිනි. ඔහු ලියූ මෙම විශේෂංගය පළවූයේ ආගෝසි (Argosy) සඟරාවේ මුල පිටුවේය. ඉන් වසර 10 කට පසු චාර්ල්ස් බර්ලිට්ස්, 1945 වසරේ සිට සොයා එක්රැුස් කළ සියලූම පර්යේෂණ වාර්තා හා තොරතුරු එකතු කර ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යන නමින් පොතක් පළ කළේය. මේ පොත ආදායම් වාර්තා බිඳ හෙළමින් අළෙවි විය.

පිටසක්වළ ජීවීන් සහ අත්ලාන්තිස් නගරය ?
චාර්ල්ස් බර්ලිට්ස්ගේ පොත ප‍්‍රකාශයට පත්වීමත් සමඟ අබිරහස් අතුරුදන්වීම් ගැන නොයෙක් නොයෙක් අපූරු පැහැදිලි කිරීම් ඉදිරිපත් විණි. මෙම අතුරුදන්වීම් පසුපස පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසිවල සම්බන්ධයක් ඇතැයි සමහරු අදහස් පළ කළහ. තවත් සමහරුන් කීවේ පුරාණයේ ගිලී ගියා යැයි සැලකෙන අත්ලාන්තික් මහාද්වීපයේ අත්ලාන්තික් නගරයෙන් පිටවන කිසියම් ශක්ති ධාරාවක් නිසා අද්භූත සංසිද්ධීන් සිදුවන බවයි.

මාලිමා යන්ත‍්‍ර පිස්සු වට්ටවන ති‍්‍රකෝණය
බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් කලාපයේදී මාලිමා යන්ත‍්‍රවල කටු උතුරු දිශාවට යොමු නොවන බව ඇමෙරිකානු නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක නිලධාරීහු ද පවසති. මෙම ප‍්‍රදේශයේ ඇති අසාමාන්‍ය චුම්බක ශක්ති ධාරාවන් නිසා මාලිමා කටු කැරකෙන්නේ චුම්බක උතුරු දෙසටය. මේ අනුව මෙම මුහුදු කලාපය හරහා ගමන් කර නැව් සහ ගුවන් යානා මඟ සොයා ගැනීමට නොහැකිව අනතුරට පත්වීමේ අවදානමක් ද තිබේ.

වායු ධාරා ගැන ඉදිරිපත් වූ න්‍යායය
මෑතදී ඉදිරිපත් වූ එක් විද්‍යාත්මක පැහැදිලි කිරීමකට අනුව බර්මියුඩා ති‍්‍රකෝණයේ අතුරුදන්වීම් වලට පිළිගත හැකි නිගමනයක් පළ විය. ඒ අනුව මුහුදේ ඇති සාමාන්‍ය අයිස් කුට්ටිවල සමාන වුවත් ඒවා තුළ සිර කර ගෙන ඇති රසායනික සංයුතියෙහි වෙනසක් ඇති වායුවක් උෂ්ණත්වයේ හා පීඩනයේ ඇති වන වෙනස්කම් අනුව මුදා හැරෙන බැව් ඒ මතයෙන් කියැවිණ. තවමත් නිසි ලෙස හඳුනා නොගත් කිසියම් වායු සංයෝගයක් බර්මියුඩා ති‍්‍රකෝණය අයත් කලාපයේ මූදු පත්ලට මුදා හැරෙන බවත් ඉන් පැහැදිලි කෙරිණ. මෙම වායුව සිර වී ඇති අයිස් කුට්ටි හා එයින් නිකුත් කෙරෙන වායුව හැඳින්වෙන්නේ ‘ක්ලැතරේට්ස්’ යනුවෙනි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණ කළ විද්‍යාඥයන්ට බර්මියුඩා ති‍්‍රකෝණය ආශ‍්‍රිත මූදු ජලයේ මීතේන් වායුව මිශ‍්‍ර වී ඇති බව ද සොයා ගත හැකි වී තිබේ. උෂ්ණත්වය ඉහළ යෑමේදී සහ පීඩනයේ වෙනස්වීම්වලදී ‘ක්ලැතරේට්ස්’වලින් මුදා හැරෙන වායුව බුබුළු දමමින් ඉහළට මතු වෙයි. භූ රසායන විද්‍යාඥ රිචර්ඞ් මැකෙල්වර් පවසන්නේ මුහුදු ජලය හරහා ඉහළට පැමිණෙන වා බුබුඵ නිසා නැවක් පාවී යාමට ආධාර වන ජල ඝනත්වය අඩු වී යාම නිසා එතැනින් ගමන් ගන්නා නැව් ගිලී යාමට ඉඩ ඇති බවයි. එසේ ම ඉහළට එන ‘ක්ලැතරේට්ස්’ වායු ධාරාවන් නිසා දිය සුළි ඇතිවීමක් ද සිදු විය හැකියි. එමෙන් ම මෙම වායුව මූදු ජලයෙන් මතුපිටට පැමිණ විශාල වශයෙන් වායුගෝලයට එක් වූ විට වාසුළි ඇතිවීමටත් ඒවා නිසා වායුගෝලයේ ඇති ඔක්සිජන් සංයුතියේ වෙනස් වීම නිසා නියමුවන්ට ශ්වසන අපහසුතා ඇති වීමෙන් ගුවන්යානා පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් හෝ ගුවන් යානාවල එන්ජින් එක්වරම රත්වී ගිනිගෙන පුපුරා යාමෙන් විනාශ වීම ද සිදු විය හැකි බව ඔහුගේ මතයයි.

අබිරහස තව තවත් අබිරහසක් වෙයි
බර්මියුඩා ති‍්‍රකෝණය සම්බන්ධයෙන් මතු වන ප‍්‍රශ්න ප‍්‍රමාණය ලැබෙන පිළිතුරුවලට වඩා වැඩි වෙමින් පවතී. 1991 වසරේ මැයි මාසයේ කවුරුත් සිතුවේ ත‍්‍රිකෝණය හා සම්බන්ධ වූ එක් අබිරහසකට පිළිතුරු ලැබුණි යැයි කියාය. ඒ ති‍්‍රකෝණයට අයත් වන ප‍්‍රදේශයේ මූදු පතුල ගවේෂණය කළ කණ්ඩායමකට අඩි 600 ක් ගැඹුරේ තිබී නාවික හමුදාවට අයත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා පහක සුන්බුන් හමුවීමත් සමඟයි. මේ සුන්බන් හමුවූයේ ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුරේ සිට සැතපුම් 10 ක් දුරින් මුහුදේදීය. කවුරුත් සිතුවේ මේ හමුවුණේ ‘ෆ්ලයිට් 19’ නම් ගුවන් යානා 5 කියලයි. ඒත් ඒ ගැන වැඩිදුර පරීක්ෂා කිරීමේදී සොයාගත් තොරතුරු හැමෝම මවිතයට පත් කිරීමට සමත් විය. ඒ අබිරහස තවත් ලොකු අබිරහසක් බවට පත්විය. මූදු පතුලේ තිබී සොයාගත් මෙම යානා 5 ‘ෆ්ලයිට් 19’ කණ්ඩායමට අයත් 1945 දෙසැම්බර් 5 වැනිදා අතුරුදන් වූ යානා 5 නොවීය. එහෙත් ඇමෙරිකානු නාවික හමුදාවට තවත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා 5ක් මෙම කලාපයේ දී අතුරුන් වූ බවට කිසිදු වාර්තාවක් ද නොමැත. එසේ නම් ඒ ගුවන් යානා එතැනට ආවේ කෙසේ ද?