Saturday, December 17, 2011

සිංහලයාගේ සටන්කලාව “අංගම්පොර” සහ “නිවට සිංහලයා’

“අංගම්පොර” යනු සිංහලයාගේ සටන් කලාවයි, නූතන සිංහලයා විදේශ රටවල ණය මුදල්, යුද්ධාධාර ඉල්ලමින් හිගාකෑවත්, ඉන්දියාව ගහන ගහන පදයට නටන්නට සිදුවුවත් , ලංකාව ඇතුලෙදිවත් තමන් සිංහලයෙක් බව ප්‍රසිද්ධියේ කියාගන්න බැරිඋනත් ; එය සිදුවී තිබෙන්නේ අද ජීවත්වන සිංහලයා තුල තිබෙන කුහකකම ,නිවටකම, සල්ලි වලට දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසාම මිසක් සිංහල ජාතියේවත් එම ශිෂ්ඨාචරය ගොඩනගපු මිනිස්සුන්ගේවත් වරදක් නොවේ. සිංහල ශිෂ්ඨාචරය ගොඩනගපු ; එය වසර දහස්ගණනක් පවත්වාගෙන ආ අපේ පරණ මිනිස්සු කවදාවත් සිංහල රට වෙනත් රටවලට ශිෂ්ඨාචාරයන්ට ණයගැති නොවී සිටිමට අවශ්‍ය පසුබිම සකස්කිරීමට නිතරම උනන්දු වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලයා තම හෙළ ශිෂ්ඨාචාරය තුල තමන්ගේම වූ ආරක්ෂක ක්‍රමයක් ,වෛද්‍ය ක්‍රමයක්,දර්ශනයක් , ආගමක්,
අධ්‍යාපන ක්‍රමයක් , ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගන්නවා.ඒ තුලින් තමයි සිංහලයා සමකාලීන විදේශිය ආක්‍රමණික අධිරාජ්‍යන් සමග කරට කර සටන් වැදී මේ පුංචි රටේ අභිමානයෙන් ජිවත්වුනේ. හෙළ ශිෂ්ඨාචාරයේ අඛන්ඩ පැවැත්මට ඉතා වැදගත් අංශයක් ලෙස ‍මෙම අංගම්පොර සටන්කළාව විශේෂ වෙන්නේ මේනිසයි.
අංගම් පොර සටන් කළාවේ ආරම්භය හෙළ ශිෂ්ඨාචාරයේ ආරම්භය දක්වා අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්;(සුර – අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්‍රමය අරඹන්නට ඇත.ක්‍රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්‍රමනයට එරෙහිව යොදාගන්නට ඇත. එහි දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.දැන් අපි අපේ සටන්කළාව ගැන ටිකක් කථාකරමු.
අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි . පොර කියන්නේ සටනයි . නිරායුධව (හිස්) සිරුරෙන් කරනුලබන සටන අංගම්පොර යනුවෙන් හදුන්වාදීඇත. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් දෙකම ඉගෙනගතයුතු අතර සම්පුර්න අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර
නිළ අල්ලා පහරදීම.
එවෙලේම මරනය ගෙනදෙන නිළ පහර
නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
සුව වීමට කල්ගතවන රෝග සදහා නිළපහරදිම.
මළ මුත්‍රා පහවිමට නිල ඇල්ලීම.
ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේ ඉතා වැදගත් ලක්ෂණයකි.
අංගම් සටන්කරුවකු තුල කපුටාගේ ඇසත් , මොනරාගේ කනත් , වදුරාගේ පැනිල්ලත් , කොටියාගේ ගමන්විලාසයත් , වලසාගේ බදාගැනිමත් යන සියල්ල එකවර සිදුවිය යුතුය.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි.
හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැද‍ගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.
නමුත් සිංහලයාගේ මෙම දක්ෂතා අද දක්නට නොමැත . අංගම් සටන්කළාව පරිහානියට පත්වෙන්නේ යුරෝපීය ආක්‍රමණයත් සමගය . අවුරුදු 500 ක් පුරා සිංහලයන් සමග බටහිර ජාතිකයන් කළ සටනත් සමග සිංහල සටන් කරුවන් අභාවයට පත්වූ අතර යම් තරමින් ආරක්ෂාවී ඇත .
සිංහල සටන්කරුවන් බටහිර ජාතිකයන් සමග කළ සටන් පිලිබදව සදහන් වන්නේ මෙසේය.
“ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්‍රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින්අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති….”
“සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්‍රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය.
දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය . සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට ‘ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව’ යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි . ……….”
මේ අයුරින් සිංහලයා‍ගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වු නිසාම අංගම් සටන්කරුවන් විනාශකැරන්නට විවිධ උපක්‍රම යොදාඇත.එ නිසාම ක්‍රමයෙන් අංගම් පුහුනුව සිංහලයා තුලින් ඈත් වන්නට විය . අංගම් සටන්තුලින් ඇත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී.
නමුත් මෙම ශිල්පය ඇති බොහෝ අය එය තම පවුලෙන් පිට අයට ඉගැන්වීමට මැලිවෙති.මෙය කණගාටුදායක තත්වයකි. නමුත් අපගේ ආචාර්ය කරුණාපාල මහතා එම ප්‍රාථමික ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරවී නැවතත් සිංහලය සහ බුදු දහම රැක ගැනීම උදෙසා අංගම් සටන් කළාව සිංහලයන් වෙත ලබාදීමට උත්සාහ දැරීම නිසා සමස්ථ රටවාසින්ම එතුමාට ස්තූතිවන්ත විය යුතුය.
අද අපි ජීවත්වන ලංකා පොළොව අතීතයේ ගොඩනැගෙන්නේ සිංහලයන්ගේ ලේ , දහඩිය තුලින්ය. ලංකා පොලව ආරක්ෂාකර ගැනීම සදහා සිංහලයන් ලක්ෂ දහස්ගණනක් තම ජීවිතය මරණයට කැප කරන්නට ඇත.අද සිංහලයන්ටම බැන බැන මානව අයිතිවාසිකම් ගැන කථාකරන උන්ට ඉපදෙන්නත් රටක් තිබුනේ සිංහලයන් තම ජීවිත පරිත්‍යාගයෙන් මේ රට ආරක්ෂාකළ නිසාය.
ඉන්ශ්‍රීසින්ගේ මර්ධන ක්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සදහන් වේ .
“අවුරුද්දක් පමණ කාලය තුල පැවති මේ කැරැල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ.මියගිය ඉන්ගිරිසි බටයන්ගේ නියමිත ගණනක් ඇතිබවක් නොපෙනෙන නමුත් ලෙඩවි මඩකලපුවට ගෙනගිය 173 ‍දෙනෙකුගෙන් 114 දෙනෙකුම මියගිය බව සදහන් වේ . ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් බටයෝ කැරැල්ලට සම්බන්ධ වූහ.”
යුරෝපීයන් සිංහලයින්ව පැරදවූයේ තුවක්කුවේ බලයෙනි.එම නිසා වසර දහස්ගණනක් තිස්සේ පාරම්පරිකව ගොඩනැගුණු හෙළ ශිෂ්ඨාචාරය බිදවැටින.මේ අයුරින් සිංහලයා තම සටන් ක්‍රම භාවිත කරමින් තම ජීවිත ගැන නොසිතා ආරක්ෂාකලේ ලංකාවයි. ලංකා පොළොව ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු , කැප කරපු වෙනත් ජාතියක් ගැන මමනම් අසා නැත.අදටත් එසේමය .අපේ සිංහල කොල්ලෝ රටේ ස්වෛරී භාවය, ඒකීය භාවය, සාමය වෙනුවෙන් තම ජීවිත කැප කරණ විට ඔව්න්ගේ පිහිටෙන් ප්‍රභාකරන්ලාගෙන් බේරිලා ඉන්න දකුනේ නූතන නිවටයන් සිංහලයා ජාතිවාදියෙක් කිය කියා පස්ස රත්වෙනකම් කෑ මොර දෙති.නමුත් ඔව්න්ට මෙය තේරුම් කර දිය නොහැක.මන්ද ජාතිය විකුණන් කෑම ඔව්න්ගේ බඩ ගෝස්තරය සොයාගන්නා ක්‍රමයකි.
සිංහලයා ඉතිහාසයේ කවරදාවකවත් ජාතිවාදියෙකු නොවීය.ඇත්ත කථාව නම් සිංහලයා මේ රටට ආදරෙයි. සෑම සිංහලයෙකුගේම (නිවටුන්ගේ නොව) ප්‍රාණය රැදී ඇත්තේ මේ ලංකා මහ පොළොව මතය.සිංහලයාට නිදහසේ අතපය දිගහැරලා නිදාගන්න පුළුවන් රටක් මේ ලොකයේ වෙන නැති නිසයි මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දිවි පුදා සටන් කරන්නේ.එහෙම නැතුව දෙමළ මිනිස්සු සමග තිබෙන වෛරයකින්වත් , සිංහලයා දෙමළාට වඩා පහත්යැයි සිතාවත් , එහෙමත් නැත්නම් ඇගේ පතේ අමාරුවකටවත් නොව.
නමුත් ඉතින් සිංහලයාගේ අවාසනාවකට සිංහල වෙළා ඉපදිච්ච සිංහලයා ජාතිවාදියෙක් බව ඔප්පු කිරීමට ප්‍රභාකරන්ලාගේ කොන්තරාත්තුව බාරගත්ත නිවටයන්ට සිංහලයා පේන්නේ අමුතුම විදියකටය. “ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි” කියල කථාවක් හැදිල තියෙන්නෙත් මේ වගේ මිනිස්සු නිසාම වෙන්න ඇති.
- manojcola.blogspot

