Saturday, August 10, 2013

ආලකමන්දාව, විත්‍රකූට නොහොත් වත්මන් සීගිරිය

ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ අර්ධ සොහොයුරා වූ කුවේර විසූ ආලකමන්දාව ? යන ගැටළුව මතු වෙයි.




රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේමායා දන්නාවනමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එය හැඳින්වූයේ චිත්රණකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුවවිභීශණරජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙයි. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්රි.පූ.437-367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක් ලෙස සඳහන් වේ. පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බවට සැලකෙයි.  

මෙයට අමතරව, රාවණා වතෙහි කියැවෙන ලෙසට, පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ඉන් පැවතෙන්නියක් නිසාවෙන් . කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්රතිසංස්කරණය කළ හා පවත්වාගෙන ගිය එකම රජතුමා වෙයි. චිත්තකූටයේ (පසුව සීගිරියේ) ඇති ලෝකප්රකට බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විශ්වාස කළ හැකි .




එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්රයය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්රත වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන් වේ

Monday, August 5, 2013

දෙව් බඹුන්ගේ දැහැන් බිඳු නාරිලතා මල


මේක ඉතිහාසය ඔයාල දන්නවනේ බඹුන්ගේ දැහැන් බිදෙන්න තරම් මේකෙ නාරි දේහ ලක්ෂණ තියෙන නිසා මේකට නාරිලතා වගේම ලියතඹරා කියලත් කියනවා.

මේ ගහ තියෙන්නේ තායිලන්ත සීමාවේ කියල තමයි සදහන් වෙන්නේ වගේම ඒකට තායි වලින් "Nareepol" කියලා කියනවා. හිමාලයේ රළු බෑවුම් වල මේ ගහ වැඩෙනවා කියල තමයි කියන්නේ වගේම දශක දෙකකට වරක් මේකෙ මල් පිපෙනවලු කියන්නේ ඵලදාව අවුරුදු 20කට වරක් කියලා තමයි හිමාල ආශ්රිත ජනතාව විශ්වාස කරන්නේ



සමහරු මේ පිංතූරෙ ෆොටෝෂොප් එඩිට් එකක් කියලා කියනවා ඒත් අති දුර්ලභ මේහි මල් හට ගැනීම නිසා ඡායාරැප කොහෙවත් නෑ කියලා තමයි සදහන් වෙන්නේ අතර මේක ඕකිඩි වර්ගයේ Genara of Habenaria කුලයට අයත් ශාකයක් කියලත් සදහන් වෙනවා


වගේම මේ හැදෙන මල් ලෙස දිස්වන ඵලය ආහාරයට ගැනීමට හැකි බවත් ඒවා ආදි කාලයේ බඹුන්ට තාපසයින්ට ආහාර වශයෙන් පිළිගැන්වු බවත් සදහන් වෙනවා.



මේක ආදි කාලීන ඉතිහාසාත්මක ශාකයක් වගේම මේක Makalipon නමින් පාලියෙන් හදුන්වනවා මෑත භාගයේදී නාරිලතා මල් විකුණු කතාවක් තායිලන්තයෙන් අසන්නට ලැබුනා. වගේම අන්තර්ජාලයේ මේ තිබෙන කොලපාට දිස්වන ඡායාරෑප සහ වීඩියෝ බොරැ ඒව කියලත් සදහන් වෙනවා. මොකද තවම හිමාලයේ මේ ගස් වැවෙනවා කිවුවාට හරියට තැනක් නම් හදුනාගෙන නැහැලු කොහොම වෙතත් වේලපු නාරිලතා මල් තායිලන්තයේ පෞරාණික පන්සල් වල තාමත් ආරක්ෂා සහිතව තියෙනවා කියලා ආරංචි වෙනවා.

Dry Fruit 
Paintings

Wooden Carvings of the flower



Nareepol (or Nareephon - literally "fruit women") fruit maidens are mythical creatures described in Thailand's Triphum Phra Ruang (Three Worlds Cosmology) scripture and other local religious texts. According to the Triphum scripture:


"Beyond this [area of jambolan trees in Himavanta] is a forest of trees that have women as their fruit; the fruits of these trees are very beautiful - they are like maidens who have just reached sixteen years of age. When men see them, they fall in love with them, and when they drop, the birds flock around to eat them like bears eating honey."

