Wednesday, December 3, 2014

මළවුන්ට ප්‍රාණය ලබා දීමේ විද්‍යාත්මක පසුබිම

         
        ජෝතිෂ්‍යය, දේශීය වෛද්‍ය විද්‍යා, මන්ත් විද්‍යා, භූත විද්‍යා ආදී පුරාතන විෂයන් මිථ්යා විශ්වාස මත පදනම්ව ගොඩනැඟුණු ලෙස ඇතැමෙක් පිළිගනිති. බැව් සනාථ කරන්න කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන්නෝද අප අතර සිටිති. එසේ නමුත් ජීවිතයේ විවිධ අවස්ථාවලදී මෙකී විෂය පථයන් දිවි හිමියෙන් සරණ යන්නෝද වෙති. මේ අන්තයන් දෙකම හදාරමින් මිථ්යා මත හා මුළා විජ්ජාවන් බැහැර කරමින් මැදුම් පිළිවෙතින් යුක්තව පුරාතන විද්යාවන්ගේ සත්යය ගවේෂණය කරන්නෝද බොහෝ වෙති

        පුරාණයේ ඇත්තන් මළවුන්ට පණ දුන් වග ඔබ අසා ඇතුවාට සැක නැත. ඇතැම්විට මෙවන් අවස්ථා ඔබ දැක තිබෙන්නටද පුළුවන. මළවුන්ට පණ දීම අද සිදුවන්නේ නැත. එහෙත් කනප්පු යැවීම, පොල් ගෙඩි කරකැවීම, කුළු කරකැවීම වර්තමානයේ පවා රටේ බොහෝ තැන්වල මෙවන් දේ සිදු වෙයි. අද අපේ මාතෘකාවට අනුව මෙකී මළ කඳ යළි පණ ලබන්නේ කෙසේද? අණ පරිදි වැඩකටයුතු කරන්නේ කොහොමද කියා විදු ඇසකින් විමසා බලමු. මාගේ ගවේෂණ කාර්ය තුළ මෙකී සංසිද්ධියට අදාළ කරුණු හතරක් කේන්ද්රීයව බලපාන බව වටහා ගතිමි. මෙකී කේන්ද්රීය බලය එක්තැන් වූ පසු ඕනෑම භෞතික වස්තුවක් යළි සක්රිය වන බැව් කිව යුතුයි. මේ කාරණය භෞතික විද්යාත්මක දෘෂ්ටියෙන් බලපාන කල්හි ඕනෑම වස්තුවක් බිහිවීමට ආපෝ (තෙතමනය), තේජෝ (උණුසුම), වායෝ (සුළඟ), පඨවි (තදගතිය), පෘථිවි ගුණය යන සතරාංග උපයුක්ත වේ. මේ සතරාංගය සතර මහා භූත කොට්ඨාස ලෙස භෞතික වස්තු නිර්මාණය කරනු ලබයි. මේ සඳහා භෞතික වස්තුවකට හඳුනාගත් සතරාකාර බල කදම්බයන් ලබාදෙන කල්හි එම වස්තුවට ප්රාණයක් ලැබේ. මිනිසා ඇතුළු සත්ත්වයන් සුජීවත්ව සිටින කාලයේදී ප්රාණයක් හිමි බැව් අපි දනිමු. එය විඤ්ඤාණය විසින් ක්රියාත්මක කරනු ලබයි. ශරීරයෙන් යම් දිනෙක විඤ්ඤාණය බැහැරව ගිය කල්හි එකී ශරීරය මළවුන් අතරට වැටේ. එසේ නම් සත් ලෙසම මේ හැර ගිය විඤ්ඤාණය පෙර සිටි ගුප්ත විද්යාඥයන් විසින් යළි මළවුන්ට ලබා දුන්නද? නැත. එසේ විණි නම් ඔවුන් සදාකල්හිම අමරණීය වනු ඇත. එසේ නම් මළවුන් යළි පණ ලද්දේ කෙසේද? මළවුන් පමණක් නොව වෙනත් අජීවී භෞතික වස්තු පවා සජීවී ලෙස ක්රියාත්මක වූයේ කෙසේද? ඇදුරාගේ අණට කීකරුව කියන කියන දෑ සිදු කළේ කෙසේද? මේ මහා රහස ගවේෂණය කරන මම මෙකී සංසිද්ධියට අදාළ සිවුවැදෑරුම් ක්රමවේදයක් ඔවුන් භාවිත කරනවා ඇතැයි හඳුනා ගතිමි.