ලෝක විනාශය???

ලෝක විනාශය ලබන වසරේ (2012) දෙසැම්බර් 12 වැනිදා සිදුවන බව පසුගිය සතියේදී නැවත වරක්‌ තහවුරු කරන ලදී. මෙම තහවුරුවද සිදුකරන ලද්දේ මායාවරුන්ගේ දින දර්ශනයේ අලුතින් සොයාගත් පිටපතක්‌ ආශ්‍රයෙනි. 
මායා දින දර්ශනය මෙයට වසර 5125 කට පෙර මැක්‌සිකෝවේ විසූ “මායා” නමැති මනුෂ්‍ය කොට්‌ඨාසය විසින් සකස්‌ කරන ලද්දකි. මැටි පුවරුවල මුද්‍රණය කළ එම දින දර්ශනය 2012.12.12 දින අවසන් වෙයි. එයින් පසු දින දර්ශනයේ අලුත් ඇරඹුමක්‌ නැති බැවින් එදිනට ලෝකය අවසන් වන බව පසුගිය කාලය තුළ තිබූ ප්‍රකට පිළිගැනීම විය.

 ලෝක විනාශය ආකාර දෙකකට සිදුවිය හැක. එක්‌කෝ ලෝකය පුපුරා කැඩී බිඳී විනාශ වී යැම එක්‌ ආකාරයකි. ලෝකයේ ඇති සියලු ජීව ද්‍රව්‍ය විනාශයට පත් වීම දෙවන ආකාරයයි. මේ දෙකෙන් පළමුවැන්න පූර්ණ ලෝක විනාශයක්‌ ලෙස සැලකේ. දෙවැන්නට පසු කවර හෝ අවස්‌ථාවක ජීවය යළි හට ගැනීමට ඉඩ ඇති බැවින් එය අර්ධ ලෝක විනාශයකි. ඉතා දියුණු ශිෂ්ටාචාරයක්‌ ලෙස මෙයට වසර 5125 කට පෙර පැවැතියා වූද, ඉතා පරෙස්‌සමෙන් “කාලය” දිනවලට බෙදා සිය කැලැන්ඩරය සැදුව වූද, දෙවියන් හෝ පිටසක්‌වල දියුණු ජීවීන් සමග ගනුදෙනු කළ ජාතියක්‌ ලෙස සලකනු ලැබුවා වූද මායාවරුන්ගේ ලෝක විනාශ අනාවැකිය දෙවන වරටත් තහවුරු කෙරෙන මේ මොහොත වූ කලී පූර්ණ ලෝක විනාශයක්‌ පිළිබඳ නවීන විද්‍යාත්මක අනාවැකි සමූහයක්‌ද පළ වී ඇති යුගයකි. පෘථිවිය විශ්වයේ පිහිටි අධි ගුරුත්ව කලාපයක්‌ වන කලු කුහරයක්‌ මගින් ගිල දැමීම, පෘථිවිය සූර්යයා දෙසට වේගයෙන් ඇදී ගොස්‌ එහි ගැටී විනාශ වීම, යෝධ ඇස්‌ටොරොයිඩයක ගැටී විනාශ වීම වැනි දෙයක්‌ සිදුවීමට ඇති ඉඩකඩ බහුල බවට මත පළ වී තිබේ.

මායාවරුන් යනු කවරෙක්‌ද? ඔවුන්ගේ විශේෂත්වය කුමක්‌ද? ලතින් ඇමරිකාවට අයත් මැක්‌සිකෝව, ගෝතමාලාව, යුකැටාන් ප්‍රදේශවලදී මෙයට වසර 5000 කට පෙර මායාවරු බිහි වූහ. මායා ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 240 වන විට ඉතා ඉක්‌මන් පිබිදීමකට ලක්‌ව ක්‍රි. වර්ෂ 900 දී අතුරුදන් විය. ජ්‍යාමිතික ස්‌වරූපවලට අනුව ඔවුන් විසින් ගොඩනංවන ලද පිරමීඩ විශේෂයක්‌ තිබේ. පඩි පේළි සහ විශාල වේදිකාවලින් සමන්විත කේතු ආකාර මෙකී පිරමීඩ අතුරින් මැක්‌සිකෝ නගරයේ දකුණින් පිහිටි චෝලුලා පිරමීඩය ඊජිප්තුවේ චියෝපස්‌ පිරමීඩයට වඩා විශාලය. මැක්‌සිකෝ නගරයට සැතපුම් 30 ක්‌ දකුණතින් පිහිටි ටියෝවිභූවතාන් පිරමීඩය වර්ග සැතපුම් 8 ක්‌ වසාගෙන පැතිර යයි. මේවා ඉදිකර ඇත්තේ ඈත අහසේ තාරකා රාශිවල පිහිටීමට සමාන වන පරිදිය. වියෝවිභූවාතාන් ප්‍රදේශයේ ඇති පුරාවෘත්තවලට අනුව මෙයට සහස්‍ර බොහෝ ගණනකට පෙර එම ප්‍රදේශයේ ඉතා දියුණු ජීවීහු සමූහයක්‌ වාසය කළහ. දෙවියන් නොහොත් පිටසක්‌වල ජීවීන් එහි පැමිණ විවිධ කාරණා සම්බන්ධයෙන් උපදෙස්‌ එම ජීවීන්ගෙන් ලබා ගත්හ. ඒ වන විට අපේ මුතුන් මිත්තන් වන හෝමෝසේපියන් වානරයන් බිහි වී නැත.