However, nareepol play an important part in other local tales. One of many exotic creatures in the legendary Himavanta (Himapan, Himmapan, or Himaphan in Thai), they emerge feet-first as fruit of a tree where they remain attached at the head for only seven days. Various temple murals and carved panels, such as those at Nakhon Phanom's Wat Okat Si Bua Ban, depict ardent young men climbing the trees, sword in hand, ready to cut down the nubile but impassive maidens. These lusty hermits are said to carry off the young women into the forest for their own pleasure.

In the Thai version of the popular Vessantara Jataka, while in exile in the Himavanta forest Prince Vessantara's wife Maddi finds sixteen makkali trees from which hang small, beautiful maidens instead of fruit. The trees were planted by the god Indra as a distraction for men so that Maddi would be safe in the forest while gathering food and water for her family. If a man, such as the reusee (Brahman hermits) who live in the forest, picked and had intercourse with a nareepol, he would lose his magical powers. Highly revered monk, Luang Por Jaran, says the fruit maidens are real and that when they fall to earth and shrivel up they can be collected by humans. However, only highly-attained ascetics are able to enter the Himavanta Forest where the fruit grows. He was given two nareepol while in Sri Lanka, which can now be seen at Wat Prangmuni in Singburi.

There are fake photos and video clips on the Internet of green, female-shaped fruit on what is claimed to be a "Nareepol tree" in Thailand's Petchaboon Province. While this is obviously a hoax (the specific location of the tree is never mentioned) there is a type of tuber or seed-pod found in Laos that is dried, carved into human shapes and sold to tourists, often in male-female pairs. Some of these are used as talismans in Thailand. Both versions of the talisman may be known as Makkaliphon ("fruit of the Makkali tree"), sometimes spelled Makareepol or Makareephon

Wednesday, June 12, 2013

සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය


මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමානසීගිරියනමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත.
Sigiriya
අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්යාව නම් විෂය ධාරාවසිගිරියදකින සැටි මදක් විමසා බලමු.

මෙම ස්ථානය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1890 දී බ්රිතාන් රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ස්රිලන්කීය පුරාවිද්යාවේ පියාලෙස සලකන ඔහු , එකල එවන් වූ විෂයක් අද්යනය කල කෙනෙකු නොව, සරලව කිවහොත් treasure hunter කෙනෙක් . ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුනාව නිසා නොව එම ස්ථාන වල ඇති ඉතාවටිනා වස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යන තරමේ වටිනා වස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්යය අනුග්රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේවන විට ඒවා අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කවුතුකාගර වලට ගොස් මුදල් ගෙවා ප්රවේශ පත්ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.
කෙසේ වෙතත් අපගේ වංසකතා වල කසුප් නම් රජකෙනෙකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛර පෙදෙසක සැගවී සිටි බවක් ලියා තිබු බව H.C.P. Bell අසා තිබුනේය. ඉතා දුෂ්කරව ගමනකින් පසුව සීගිරියේ ඉහත රුපයේ ඇති, පාද දෙකක් මැදින් ඇති පිවිසුම් ස්ථානය ලගාවූ බෙල් ඇතුළු පිරිස එය දැක මදකට හෝ තුෂ්නිම්භූත වූ බවනම් නොඅනුමානය.
එකල අද මෙන් ක්රමවත් අද්යාපන ක්රමයක් නොපැවතුනේය. අද නම් පහ වසර දරුවෙකු ශිෂ්ශත්ව විභාගය පින්සිදුවන්නට හෝ සිංහයා කකුල් සතරක් ඇති බවත් එම හැම කකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇගිල්ල මදක් ඉහලින් පිහිටන බවත් හොදින් දන්නේය.


අපගේ ඉතිහාස කතා නායකයා වන අසරණ H.C.P. Bell මහතා සිතා සිටියේ සිංහයාට ඇගිලි 3 ක් තිබු බවය. එබැවින් මෙය සිංහ ද්වාරය ලෙසත් මෙම ස්ථානය lions rock (සිහගිරිය) ලෙසත් ප්රකාශ කර සිටියේය. පහත ඇති රූපය හොදින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙන්නේ සිංහ පාදයක් ?




මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන් ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. රුපයේ වම්පසින් සිංහ පාදය කියා බෝඩ් එකක් දමා ඇත්තේ කවුරුන් රවටන්නද ? මදක් සිතන්න. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද ?