              මෙකී සිව් වැදෑරුම් බලකදම්බයන් මනා ලෙස සපිරුණු කල්හි නමැති ස්ථානයේ ඇතිවන චුම්බක ක්ෂේත්රය, නියුටෝන, ප්රෝටෝන, ඉලෙක්ට්රෝන යන පරමාණුක ශක්තියෙන් තුලනය වේ. එම අවස්ථාවේ පටන් බලයට කේන්ද් ගතවූ ඕනෑම භෞතික වස්තුවක් ක්රියාත්මක වී චලන දක්වයි. ලබාදෙන වේදනයන්ට අනුව ක්රියාකාරී වී කාර්යය සපුරයි. මෙය තාවකාලික යාන්ත්රික ප්රාණ බලයක් ලෙස හඳුනාගත හැකිය. මේ ක්රියාදාමයට නූතන විද්යාවේ රොබෝවරයා සමාන කළ හැකිය. පරිගණකය මඟින් සපයනු ලබන දත්තවලට පමණක් රොබෝවරයා ක්රියාත්මක වන්නේ යම් සේද? එසේම පෙර ගුප්ත ඇදුරාගේ අණට මේ මළවුන්ද ක්රියාත්මක විය.

සිවුවැදෑරුම් බල කේන්ද්රය පිළිබඳ එකිනෙක විමසා බලමු.

1. අන්තරීක් බලය
අන්තරීක් බලය යනු සූර්යා ඇතුළු ග්රහ වස්තූන්ගෙන් ජීවයේ ඇරැඹුම, පැවැත්ම හා නැසුම සඳහා කෙරෙන බලපෑම යැයි කෙටියෙන් හඳුන්වා දිය හැකිය. මෙය අතිශයින් ගැඹුරු විෂයක් නිසා මෙම විෂය පිළිබඳ විද්යාත්මක විවරණයක් ඉදිරි ලිපිවලින් පළ කිරීමට අදහස් කෙරේ. අන්තරීක් බලය කෙතරම් වැදගත්ද යත්, මෙම බලය නැති කල්හි ලොව කිසිදු ශක්තියක් නොපවතිනු ඇත. අපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහාභූත කොට්ඨාස නිර්මාණය කිරීමට සූර්යා ඇතුළු ග්රහ වස්තූන්ගේ නානවිධ කිරණ ශක්තීන් හේතු වේ.

පෘථිවියේ ජීවීන්ගේ පැවැත්ම (ශාක හා සත්ත්ව) සඳහා අත්යවශ් සාධකය වන්නේ සූර්ය ශක්තියයි. තාපය හා ආලෝකය ලෙස අපට ලැබෙන්නේ කෙසේද? එය පදාර්ථයෙන් තොරව අවකාශය හරහා තරංග ආකාරයෙන් පොළොවට ලැබෙන බව නූතන විද්යාව උගන්වයි. රික්තයක් තුළින් වුවද ප්රචාරණය වීමට හැකි මෙවැනි තරංග විද්යුත් චුම්බක ශක්තියක් ලෙස ගොඩනැඟේ. එසේ නම් පෙර සිටි ගුප්ත විද්යාඥයන් අන්තරීක් බලය නියම කලට මනා ලෙස යොදා ගනිමින් භෞතික වස්තූන්ට යාන්ත්රික ජීවයක් සපයා ඇත. එම කාරණයේදී ඔවුන් පහත කරුණු සැලකිල්ලට ගත් බව නූතන විද්යාව තුළින් පැහැදිලි වේ.