නූතන ලෝකයේ වෙසෙන අපි ග්‍රෙගරි නමැති රෝමන් පාප් තුමා විසින් සාදන ලද ග්‍රෙගරියානු කැලැන්ඩරය අනුව කටයුතු කරන්නෙමු. මේ කැලැන්ඩරයට අනුව අවුරුද්දට පැය 24 බැගින් දවස්‌ 365 කි. මායා කැලැන්ඩරය ඊටත් වඩා නිවැරැදි බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. සිය කැලැන්ඩරය යොදාගෙන සිදුකරන ගණිත රටා ආශ්‍රයෙන් මායා පිරමීඩ ගොඩනැඟීමට මායාවරු කටයුතු කළහ. සෑම වසර 52 ක්‌ පාසාම තම පිරමීඩවල නිශ්චිත පිය ගැටපෙළ ගණනක්‌ ඉදිකර නිම කළ මායාවරු තම සමස්‌ත පැවැත්ම කැලැන්ඩරයට සමරූපී ලෙස සැකසූහ. මායා කැලැන්ඩරයට අනුව ක්‍රි.පූ. 3114 සිට ක්‍රි.ව. 2012 දක්‌වා “බක්‌තුන්” නමින් හැඳින්වෙන කාල පරාස 13 ක්‌ තිබේ. බක්‌තුනයකට අවුරුදු 394 ක්‌ අයත්ය. 13 වන බක්‌තුනය ලබන වසරේ දෙසැම්බර් 12 වැනිදාට සම්පූර්ණ වන්නේය.

ක්‍රි.පූ. 240 පමණ සිට පිරමීඩ ගොඩනැඟීම පටන් ගත් මායාවරු ක්‍රි.ව. 900 වන විට ඒවා සම්පූර්ණ කර යළි කවදාවත් ආපසු නොඑනු පිණිස ප්‍රදේශය අත්හැර ගියහ. පාලනය නොකෙරුණු සංග්‍රාම, ජනගහන වර්ධනය නිසා වැසි වනාන්තර විනාශ වීම, එම නිසා ජලය හිඟ වීම යන කාරණා ඔවුන්ගේ නොඑන ගමනට හේතුව බව සමහර විද්වතුන්ගේ මතයයි. එහෙත් පසුගිය කාලයේදී මැක්‌සිකෝවේ හා ගෝතමාලාවේ මහ වන මැද තිබී හමු වූ විශාල වැව් සහ ජලාපවහන පද්ධති මගින් පෙනී ගියේ මායාවරුන් කවදාවත් ජල හිඟයකට මුහුණ නොදුන් බවය.

Chariots of Gords නමැති සුප්‍රකට ග්‍රන්ථය ලියූ වොන් ඩැනිකන් නමැති පර්යේෂකයා මායා සංස්‌කෘතියේ අතුරුදන්වීම ගැන වෙනස්‌ මතයක්‌ දරයිá එනම් මෙයට වසර දහස්‌ ගණනකට පෙර පිටසක්‌වල වැසියන් පිරිසක්‌ මායා ශිෂ්ටාචාරය බැලීමට පෘථිවියට පැමිණියහ. ඔවුන් ආපසු ගියේ හරියටම නම් කෙරුණු අනාගත දවසක මායාවරුන් සමග ජීවත් වීමට එන බවට පොරොන්දු වෙමිනි. ඔවුන් ආපසු එන විට ඔවුන්ට ජීවත් වීම සඳහා යෝග්‍ය වන පරිදි මායාවරුන් පාලනය කළ ප්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකරන ලෙස පිටසක්‌වල වාසීහු මායාවරුන්ට දැන්වූහ. මෙකී පිටසක්‌වල කණ්‌ඩායම් නායකයා වූ කුකුලාන් (ඇතැම් පොත්වල දැක්‌වෙන්නේ ඔහුගේ නම බොලොක්‌ සොක්‌තෝ ලෙසය.) තම දෙවියන් ලෙස පිළිගැනීමට මායාවරු එකඟ වූහ. එහෙත් නියමිත කාලයේදී තම දෙවිවරුන් ආපසු තමන් වෙත නොආ බැවින් කලකිරුණු සිත් ඇති මායාවරු ප්‍රදේශය අත්හැර ගියහ.

මායාවරු බෙහෙවින් බුද්ධිමත් ජාතියක්‌ වූහ. ඇමරිකාවේ ආදිවාසීන් වන මේ ජනයා පෙරදිගින් සංක්‍රමණය වූ බවට පිළිගැනීමක්‌ පවතී. වීනස්‌ ග්‍රහයා සූර්යයා වටා පරිභ්‍රමණය වීමට පෘථිවියේ දිනවලින් 589 ක්‌ ගත වන බව ඔවුහු දැන සිටියහ. එසේම පෘථිවි ග්‍රහයා සූර්යයා වටා පරිභ්‍රමණය වීමට දින 365.2420 ක්‌ ගතවන බවද ඔවුහු කියා සිටියහ. මේ ගණන දශම 0.2 ක්‌ දක්‌වා නිවැරැදිය. එහෙත් ශිෂ්ටාචාරයක්‌ වශයෙන් ඔවුන්ගේ පිරිහීම අදටත් අබිරහසකි.