බෙල් මහතා අකුරු කියවූ අපගේ පුරාවිද්යාව, ඔහුගේ ගෝල පරපුරද එලෙසින්ම දකින්නේය. ඉන් එහා ලොවක් ගැන සිතීමට ඔවුනට උවමනාවක් නොමැත. දැන් අපේ ඉතිහාසය ගැන මහා හඩින් රුපවාහිනී කතා පවත්වන සමහර පණ්ඩිතයන් තම හෙළුව වසා ගැනීමට මෙය සිංහ පාදයක් බවටම තර්ක කරනු ඇති අතර මා ඉතිහාසය විකුර්ති කරන දේශද්රෝහියකුද ලෙස හංවඩු ගසනු ඇත. මා මේ ගැන විමසු අවස්ථාවේ සමහරෙකු පවසන්නේ එකල ත්රිසින්හලයක් තිබුන නිසා මෙය සිංහයෙකු වුවත් ඇඟිලි තුනක් ඇති බවය. එකල අපේ කලාකරුවා සිංහයා මේ ආකාරයෙන් දුටුබවය.
මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් තිබුන බවත් බෙල් මහතා එහිවූ වටිනා වස්තු නැවක දමා රැගෙන ගියබවත්, එම අවස්තාවේම උමන් මග සිමෙන්ති දමා වැසූ බවත් පසුකල එහි සිටි සේවකයෙකු පවසා ඇත. කෙසේ වෙතත් අපගේ පුරා වස්තු රැගත් බොහෝ නැව් ලංකාව අසලම මුහුදේ ගිලී ගියේය.
 under-water
රන්මුතු දුව ච්ත්රපිටිය ගොඩනගන්නේ ඒවා ගොඩගැනීමට දරු උත්සාහයක ආවරණයක් ලෙස . මක් නිසාද යත් එහි සම්බන්ද අය මින්පෙර චිත්රපට කර්මාන්තයේ නියැලී නොසිටි අය නිසාය.


එසේනම් මෙම පර්වතයේ නියම ඉතිහාසය කුමක් ?
රාවන පුරණය ටත් පෙරසිටම ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දිවුනු ශිෂ්ටාචරයක් හෙළ පොලවේ විසු බවට සාදක හමුවේ. මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැලදී අතර අහසින් පැමිණුන එවන් මිනිසුන් කොටසක් ගැන ලොවපුරා විවිද සාදක ඇත . සමහරුන් මොවුන්ව අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය . අද සීගිරිය එකල එවන් මිනිසුන් ගොඩනැගු රාජධානියක් .
 bird-man

ගොවුතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ හා සමාන මනාක්කල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.
ක්රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේකාශ්යප තෙරුන්ගේ සිරුර තවමත් පවතින බවය. එහි නමගුරුපාදලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්යප යන නම, කසුප් රජු නොව කාශ්යප තෙරුන් ගේ නාමයය .
කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංසකතාවල සිතියමක් දක්වා නැත . නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.

වඩාත් පුදුම සහගත කරුණ වන්නේ සීගිරියෙන් හමුවන සෙල්ලිපියකබ්රහ්මදත්ත ගේ ගුහාවලෙස සදහන් වීමය

දැන් මෙම කතාවට බ්ර්හ්මදත්ත රජු සම්බන්දවෙන්නේ කෙසේදැයි ඔබට ප්රශ්නයක් මතුවනු ඇත. එම කතාව පැවසීමට තවත් කතාවක් කියන්නට සිදුවේ.
බෝවුද්ධ ඉතිසහසයේ සිටි සියලුම චරිත, සියලුම බුදුවරු ඉපදී ජීවත් වී ඇත්තේ මේ හෙළබිම තුලය