නූතන විද්යාවට අනුව සම්ප්රේෂණයට මාධ්යයක් නොමැතිව පැමිණෙන අන්තරීක් බල කදම්බයන් භෞතික වස්තුවකට ඇතුළත් වී ශක්තිය නිපදවයි. එසේම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ශක්තිය සම්ප්රේෂණය කරයි. මෙම ශක්තිය ආරෝපණ ගුණයෙන්ද යුක්ත වේ. මේ බැව් පුරාණ ඇත්තෝද මැනවින් දත්හ. ඔබ දන්නා පරිදි රික්තයේදී 3* 108 ms -1 වේගයකින් අන්තරීක් බලය ගමන් කරයි. එය ප්‍රබල අවස්ථාවකි. යම් වස්තුවක් රික්තයට හසුව අන්තරීක් බලයට නතු වූ විට එම වස්තුව තුළ පවතින නියුටෝන, ප්රෝටෝන, ඉලෙක්ට්රෝන පිටතට ඇදී යයි. මෙම අති ප්‍රබල අවස්ථාව හොඳින් නිරීක්ෂණය කර අතීත ගුප්ත විද්යාඥයන් මළවුන්ට පණ දීමේ මර සහ සුබ මුහුර්ත සාදා ගත්හ. එපමණක් නොව එම රික්තයට හසුවන ජීවී වස්තුවක් පවා වියළී හැකිළී යෑමට තරම් මෙම ශක්තිය ප්‍රබල විය. (ඒවාට අදාළ සංසිද්ධීන් පසු ලිපිවලින් බලාපොරොත්තු වන්න.) මළවුන්ට පණ දීමේ මෙම අන්තරීක් බලය රික්තයේ ගමන් කරන අවස්ථාවන් හඳුනාගත් පුරාණ ඇත්තෝ, එම රික්තයන්ට යම් යම් වස්තු (ඇසේ දෘෂ්ටි පථයට හසු නොවන - ඔවුන් මේවා හැඳින්වූයේ පිල්ලි ලෙසය.) නතු කොට එම වස්තූන් තුළ පවතින පරමාණුක ශක්තීන් මළවුන් වෙත ආරෝපණය කරන ලදී. මේ වික්රමය ඔවුන් කරන ලද්දේ අන්තරීක් බලයේ ආධාරයෙනි.

මේ අයුරින් ඔවුන් අන්තරීක් බලයෙන් හට ගන්නා නැකැත්, ගණ, කරණ, දින, තිථි, යෝග ආදී ප්රබල ශක්ති දෘශ් ආලෝකයන් හා තාප බලයන් උපයුක්ත කොටගත් බව අපට වැටහේ.


2. විද්යුත් චුම්බක
                     තරංගීය චිත්ත බලය
                            * විඤ්ඤාණය (පියවි ඇසට) නොපෙනේ.
                            * චිත්ත බලය
I. ආපෝ- තෙතමනය
II. තේජෝ - උණුසුම
III. වායෝ - වායුව
IV. පඨවි - තදගතිය
(මේ භූත හතර එකතු වී භෞතික වස්තූන් බිහි කරයි.)

මේ සියලු භෞතික ගුණ මළ සිරුර හෝ වෙනත් වස්තූන් තුළ අන්තර්ගත බව අපි දන්නෙමු. නමුත් ඉහතින් කියන ලද විඤ්ඤාණය සත්ත්වයාට පමණක් ආවේණික බව බෞද්ධ දර්ශනය සේම නූතන විද්‍යාවද පිළිගනී. නමුත් මෙම භෞතික වස්තු ක්‍රි වීමට (චලනය) නම් අන්වායාම තරංග හා තීර්යක් තරංග අත්‍යවශ්‍ය වේ. පුරාණයේ ඇත්තන් මෙය ලබා ගත්තේ කෙසේද? සඳහා ඔවුන්ට විද්යුත් චුම්බක තරංග හේතු භූත විය. මේ කෙරෙහි සෑම මිනිසකුගේම විඤ්ඤාණික දර්ශනයට අනුව ඔහු වටා පවතින චිත්ත බලයක් හඳුනාගත හැකිය. මෙකී චිත්ත බලය රැස් වළල්ලක් ලෙස නිල් හා රතු වර්ණ මිශ්රව පිට කරයි. මේ බව ඉන්දියානු මහා විද්යාඥ සර් ජගතීස් චන්ද්රබෝස් ලොවට හෙළි කරයි. බුද්ධ දර්ශනය තුළද මෙකී කාරණය ගැඹුරින් විග්රහ කෙරේ. දැන් මේ චිත්ත බලය විද්යුත් චුම්බක තරංගයක් බවට පරිවර්තන වෙමින් ඉහත සඳහන් කළ භෞතික වස්තුව (මළ සිරුර) වෙත සම්ප්රේෂණය කරයි.