ලෝක විනාශය ගැන කාලයෙන් කාලයට අනාවැකි පළ කළ බොහෝ දෙනා සිටියද, බොහෝ ලිපි ලේඛන හමු වුවද මායාවරුන්ගේ දින දර්ශනයෙන් කියෑවෙන කතාව ලෙහෙසියෙන් අත්හැර දැමීමට විද්වතුන් කැමති නැත්තේ මායාවරුන්ගේ අනාවැකි මනෝ මූලික නොවන ගණිතය සහ ගණනය කිරීම් මත පදනම් වූ ඒවා නිසාය.

If ancient aliens visited Earth, what was their legacy, and did they leave behind clues that exist in plain sight such as sophisticated aircraft, complex electrical grids, and intricate construction machinery?
Indian Sanskrit texts, dating back to 6000 B.C., describe in varying but vivid detail flying machines called Vimanas.
Megalithic stone structures in Egypt reveal evidence of precision saw work.
Are these examples of modern technology, or is there evidence that these incredible mechanisms existed on Earth thousands of years ago?





The Moai of Easter Island
The Polynesian island of Easter Island is famous for its “maoi”: the 887 giant human figures with enormous heads that guard its coastline. Roughly 500 years old, these monolithic statues stand 13 feet high and weigh 14 tons, but some are twice as tall and much heavier. How could human beings without sophisticated tools or knowledge of engineering craft and transport such incredible structures? Some ancient alien theorists believe it is the work of visiting extraterrestrials who left their mark on the island.




Pacal’s Sarcophagus
Pacal the Great ruled over the Mayan city of Palenque, in what is now southern Mexico, during the seventh century. Upon his death, he was buried inside a pyramid called the Temple of Inscriptions. The intricately carved lid of his sarcophagus has become a classic work of Mayan art—and an oft-cited piece of evidence for ancient alien theorists. In their view, Pacal is pictured in a spaceship during takeoff, with his hand on a control panel, his foot on a pedal and an oxygen tube in his mouth.



The Nazca Lines
Etched into a high plateau in Peru’s Nazca Desert, a series of ancient designs stretching more than 50 miles has baffled archaeologists for decades. Along with simple lines and geometric shapes, they include drawings of animals, birds and humans, some measuring more than 600 feet across. Because of their colossal size, the figures can only be appreciated from way up in the air—and there is no evidence that the Nazca people, who inhabited the area between 300 B.C. and 800 A.D., invented flying machines. According to ancient alien theorists, the figures were used to guide spaceships as they came in for a landing, and the lines served as runways.



Vimanas
Many Sanskrit epics, which were written in India more than two millennia ago, contain references to mythical flying machines called vimanas. Pointing to similarities between descriptions of vimanas and reports by people who claim to have seen UFOs, ancient alien theorists have suggested that astronauts from other planets visited India during ancient times.

මහා රාවණ රජු

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.

රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.


මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.


මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.
Star gate- Ranmasu uyana
Star gate- Egypt

මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.

ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.

ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.

“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”
“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.

නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.








1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි.






කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.





Reference
http://www.sriravana.tk
Photos by Pulasthi Pradeep Perera- Hela (Face Book)

විජය මුහුදු කොල්ලකරුවෙක්‌ද?

මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්‌වකීය සොයුරියම විවාහ කරගත් රජකුගේ පුත්‍රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව විජය කවරෙක්‌ද යනු හොඳින් පෙන්වා දෙයි.



විජයෝ විසමාචාරො ආසි තම්පරිසා පිච
සාහසාකි අනෙකාසි දුස්‌සහානි කාරිම සුතේ – 39 ගාථාව


මෙම ගාථාව අනුව විසමාචාරො ආසි යනු – විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. තම්පරිසාපිච යනු – ඔහුගේ පිරිස විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. සහසාර්කි යනු – ස්‌ත්‍රී දූෂණ, මංපැහැරීම්, ගම පැහැරීම් වැනි සැහැසිකම් කරන්නෝ යන්නයි. මේ අනුව අපගේ මහාවංශය විජය නමැති දාමරික පවිටු අදම පුද්ගලයා පිළිබඳ පැහැදිලි හැඳින්වීමක්‌ කර ඇත. මහාවංශය හා මහාවංශටීකාව මෙරට ඉතිහාසය මනා ලෙස පෙන්වන ඓතිහාසික වටිනාකමක්‌ ඇති ග්‍රන්ථයක්‌ය.

සම්බජ තරේච දුතියං අහෝසි තතියං පන කුද්ධෝ මහාප්නො අහපුත්තං සතෙහිතෙ ඉති. (40 ගාථාව)

“තමත්ථං පටිවේදයි” යනු එවන් සැහැසිකම් හේතුකොටගෙන මහජනයා උද්ඝෝෂණය කරමින් රජුට සැල කළහ. සඤÆපෙන්වානු තොට විසින් මෙවැනි සැහැසිකම් නොකළ යුතු යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ මහජනයා ප්‍රතික්‍ෂේප කළ සමාජයට පිළිලයක්‌ වූ පිය අවවාද පවා නොසලකා හැරි විජය පාපිෂ්ඨයකු බව නොවේද?