ක්රිස්තු වර්ෂ 400 දී පැමිණෙන පාහියන් මුලින්ම බොද්ධ සිද්දස්ථාන වැඳ පුදාගන්නේ ජන්බුද්වීපය නම් වූ මෙම හෙලබිමේ මද්යම , දකුණු සහ නැගෙනහිර දිසාවන් වලය , මක් නිසාදයත් බුදුන් ගේ ලලාට ධාතුව දන්ත ධාතුව පාහියන් වැඳ පුදගන්න නිසාය. බටහිර සමාජය පාහියන් වාර්තාව පරිවර්තනය කලේ ජන්බුද්වීපය යන නමට ඉන්දියාව යන වචනය දමාය. එබැවින් සියල්ලක් කණපිට පෙරලුනි. Alexander Cunningham යනු වත්මන් ඉන්දීය පුරාවිද්යාවේ පියාය, ඔහු බ්රිතාන් හමුදාවේ ඉන්ජිනේරුවරයෙකි. ඔහුත් කලේ අපේ බෙල් මහතාගේ ක්රියාවමය. ප්රථමයෙන් ගයාව නම් හින්දු කෝවිලක් හදුනාගෙන එය බුද්ධ ගයාව කළේය , ඉන්පසු පාහියන් වාර්තාව බලා අනිත් ස්ථාන සමාන ශබ්දයෙන් එන (උදා පාටලිපුත්ත = patna) මුළු ඉන්දියන් ඉතිහාසය මෙන්ම ලාංකීය ඉතිහාසයද විකුති කළේය. තම හිතු පමණින්. ස්ථාන සොයාගත් නිසා ඔහුට නයිට් පදවියක් ලැබුණි. කෙසේ වෙතත් ඔහු ලුම්බිණිය සොයා නොගතේය. මේකාලය තුල ජර්මන් ජාතික Anton A. Fuhrer නම් දේවගැති තුමා , ව්යාජ සෙල්ලිපියක් කොටා අද නේපාලයේ rumandai නම් ස්ථානය ලුම්බිණිය බව ප්රකාශකර තවත් නයිට් පදවියක් ලබාගත්තේය.
වඩාත් සිනහ යන කරුණ වන්නේ, පාහියෙන් ගේ වාර්තා Cunningham අමු අමුවේම බොරු කියමින් තමන්ගේ හිතුමතයට විකුර්ති කිරීමය. බුදුන් තුසිත ලොව සිට ඉනිමගකින් බැසි ස්ථානය සංකස්ස ලෙස හදුන්වන පාහියන් ලියන්නේ, එහි අශෝක රජු ඉදිකර පැති සතරක් ඇති , එම පැති සතරේම බුදුරුව ඇති එහි උඩ සිංහයෙක් සිටිනා කණුවක් ඇති බවය . අද Cunningham පෙන්වන ඉන්දියාවේ සංකස්සයේ කනුව රවුම්ය , එහි උඩ සිටින්නේ අලියෙක්ය . එවිට Cunningham පවසන්නේ මෙය පාහියන්ට වැරදී අලියා සිංහයා ලෙස ලියා ඇති බවය.
පාහියන් ලියන්නේ බුදුන් බුදුවූ බෝගස සිට යොදුන් 3ක් දකුණින්ගුරුපාදපිහිටන බවය. අද ලංකාවේ බුදුන් බුදුවූ ස්ථනය ලෙස හදුනාගන්නේ හබරන හිරිවඩුන්න නම් ස්ථානයය , එහි බෝගස ,වජ්රාසනය ,මුච්ලින්ද නටබුන්, රුවන්ගෙය, සක්මන් මලුව, සහ නේරංජන ගඟ අදත් තිබේ.
සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන සැතපුම් 32 ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින් . “යොදුනයනු යෝදයෙකු දුන්නකින් විදිනා දුරය.
පාහියන් පවසන අන්දමටගුරුපාදනම් ස්ථානය සීගිරියම බව තහවුරු වේ .සිංහ පාදය සහ කුරුළු පාදය වෙනස නොහදුනන , අපේ පණ්ඩිතයන් බුදුන් මෙහි සිටි බව කවදාවත් පිලි නොගනී.
පාහියන් අන්තිමට එන රට සිංහලය ලෙස හදුන්වයි , එය අනුරාධපුර රාජධානියය. මෙහි පැටලුමක් ඇත්තේ ඔහු එන්නේ ජලමාර්ගයකින් නිසාය. ඔහු පවසන සිංහලය දිගින් ( උතුරු-දකුණු ) යොදුන් 30 කි ,පළලින් 50 කි. මෙ කතාකරන්නේ මුළු ලංකාව නොව බව ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත. වැඩි විස්තර >>

පාහියන් ලියු ජන්බුධ්වීපයේ ස්ථාන බොහොමයක් මේ වනවිට අප අද්යනය කර ලක් පොලවේ සොයාගෙන ඇත. සියලුම දුරවල් සමාන වන අතර වෙහෙර විහාර එම ආකාරයෙන්ම ඇත. නුදුරු කාලයේදී ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරමින් සාක්ෂි සහිතව ඒවා පෙන්වා දෙනු ඇත.
උපුටා ගැනීමකි....
From Prasad Kumara

නියාමකතරු ගුවන්විදුලි සේවය