මෙයට උදාහරණ ලෙස අධිමානසික හැකියාව ඇති අය විසින් යම් යම් වස්තු චලනය කරවීම දැක්විය හැක. ටවුටින් නමැති පුද්ගලයා විසින් හැඳි, ගෑරුප්පු වැනි දෑ නැමීම, චලනය කර වීම, සිග්මන් ප්රොයිඩ් වැනි අධි මානසික හැකියා ඇති පුද්ගලයන් අනුන්ගේ හිත කියැවීම. ඉහත කරුණට උදාහරණ ලෙස දැක්විය හැකිය. මෙම විද්යුත් චුම්බක තරංග මළ සිරුර වෙත ආරෝපණය වීමත් සමඟ එය චලනය වීමට පටන් ගනී. මෙය පෙර සිට ගුප්ත විද්යා ඇදුරන් හැඳින්වූයේ දිෂ්ටි වීම යනුවෙනි. විද්යුත් චුම්බක තරංග මේ සඳහා ඉවහල් වූ බව අපට දැන් වැටහේ.

3. ධ්වනි තරංග (අන්වායාමතරංග ලෙස ගමන් කරයි.)

කිසියම් ස්වරයක තාරාව එහි සංඛ්යාත මත රදා පවතී. නූතන විද්යාත්මක මෙම මතයට අනුව මෙම කාරණය විමසා බලමු. පෙර ගුප්ත විද්යා ඇදුරන් විසින් මළවුන්ට පණ දීම සඳහා මෙම ධ්වනි තරංග  ප්‍රබල ලෙස යොදාගත් බව නිදසුන් සහිතව පැහැදිලි වේ. ධ්වනිය ඇති වීමට කම්පනයක් ඇති විය යුතුයි. මෙකී කාර්යයේදී කම්පන ඇති කරන බෙරය ආදී සංගීත භාණ්ඩ හා කටින් පිට කරන හඬ විශේෂ වේ. ධ්වනි බලයක් ඇති වන පරිදි ස්වර අක්ෂර පිහිටු වූ ජප මන්ත් මඟින් උපදින බලය අන්වායාම තරංගයක් ලෙස භෞතික වස්තුවට ඇතුළු වී එය දත්ත ගබඩාවක් බවට පත්වේ. විද්යුත් චුම්බක ශක්තිය හා එක්වී සූක්ෂ්ම තරංග ශක්තිය ජනනය කරයි. සූක්ෂ්ම තරංග නූතන ලෝකය සන්නිවේදන හා රේඩාර් උපකරණවලට භාවිත කරයි. සූක්ෂම තරංග තමන් විසින්ම ශක්තිය නිපදවා ගන්නා බව දනිමු. පෙර සිට ගුප්ත විද්යා ඇදුරන් විසින් මෙය මැනවින් හඳුනාගත් බව පෙනේ. බෙර හඬත්, ජප මන්ත් වාර ගණන වැඩි කරමින් (3, 7, 9, 18, 21, 108 ආදී වශයෙන්) වැඩි කරමින් කීම තුළින් මේ බව මනාව වැටහේ. සූක්ෂ්ම තරංග අධිසූක්ෂම තරංග බවට පත්වී ගුප්ත ඇදුරා විසින් ලබාදෙන දත්තයන්ට අනුව මළ සිරුර ක්රියාත්මක වීමට පටන් ගනී. වර්තමාන ලෝකයෙන් උදාහරණයක් දක්වන්නේ නම් පරිගණකය මඟින් දත්ත සැපැයූ රොබෝ යන්ත්රයක් ක්රියා කරන ආකාරය මෙනි.