මහාවංශය නොතිබෙන්නට විජයගේ වර්ගය හෝ වංශයේ පැටිකිරිය අපට සොයාගත නොහැකි වනු ඇත. එබැවින් මහාවංශය පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික මූලාශ්‍රයක්‌ ලෙස පරිශීලනය ඉතිහාස ගවේෂකයන්ට අත්‍යාවශ්‍ය වේ. විජය පිළිබඳව මහාවංශයට අනුවම ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ දහසය වියේ පසුවූ කුවේණි නම් (මහාපාලි කුමරිය) රවටා විවාහකොට ඇය අනාථභාවයට පත්කොට දරුවන් දෙදෙනෙක්‌ ද සමග මහමඟට ඇද දමා තවද ලංකාද්වීපය පාලනය කළ මහාකාල යක්‌ රජු ත්‍රස්‌තවාදී ගරිල්ලා ප්‍රහාරයකින් සිරිසවත්ථු පුරයේදී මරණයට පත්කොට එම රජුගේම රාජකීය ආභරණ පැළඳගෙන තම්මැන්නාවේ සිට පුත්තලම ආශ්‍රිත ප්‍රදේශ යටත්කොට සිටි (අනුරාධපුර සුළු කොටසක්‌ ඇතුළුව) ප්‍රභාකරන් හා සමානව රාජ්‍ය උරුමයක්‌ නොමැති විකෘති මානසිකත්වයකින් හෙබි ආක්‍රමණිකයෙකි. ඔහු මෙරට ආදි රජු ලෙස හඳුන්වාදී ඔහුගෙන් සිංහලයන් පැවත එනවා යෑයි ලංකා ඉතිහාසය උගන්වනු ලැබුවේ එවැනිම ආක්‍රමණික පිරිසක්‌ වූ පෙරදිග රටවල් මංකොල්ලකෑ විජාතික සුදු ජාතිකයන්ය. නමුත් මෙරට රජු පෙලපත (ඇතැම් රජුන් හැර) අතීත හෙළ ජනයා විජය මෙරට ආදිතම රජු සේ කිසිවිටෙකත් මූලාශ්‍ර ග්‍රන්ථවලින් පෙන්වා දී නොමැත.

රොජො ච වරරොජො ච තථා කල්‍යාණකාදුවෙ
උපොසථො ච මන්ධාතා වරකොපවරා දුවේ

මෙම ගාථාවේ තේරුම වනුයේ මහාසම්මත රජුට අනතුරුව ඔහු පුත් රෝජ, රොජගේ පුත් වරරෝජ ආදී රජ පෙලපත මෙරට රජ කළ බවය. එබැවින් වංසතථපපකාසිනී ටීකාවේ 11 පරිච්ඡේදයේ පහත ගාථාව

මහා සම්මතරාස්‌ස වංසජෝ හි මහාමුනි
කල්ලාදිස්‌මිං හි රාජායි මහාසම්මතනාමකෝ

බුදුන් වහන්සේ මහා සම්මත වංශයෙන් උපන් බව සඳහන් කරයි. මහා සම්මත රජුගේ වංශය මහාසම්මත වංශයයි.
වංසතථපපකාසිනියට අනුවම අපට පෙන්වා දිය හැක්‌කේ විජය වැනි ආක්‍රමණිකයකු මෙරට ප්‍රථම රජු ලෙස කිසිවිටෙකත් ඉතිහාසය පිළිගැනීමට ලක්‌ නොවී ඇති බවයි. ඉපැරණි රාවණා පෙළපතට අයත් පුස්‌කොළ ග්‍රන්ථ පරිශීලනයේදී විජය පෙළපතේ පැටිකිරිය හෙළිවේ. යක්‍ෂ ගෝත්‍රයේ ඇදවැටීම සඳහන් රක්‌ඛ ඉලෝතිලෝව පුරාණ පුස්‌තකය අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි. ඔහු සහ අනුගාමිකයෝ ඉන්දියානු සාගරයේ වෙළෙඳ නැව් මංකොල්ලකෑමේ යෙදී ඇති අතර, මහාකාල හෙවත් කාලබද්‍ර හෙවත් සතිස්‌කාල රජ විජය ලක්‌දිවට පැමිණෙන විට මෙරට අනුරාධපුර ප්‍රදේශයේ රජුවේ.

උහුදාරක ප්‍රවේණියෙන සතිස්‌කාල රජත බලපතිවී
(උපුටා ගැනීම – පරිගපූර්ණිකාව පුස්‌කොළ ග්‍රන්ථය)

ඉපැරණි රක්‌ඛ ඉලෝවිලෝව පුස්‌කොළ ග්‍රන්ථයකට අනුව ලංකාවේ අනුරාධපුරයේ රජු කාලභද්‍ර වන අතර ලංකාවේ වෙළෙඳ නැව් මංකොල්ලකෑ විජය ඇතුළු ආක්‍රමණිකයන් කුවේණිය හෙවත් මහාපාලි නම් තරුණ රණකාමී සෙම්පතිනියක්‌ යොදවා විජය ඇතුළු 700 ක්‌ අත්අඩංගුවට ගනු ලබයි. බුද්ධ පරිනිර්වානය සිදුවී තිබුණ මේ යුගයේ මොවුන් එළිමහන් සිරකඳවුරක රඳවා තැබූ අතර, විජය සහ කුවේණි (මහාපාලි) හමුවූ පොකුණ අදත් මානෑකන්දේ පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌නොවී විනාශ වෙමින් පවතී. මේ පොකුණ දැනට හඳුනා නැති රිටිගල පොකුණට වඩා විශාලත්වයෙන් වැඩිය. මෙම පොකුණ පිහිටි භූමිය රාවණා යුගයෙන් පසු නීලගිරිය ලෙස වරිගපූරණිකාවේ සඳහන්වේ. නිලගිරිදේශය (මානෑව කඳුවැටිය) උපුටා ගැනීම යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු – ත්‍රිපිඨවේදී මානෑවේ විමලරතන හිමි,
කුවේණිය රවටාගත් විජය සිරිසවස්‌ථපුරයේදී කුවේණියගේ ද සහයෙන් කලාභද්‍රද මැරූ බව මහාවංශය තහවුරු කරයි. යම් යම් තොරතුරු එකඟවිය නොහැකි වුවත් විජයගෙන් සිදුවූ ආක්‍රමණයේදී යක්‍ෂ වංශයට බරපතල හානි සිදුවී ඇති බවට අපගේ පර්යේෂණ තුළින් තහවුරු වී ඇත. එබැවින් විජය යනු ලංකාවේ පාලනයට කිසිදු උරුමයක්‌ නොමැති පරදෙස්‌ ආක්‍රමණිකයෝ බව නොපැළිගැනීම ජාතියේ අවාසනාවකි. විජය පැමිණීමට ප්‍රථම මෙරට ම්ලේච්ඡ, වනචාරී, ගෝත්‍රික ජනයා විසූ බවට ප්‍රචාරය කරන ලද්දේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ මතවාද හිස්‌ මුදුනින් පිළිගත් ඇතැම් වංශ කථාකරුවන්ය. නමුත් විජය පැමිණීමට ප්‍රථම මෙරට උද්‍යාන, ප්‍රාසාද (දැවැන්ත මාළිගා), අක්‌ෂරක්‍රම, යානා තාක්‍ෂණ සහ චාරිත්‍ර වාරිත්‍ර, හෙළ සංස්‌කෘතිකාංග පැවැති බවට අප්‍රමාණ සාක්‍ෂි ඇත. රාවණ යුගයේ මහමෙවුනා උයන, මහාමේඝ වන උයන ලෙස හඳුන්වා ඇති අතර, එයට හේතුව වන්නේ රාවණාගේ දෙටුපුත් මේඝ නාද (උපේන්ද්‍රමිණික ලෙස රක්‌ඛ විජලකාව පුස්‌කොළ ග්‍රන්ථයක සඳහන් වේ.) මොහු උත්පත්තිය ලැබුවේ මෙම අලංකාර උද්‍යානයේය. එබැවින් මෙය මේඝ වනය නම් විය. මෙහි පිහිටා තිබූ කාල ප්‍රාසාදය විජය පැමිණෙන විට මෙරට පාලකයකු වූ මහාකාල යක්‌ රජුගේ මාළිගාව පිහිටියේ ද මෙම භූමියේය. එA බව මහාවංශයේ කාල ප්‍රාසාදයක්‌ ගැන හා මේඝ වනයක්‌ ගැන ලියවී ඇති ගාථාවන්ගෙන්ම පැහැදිලිවේ.
තවද මහින්දාගමනය සිදුවන විට ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි පැවැති බවට පැහැදිලි සාධක මහාවංශයෙන්ම පෙන්වා දිය හැක.

තං නන්දනා දක්‌ණේය නයං ථෙරං රථෙසහෝ
ඹහාමේඝවනුයHdනං පාචිනද්වාරකං නයි
තත්ථ රාජඝරේ රම්මේ මඤ්චපීඨානි සාධුකං
(උපුටා ගැනීම – මහාවංශය 15 පරි. 11 ගාථාව)

මහාමේඝ වනය හා මෙම රාජ ගෘහය පිළිබඳ ලිත සාධක මහාවංශයේම තිබීම ඉතිමහාසගවේශකයන්ට දේවානම් පියතිස්‌ස රජ යුගයේ ගොඩනැඟිsලි තිබූ බවට හා මේඝ වනය ලෙස හැඳින්වීම පිළිබඳ පැහැදිලි සාධකයකි.
මිහිඳු මහරහතන් වහන්සේට වාසස්‌ථානයක්‌ ලෙස මුලින්ම ලබාදී ඇත්තේ ද මෙම රමණීය රාජගෘහය වීම ආශ්චර්ය ජනකය. මහාවංශය 15 පරි. 11, 13 ගාථාවන් අධ්‍යයනයෙන් මෙම තොරතුරු ලබාගත හැක.)