මන්ත්‍ර ජප කිරීමේදී කම්පන තරංගවල විස්තාරයන් අනුව හඬේ සැර අඩු වැඩි වීම. 
ඕනෑම භෞතික වස්තුවක් වෙත මුල් ශබ්දයේ සංවේදන මැකී යෑමට ප්‍රථම එහි පරාවර්තිත ශබ්දයක් නැවැත මුල් ශබ්දයත් එක දිගට කිහිප සැරයක් ලබා දීමෙන් දීර්ඝ  ප්‍රතිනාදයක් ඇති වේ. (මන්ත්‍ර ජප කිරීමෙන් සිදු කෙරෙනුයේ එයයි.) ඉන්පසුව මිනිස් කන සංවේදී වන ධ්වනි තරංග පරාසය 20 del - 20,000 del අභිභවා අතිධ්වනි තරංග පරාසයන් බිහිවීම සිදුවේ. මෙය බලයක් බවට පත්වී (ගුප්ත විද්‍යා තුළ භූත පිල්ලි) අදාළ වස්තුව වෙත පැමිණ විද්යුත් චුම්බක ශක්තිය හා එක්වී පුරාණ යන්තරයක් බවට පත්වේ. මෙය තවත් පැහැදිලි කළහොත් සුනඛයන්, බළලුන්, ගවයන් වැනි තිරිසන් සතුන්ටත් ගුප්ත විද්‍යා තුළ හඳුන්වා දෙන දේව, භූත, ප්‍රේ, යක් ආදී කොට්ඨාසයන්ටත් අදාළ ප්‍රතිනාදය සන්නිවේදනය කර මේ භූත කොට්ඨාස ගුප්ත ඇදුරා විසින් බලයක් ලෙස යොදා ගනී. ඉන්පසු ආධාරක වස්තුව (මළ සිරුර හෝ වෙනත්) වෙත තමන්ට ලැබෙන සන්නිවේදනයේ ප්‍රමුඛතාව මත මෙම පිල්ලි පැමිණේ. මේ නියමය දත් පුරාණ ඇදුරන් දළගිරි වැනි මන්ත භාවිත කරමින් නාග පිල්ලුව, වලස් පිල්ලුව, සුනඛ පිල්ලුව, මහසෝන් පිල්ලුව, විදුරුගිරි පිල්ලුව ආදී පිල්ලු මළ සිරුරට හෝ වෙනත් වස්තුවකට ආරෝපණය කරන ලදී. මෙය ඔවුන් හැඳින්වූයේ බන්ධනය කරනවා යනුවෙනි.

4. ප්‍රතිජනනය
මෙයින් අදහස් කරන්නේ එකම දෑ නැවැත නැවැත කිරීමයි. එයින් සිදු වන්නේ විද්යුත් තරංගීය ශක්තියක් නිපදවී ඒකාකාරී ශක්තියක් දිගු කාල පරාසයක් තුළ රඳා පැවැතීමයි. නිදසුනක් ලෙස මළවුන්ට පණ දීමේදී නැවැත නැවැත බෙර හඬ නැඟීම, ස්තෝත්‍ර හා මන්ත ගායනා කිරීම මඟින් ශක්ති කදම්බයන් නිපදවයි. එය නූතන විද්යාව විසින් ප්රතිනාදය නමින් හඳුන්වයිප්‍රතිනාදය තුළින් නිපදවෙන ශක්තිය මළ ශරීරය හෝ භෞතික වස්තුවට ආරෝපණය වේ. මළවුන්ට පණ දීමේදී පුරාණයේ ඇත්තන් විසින් අදාළ වස්තුව ඉදිරියේ නැවැත නැවැත දුම් ඇල්ලීම්, පහන් දැල්වීම්, නැටීම් ආදී දේ, නොකඩවා සිදු කරයි. මෙය ප්‍රතිකාර්ය නැතහොත් ප්රතිකර්මය ලෙස හඳුනාගත හැකිය. මෙයින්ද සිදු වන්නේ ප්‍රතිජනනාත්මක සංසිද්ධියකි. එයද මළවුන්ට පණ දීමේදී ඉවහල් වන ශක්ති සැපයෙන කදිම ක්‍රමවේදයකි.


මේ චතුර්විධ කාරණා කේන්ද්‍ර ගත වූ කල ගොඩනැඟෙන බල කදම්බය තුළින් ඕනෑම භෞතික වස්තුවක් යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයකට පත් වන බැව් දැන් ඔබට පසක් වනු ඇතැයි සිතමි. පුරාණයේ ඇත්තෝද, නූතන විද්යාවෙන් කියැවෙන මේ චතුර්විධ බලය භෞතික වස්තූන්ට (මළවුන්ට) ප්‍රාණය ලබා දීම සඳහා මැනවින් යොදා ගත්හ


(පුවත්පතක පළවූ ලිපියක් ඇසුරෙනි)