එබැවින් මිහිඳු මා හිමියන් මෙරටට පැමිණෙද්දී ද ගොඩනැඟිලි නොපැවතියේ යෑයි පුහු තර්ක මතු කිරීමට විජය පරපුරට නොහැකි වනු ඇත. මෙරට ආක්‍රමණික වූ විජය විසින් ඝාතනය කළ මහාකාල (කාලභද්‍ර රජු) පසුකාලීනව කාල ප්‍රාසාදය පිහිටි වර්තමාන ජයශ්‍රීමහා බෝධි වහන්සේ ද පිහිටා ඇති මෙම භූමියේ කළු බණ්‌ඩාර දේවතාවා ලෙස වන්දනා මානයට ලක්‌වීම මොනතරම් ආශ්චර්යජනකද? එබැවින් ඉරුගල් බණ්‌ඩාර (රවි ශෛලාස පරපුර) කාලභද්‍ර යක්‌ රජු මරණින් පසු නෑයකුන් පිදීමේ සම්ප්‍රදාය අනුව යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් ජයශ්‍රීමහා බෝධි ආරක්‍ෂක දේවතාවා ලෙස ගෞරවාදරයට පත්කර ඇත. නමුත් අවාසනාවකට කළු බණ්‌ඩාර දේවතාවා එළාර රජු යෑයි පවසමින් ඉතිහාසය නොදත් ලිපිකරුවන් විසින් සමාජයට හඳුන්වාදීම කෙතරම් අවාසනාවක්‌ද?

ජාතිය පාවාදීමක යෙදුණු ලාබාල වියේ පසුවූ කුවේණිය හෙවත් මහාපාලිය අවසානයේ අත්කරගත් ඉරණම ද යකුන් දෙස්‌ තැබූ යක්‌දෙස්‌සාගල පුවතින් තහවුරුවේ. වර්තමාන කුරුණෑගල, විල්බාව ග්‍රාමයේ විලබාව රජමහා විහාරයේ පත්තිනි දේවාලය පිහිටා ඇති ගල්කුළු අසලදී කුවේණියගේ දිව කපා එක්‌ අතුල් පහරින් මරණයට පත් කළ ප්‍රතාපවත් යක්‌ පරපුරේ නරපතීහු විජයගේ දරුවන් පවා ජාතියට වැද්ද නොගත්හ. ජීවහත්ථ, දිසාලා ලෙස හඳුන්වන විජයට හා කුවේණියට දාව ඉපදුණු දරුවන් සමාජයට වැද්ද නොගත් යක්‍ෂ වංශය ඔවුන් සබරගිරි දේශයට පලවා හැරියහ. ඉන් පුලින්දයන් හෙවත් වැදි ජනයා ඇතිවූ අතර, විජාතික ලේ උරුම වැදි ජනයාගෙන් සිංහලයන් පැවත එනවා යෑයි පුහුතර්ක ඉදිරිපත් කරන්නන්ට ද බටහිර ඉතිහාසය මත ඉදිරිපත් කරන්නට ද දිය හැකි පිළිතුර වන්නේ නොදියුණු වැද්දන්ගෙන් හෙළ ජාතිය නොපැවතුණු බවය. නමුත් වැදි ජනයා ඔවුන්ගේ මුතුන්මිත්තන් රන් ආභරණ පැළඳි, ප්‍රාසාදයන්හි ජීවත්වූ දියුණු ජාතියක්‌ බව පෙන්වා දෙයි. එයට හේතුව වනුයේ කුවේණිය පාර්ශ්වයෙන් ජීවහත්ත, දිසාලාට ලැබුණු යක්‍ෂ ලේ උරුමය නිසාය. ඔවුන් මුතුන් මිත්තන් පිදීම (මළවුන් පිදීම) නෑ යකුන් පිදීම, බුදු දහම වැළඳ ගැනීම, යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් ලැබුණු ආභාෂය තුළින් අද දක්‌වාම කරගෙන යනු ලබයි.

බටහිර ඉතිහාසකරුවන් මෙරට හෙළ ජන සමාජය වැද්දන්ගෙන් හා විජයගෙන් පැවත එනවා යෑයි මෙරට අධ්‍යාපන ක්‍රමය තුළට එAත්තු ගන්වා ඇත. නමුත් ශ්‍රී රාවණා පරපුර කිසිවිටෙකත් මෙවැනි ඉතිහාසයකට පැවැත්මක්‌ ලබා නොදෙනු ඇත. මුනිදාස කුමාරතුංගයන්, අරිසෙන් අහුබුදු සූරීන් ඉදිරිපත් කළ මත අනාගතයේ මොහොන්දේජාරෝ හරප්පා, සුමේරියානු, මෙක්‌සිකෝ, මායා ශිෂ්ටාචාර ඉතිහාසය මතුවීමත් වැළලී ගිය ශ්‍රී රාවණ ඉතිහාසය හා හෙළ යුගය මතුවීම ද කිසිවෙකුටත් නොවැළැක්‌විය නොහැක.